දියුණු වෙන්න කවුද අකමැති නේද? හැමෝම උත්සහ කරන්නේ දියුණු වෙලා සැප ජීවිතයක් ගත කරන්න. අන්න ඒ නිසා අපි හිතුවා, කෙනෙක්ට ස්වෝත්සාහයෙන් දියුණුවෙන්...
දියුණු වෙන්න කවුද අකමැති නේද?
හැමෝම උත්සහ කරන්නේ දියුණු වෙලා සැප ජීවිතයක් ගත කරන්න.
අන්න ඒ නිසා අපි හිතුවා, කෙනෙක්ට ස්වෝත්සාහයෙන් දියුණුවෙන්න ඕන කරන ඉඟි ටිකක් කියලා දෙන්න.
උනන්දුවෙන් වැඩකරන්න.
දියුණ වෙන්න ඕන නම් ගොඩාක් වැඩ කරන්න වෙනවා උනන්දුවෙන්.
කම්මැලිකම් ගෑවෙන්නවත් බෑ.
අරමුණ වෙනුවෙන් වැඩකරන්නම වෙනවා.
මේ වෙනුවෙන් ඉතිං කැපකිරීම් කරන්න සිද්ධවෙනවා.
සරලවම කියනවා නම් කාර්යක්ෂමව වැඩකරන්න ඕන. ඒ කියන්නේ ඔයා ගොඩාක් වේගයෙන් වැඩ කරන්න ඕන.
කරන වැඩේ ස්මාර්ට් වෙන්න ඕන
ඒ කියන්නේ මෙහෙම
උදාහරණයක් ගමු. දැන් ඔන්න වඩු ශිල්පියෙක් ඉන්නවා. එයා ඉගෙන ගත්තු මූලික කැටයම් රටා හයක් තියෙනවා.
දැන් එයා අතිශය මහන්සියෙන් දවස පුරා වැඩ කරලා, ඔය කැටයම් රටා හය මාරුවෙන් මාරුවට කැටයම් කරපු මේස හදනවා.
හැබැයි මනුස්සයා ස්මාට් විදියට වැඩ කරන්නත් දන්නවා. ඒ නිස එයා මහන්සියෙන් වැඩ කළාට, තමන්ගේ කාලය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරනවා.
එතකොට එයාට ගෙදර ගිහින් රිලැක්ස් එකේ ඉන්නත් වෙලාව තියෙනවා.
මෙහෙම මහන්සියෙන් වැඩේ කරගෙන යනකොට හොඳට සල්ලි හම්බු කරන්නත් ලැබෙනවා. හැබැයි ඒ විතරක් ප්‍රමාණවත් ද?
ඇත්තටම නෑ. මෙතනදී අපි වර්ක් ස්මාට් කියන්නේ තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවය ළඟා කරගන්න ස්මාට් විදියට වැඩ කිරීමට එහා ගියපු දෙයක්.
උදාහරණයක් කිව්වොත්, අර ඉගෙන ගත්තු මූලික කැටයම් රටා හයෙන් එහාට ගිහින් තව අළුත් කැටයම් රටා නිර්මාණය කරන්න එයාට පුලුවන් නම්, අඩු තරමෙන් ඒ කැටයම් රටා මිශ්‍ර කරලා නව රටා ඉදිරිපත් කරන්න පුලුවන් නම්, එයාට දක්ෂ වඩු ශිල්පියෙක් කියන තැනින් එහාට යන්න පුලුවන්.
සල්ලි වලට අමතරව තමන්ගේ නම වෙනස් දෙයක් ලෝකෙට දායාද කරපු වඩු ශිල්පියෙක් විදිහට ඉතිහාසගත කරගන්නත් පුලුවන් වෙනවා.
ඇත්තටම සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව සල්ලි හොඳට හම්බු කරන වඩු ශිල්පීන් ඕන තරම් ඉන්නවා.
දිගටම ඉගෙන ගමු
දැන් අපි කතා කරපු වර්ක් ස්මාට් කියන තැනටත් අත්‍යවශ්‍ය දෙයක් තමයි, තමන්ගේ දැනුම නිරන්තරයෙන්ම යාවත්කාලීන කර ගැනීම.
ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලෝකේ එක තැන නතර වෙලා තියෙන්නෙ නැහැනේ.
ලෝකේ ඉස්සරහට යනවා. එතකොට දැනුමත් අලුත් වෙනවා. හැබැයි අපි ඒ අලුත් වෙන දැනුම ලබාගන්නේ නැතිනම්, අපිට එක තැනක නතර වෙලා තමයි ඉන්න වෙන්නේ.
ඒත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පිපාසයක් තියෙනවා නම්, එහෙම කෙනෙක්ට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්.
ඒ වගේම තව දෙයක්. අලුත් දැනුම වගේම, පැරණි දැනුමත් ලබාගැනීම අවශ්‍යයි.
අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්නේ පැරණි දැනුම මතයි. ආන්න ඒ නිසා, සෙල්ෆ් මේඩ් මනුස්සයෙක් මේ නොනැවතී ඉගෙන ගැනීම කියන එකටත් කාලය වෙන් කිරීම අත්‍යවශ්‍යයි.
මේ වගේ තව ටිප්ස් තියෙනවා.
ඊළඟ දවසේ ඒ ටික කියන්නම් අද මේ ටික කරලා බලන්නකො.
කොහෙම හරි රටේ ලෝකේ නම තියන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක් වෙන්න.