පොඩ්ඩො ඉන්න ගෙවල්වල තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමා එයාලා කෑම කන්නෙ නැති එක. බත් කවන්න ගියහම ලොකු යුද්ධයක් වගේ. ඉතිං අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නය ත...
පොඩ්ඩො ඉන්න ගෙවල්වල තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමා එයාලා කෑම කන්නෙ නැති එක.
බත් කවන්න ගියහම ලොකු යුද්ධයක් වගේ.
ඉතිං අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කොහෙමද මේ පොඩ්ඩන්ගේ බඩවල් පුරවන්නේ කියලා
අපි හිතුවා පොඩ්ඩන්ගේ බඩට බත් හුරුකරන්න පුළුවන් වෙනම විදිහෙ කෑම ජාති කීපයක් හදන විදිහ කියලා දෙන්න.
මේවා එයාලා ආසාවෙන් කනවා අනිවාර්යයෙන්ම.
චීසි රයිස් බෝල්ස්
මේක එයාලට බත් කවන්න පුළුවන් සුපිරි ක්‍රමයක්.
මේකෙ රස වගේම හැඩේ නිසා එයාලා ආසාවෙන් කාවි.
මෙන්න මේවා තමා ඕනකරන්නේ
1. පිසගත් බත් කෝප්ප 1
2. නිවිති කොළයක්
3. බිත්තර 1
4. මොසරැල්ලා චීස් ටිකක්
5. තම්බපු අල හෝ වට්ටක්කා ටිකක්
6. පාන් කුඩු
7. බිත්තරයක්
8. ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව
• පාන්කුඩු සහ බිත්තරය හැර අනිත් සේරම කලවම් කරලා හොඳින් අනාගෙන පොඩි බෝල හදාගන්න.
• හදාගත් බෝල ටික බිත්තර සාරුවල දවටා පාන් කුඩු තවරාගන්න. දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.
රයිස් ඔම්ලට්
ඔම්ලට් කන්න කවුද අකමැති,ඒ වගේම තමයි පොඩ්ඩොත් ඔම්ලට් වලට හරි ආසයි.
මේ ක්‍රමයත් නරකම නෑ
මෙන්න ඒ රෙසිපි එක.
1. පිසූ බත් කෝප්ප 1
2. බිත්තර 2
3. තම්බාගත් අල ටිකක්
4. චීස් ටිකක්
• මේ සියල්ලම එකට එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් මේක බටර් ගාගත් පෑන් එකකට දාලා ඔම්ලට් එකේ දෙපැත්තම ෆ්‍රයි කරගන්න.