විශ්ව ආකර්ෂණ නීතිය මගින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් විදිහ ගැන අපි ලිපි දෙකකින් ඉඟි දෙකක් කියලා දුන්නා. මේ කියන්න හදන්නේ තුන්වෙනි ඉගිය. මේක...
විශ්ව ආකර්ෂණ නීතිය මගින් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් විදිහ ගැන අපි ලිපි දෙකකින් ඉඟි දෙකක් කියලා දුන්නා.
මේ කියන්න හදන්නේ තුන්වෙනි ඉගිය.
මේකට කියන්නේ වළාකුළු ක්‍රමය කියලා.
මේ ක්‍රමය විශේෂයෙන්ම ගැලපෙන පිරිසක් ඉන්නවා.
මෙන්න මේ අය තමයි ඒ්
ආදරේ කරන අයට, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමන්ගෙ සිතුම් පැතුම් ඉෂ්ඨ කරගන්න පුලුවන් ක්‍රමයක් කියලයි මේ ගැන සඳහන් වෙන්නේ.
අපි බලමු දැන් කොහොමද මේ වළාකුළු ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කියලා.
මේ ක්‍රමයෙදි මුලින්ම ඔයා පහසුවෙන් ඉඳගන්න ඕනේ.
ඊළඟට හිස් කොළයක් හා පෑනක් හෝ ප්ලැටිග්නම් එකක් ගන්න.
පෑන හෝ ප්ලැටිග්නම් එක රතු හෝ නිල් පාට වෙන්න ඕනේ.
දැන් ඔයාගේ ක්‍රෂ් එක නැත්නම් ඔයා ආදරය කරන්න බලාපොරාත්තු වෙන කෙනාගේ රූපයක් අඳින්න.
දැන් හිතයි මම කෙහොමද ඒ් රූපේ අඳින්නේ කියලා.
කළබල වෙන්න එපා.
පුළුවන් විදිහට අඳින්න. ඇඳලා රූපෙ යටින් එයාගේ නම ලියන්න.
ඊට පස්සේ නමට යටින් ඉරි 3ක් අඳින්න.
දැන් රූපෙට එහා පැත්තෙන් වලාකුලක් ඇඳලා ඒකෙ ඔයාට ඉටුවෙන්න ඕනේ කාරණාව ලියන්න.
දැන් ඊට යටින් ඔයාගෙ නම ලියලා ඉරි 3ක් අඳින්න.
ඊට පස්සේ වලාකුළ හා ඔයා බලාපොරොත්තු වෙන කෙනා සම්බන්ධ වෙන්න තිත් පේලියක් අඳින්න.
ඒක තිත් 6කින් අඳින්න.
දැන් කොළේ ඔයාලේ පැත්තට තුන් පාරක් නවලා ඇස් වහන් ඔයාගේ කාරණාව ඉටුවෙලා තියෙන විදිය විශුවලයිස් කරන්න.
කලිනුත් කිව්වේ සංකල්ප රූප මවන්න.
දැන් මේ කොළේ කොහෙහරි අරන් තියන්න.
ඔයාගේ ආදරනීය බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.දැන්
බලන්න විශ්වය ඔයගේ ආයාචනයට සවන් දෙනවා සිකුරුයි.
ඔයාගේ ආදර හීනය ඔයාගේ ඇස් මනා පිට සඵල වේවි.
හැම නිතරම විශ්වයට ස්තූතිවන්ත වෙන්න අමතක කරන්න එපා.