හිත මහ පුදුම තැනක්, ඒක අපිට ඕන විදිහට පාලනය කරගන්න පුරුදු වුනොත් හරිම ලේසියෙන් හිත එක්ක වැඩ කරන්න පුළුවන්. ජීවිතේ සමහර අවස්ථා එනවා අපි වැටෙන...
හිත මහ පුදුම තැනක්,
ඒක අපිට ඕන විදිහට පාලනය කරගන්න පුරුදු වුනොත් හරිම ලේසියෙන් හිත එක්ක වැඩ කරන්න පුළුවන්.
ජීවිතේ සමහර අවස්ථා එනවා අපි වැටෙන. විවිධ දේවල් නිසා අපේ ජීවිතේ රිද්මය අඩු වුනහම අපි මන්දගාමි වෙනවා.
මෙන්න මේ වෙලාවට අපිට පිහිටට ඉන්නේ අපේ හිත නැත්නම් මනස තමයි.
හදිසියේ මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්න එක්ක ගොඩාක් අය මේ විදිහට පසුගාමී වෙනවා.
ඒ නිසා අපේ මානසික මට්ටම ශක්තිමත්ව තියාගන්න ඕන.
දන්නවද මානසික ශක්තිය එහෙමත් නැත්නම් Mental Strength කියන්නේ ඕනෙම කෙනෙක්ගේ success එකට, life එකට විශාල ලෙස බලපාන සාධකයක්.
තීරණයක් ගන්න, ජීවිතයට මුහුන දෙන්න සහ හොඳ නරක තෝරා ගන්න අපිට හොද මනසක් තියෙන්න ඕනේ.
නැතිනම් අපිට හරි තීරණයක් ගන්න බැරිව ලතැවෙන්න වෙනවා.
හොඳට බලන්න සමාජයේ කී දෙනෙක් ඉන්නවද කියලා මනසින් බිඳවැටිලා ජීවිතේ අවුල්කරගත්ත.
මේ කියන්න හදන්නේ මානසික ශක්තිය වැඩි කරගන්න පුළුවන් ක්‍රම ටිකක්.
හිතේ ස්භාවය දැනගන්න
ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ හිත ක්‍රියාත්මක වෙන විදිය.
මොකද ඒ අනුව තමයි ඔයත් වැඩ කරන්නේ
ඉතින් හිතේ remote එක ළඟ තිබ්බම ඔයාට පුළුවන් වෙනවා හිත control කරගන්න.
උදාහරණයක් විදිහට ඔයා ආසම කෑමක් ඔයා දකිනවා.
අන්න එතකොට එතකොට කලින් තිබ්බේ නැති ලොකුම ලොකු බඩගින්නක් ඔයාට එනවා.
හිත කියන්නෙම කෑම එක කන්න කියලා.
එතකොට ඔයා පුරුදු වෙන්න ඕනේ ඒවා නොකා ඉන්න.
ඔයාගේ හිත control කරගන්න
ඒවගේ හිත කරන්න කරන්න කියලා දෙයක් ගැන කියනකොට ඔයාට පුළුවන් වෙන්න ඕන ඒ දේවල් නොකර ඉන්න.
අන්න ඒකට ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕන.
ඒ කියන්නේ ඔයා හිතන මාතෘකාව වෙනස් කරන්න. බඩගින්න ගැන නොහිතා වෙන දෙයක් ගැන හිතන්න.
අන්න ඒ විදිහට හිත පාලනය කරගන්න පුරුදු කරන්න
වැරදුනාට වුණාට දුක් වෙන්න එපා
සාමාන්‍යයෙන් ඕනම කෙනෙන්ට වැරදීම් සිද්ධ වෙනවා.
ඒක ඉතිං ස්භාවිකයි. එ නිසා දෙයක් වැරදුනාට අසාර්ථක වුනාට ඒ ගැන හිත හිත දුක් වෙන්න එපා.
හොඳට මතක තියාගන්න ලෝකේ පළමුවෙනි කෙනා ඔයා නෙමෙයි ඔහොම දේවල්වුන.අන්න ඒ නිසා ශක්තිමත් වෙන්න හිත දැඩි කරගන්න.
මෙන්න මේ පුංචි ක්‍රම ටිකට අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න.
හිතට ඔයාව පාලනය කරන්න දෙන්න එපා.
ඔයා හිත පාලනය කරන්න. එතකොට ඔයාගේ සාර්ථකත්වය සිකුරුයි.