පොඩි කාලේ ඉඳලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි උදේම නැගිටින එක. පාඩම් කරන්න,වැඩට යන්න,කෑම උයන්න ඔය විදිහෙ එක එකහේතු නිසා අපි උදේට නැගිටිනවා. ම...
පොඩි කාලේ ඉඳලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි උදේම නැගිටින එක.
පාඩම් කරන්න,වැඩට යන්න,කෑම උයන්න ඔය විදිහෙ එක එකහේතු නිසා අපි උදේට නැගිටිනවා.
මොනව වුනත් අපි වැඩි අවධානයක් යොමු නොකලට උදේම අවදිවෙන එක වගේම ඒ් අවදිවෙන මෙහොත ඔයාගේ දවසම තීරණය කරන සාධකයක්.
මේ කියන්න හදන්නේ ඔයා මොන හේතුවක් නිසා අවදිවුනත් කරනන්ම ඔින දේවල් ටිකක්.
හොඳ වතුර එකක් බොන්න
උදෙන්ම නැගිටලා පිරුණු වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න.
මේකට වොටර් තෙරපි කියලා කියනවා.
මේ විදහට වතුර එකක් බොන්න පුරුදු වුනහම විජලන තත්වය නැතිවෙලා ඇඟට පණක් ලැබෙනවා.
ඒ වගේම උදෑසන ආහාරයෙන් ඇඟට එන කැලරි ප්‍රමාණය අවම කිරීමට, විෂබීජ නැසීමට, මානසික සුවයට වගේම පරිවෘත්තීය ක්‍රියාවට ගොඩක් වැදගත්.
දවස සැලසුම් කරමු
තියෙන වැඩ එක්ක අපට සමහර වෙලාවට කරන්නම අවශ්‍ය දේවල් මගහැරෙනවා.
අන්න ඒ් නිසා උදේම මතක් කරගන්න අද දවසේ කරන්නම ඹ්න වැඩටික.
එකින් එක පොඩි පොතක ලියන්න.
දවස මාරම පහසුවෙන් ගෙවන්න පුළුවන් වෙයි.
කැමති සිංදුවක් අහන්න
මනස බොහොම ප්‍රබෝධයෙන් තමයි උදේ අවධි වෙද්දි තියෙන්නේ.
පොඩිවත් කම්මැලිකමක් එන්න දෙන්න එපා.
මේකට හොඳම ටිප් එකක් තමා ලස්සන සින්දුවක් අහන එක
නැත්නම් මියුසික් ට්‍රැක් එකක් අහන එක.
යූ ටියුබ් සර්ච් කරානම් මේවා හොයගන්න පුළුවන්.
ව්‍යායාම කරන්න
මේක බොහෝ දෙනෙක් කරන හැබැයි හරියට අවබෝධයෙන් නොකරන දෙයක්.
ඒ් නිසා ව්‍යායාම කරද්දි කමන්ට ගැලපෙන ප්‍රමාණයෙන් වගේම ගැලපෙන පීඩනයෙන් කරන්න
එතකොට ඇඟට ලොකු සහනයක් ලැබේවි.
ආගම සිහිපත් කරන්න
ඔයා අදහන ආගම මොකක් වුනත් උදේ පාන්දරම පිරිසිදු වෙලා ආගම සිහි කරන එක අතිශය වැදගත් දෙයක්.
එහිදී විශ්වයේ ආශිර්වාදයත් ඔයාගේ ජීවිතයට ලැබෙනවා සිකුරුයි
උදෑසන ආහාරයත් අවශ්‍යයි
කොයිතරම් වැදගත් දෙයක්ද උදේ කෑම කියන එක.
අන්න ඒ් නිසා කොච්චර වැඩ තිබ්බත් අනිවාර්යායෙන්ම උදේ කෑම එක වෙලාවට ගන්න
කන්න කැමති දෙයක් ගන්න.
කවදාවත් අකමැති දෙයක් කාලා දවසම අවුල් කරගන්න එපා.