ලෝකය බිහිවුනු දවසේ ඉඳලා වතුරයි කාගෙත් මිතුරා සැමදා .. වතුර කියන්නේ ඒ් තරමටම ජීවිත එක්ක බැඳුනු දෙයක්. මේ ලෝකෙ ඉන්න සෑම ජීවියෙකුටම වතුර කියන්...
ලෝකය බිහිවුනු දවසේ ඉඳලා
වතුරයි කාගෙත් මිතුරා සැමදා ..
වතුර කියන්නේ ඒ් තරමටම ජීවිත එක්ක බැඳුනු දෙයක්.
මේ ලෝකෙ ඉන්න සෑම ජීවියෙකුටම වතුර කියන්නේ හුස්ම වගේම වැදගත් දෙයක්.
ඉතිං අපි හිතුවා හොඳටම වහින මේ දවස්වල වැස්ස ගැන කතා කරන්න.
මොකද බලන බලන අහන අහන තැන මේ දවස්වල ලෙඩ
වැස්ස නේ .. හරි අමාරුයි සෙම වැඩිවෙලා.
ගොඩාක් අයගේ උත්තරේ ඒකයි.
ඒත් ඉතිං අපිට පුළුවන්ද වැස්ස නවත්තන්න. බෑ නේ .
ඒ්ත් අපිට පුළුවන් අසනීප වෙන එක වලක්වගන්න.
මේ කියන්න හදන්නේ ඒ් ගැන.
සල්ලි අමාරුකම් තියෙන මේ දවස්වල මේ ටිප්ස් ටික මාර වැදගත් වේවි.
1. වැස්සෙන් ඔළුව බේරගන්න
එළියට යනවා නම් මේ දවස්වල අනිවාර්යයෙන්ම කුඩයක් අරන් යන්න.නැතිනම් රේන් කෝට් එකක්ත අරන් යන්න.
පොඩ්ඩක්වත් තෙමෙන්න එපා. හෙම්බිරිස්සාවක් හැදුනොත් ඔයාගේ ඇඟ දුර්වල වෙන්න පටන් ගන්නවා. අන්න ඒ් නිසා ඔළුව පරිස්සම් කරගන්න
2. විටමින් C ගන්න
සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුණා ම, විටමින් C පෙත්තක් බොන පුරුද්දක් අපේ අය අතරේ තියෙනවා.
දොස්තර මහත්තුරු පවා ලෙඩාට දෙන බෙහෙත් වට්ටෝරුවේ ඕක සඳහන් කරනවා. හැබැයි ගොඩක් පර්යේෂකයෝ කියන්නේ විටමින් C කියන්නේ හෙම්බිරිස්සාව හොඳ කරන්න පුළුවන් බෙහෙතක් නෙවෙයි කියලා.
ඒ මොනවා වුණත්, විටමින් Cවලට පුළුවන් ඇඟේ ප්‍රතිදේහ ප්‍රාණවත් කරන්න. ඔය ප්‍රතිදේහවලින් ගේම ගහල තමයි අපේ ඇඟට එන ලෙඩ සනීප කරවන්නෙත්.
ඒ නිසා මේ දවස්වල වැඩියෙන් විටමින් C ඇඟට දාගන්න පුළුවන් නම් හොඳයි.
3. වැස්සකට අහු වුනොත් ඉක්මනින් නාගන්න
වහින වෙලාවල් ගැන අපිට ඉතිං කලින් දැනගන්න බෑනේ.
වැරදිලා හරි වැස්සකට අහුවුනොත් ඉක්මනින්ම නාගන්න හොඳට.
නාලා ඉවරවෙලා හොඳින් කොන්ඩෙ පිහිඳගන්න. එතකොට හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැතිව බේරෙන්න පුළුවන්.
4. රස්නෙන් බොන්න
උණු බීමක්, විශේෂයෙන් ම සුප් වගේ දෙයක් මේ කාලෙට බොන එක ගොඩක් හොඳයි. ඒකෙන් ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගන්න උදව් කරනවා වගේ ම, ඇඟට ඕනේ කරන පෝෂ්‍ය පදාර්ථ ලබාදෙනවා.
ඒ් වගේ ම නිතර මුත්‍රා පිටවීම මගින් ඇඟ ඇතුලෙ තියෙන වෛරස් පවා ශරීරයෙන් පිටවෙන්නත් මේ විදිහට දියර වර්ග භාවිතය රුකුලක් වෙනවා.
5. පිරිසිදුවට ඉන්න
අපෝ..... සීතලයි කොහොමද වතුර අල්ලන්නේ ..
මෙහෙම කිය කිය ඇඟක් පතක් හෝදන්නේ නැතුව ඉන්න එහෙම එපා.
වැස්ස කාලෙට විතරක් නෙවෙයි, හැමවෙලාවේ ම පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න තරමට ලෙඩ හැදෙන එක අඩු කරගන්න පුළුවන්.
6. කන බොන දෙයක් ගෙදරින් ගන්න
මේකත් බොහොම වැදගත් කාරණයක්. මේ දවස්වල ඔයාලට බඩගිනි වෙනවත් වැඩි ඇති. මොකද වෙනදට වඩා ආහාර ප්‍රමාණයක් ඇඟේ උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගන්න වැය වෙනවා. ඒ නිසා හොඳින් කාලා බීලා ඉන්න එක වැදගත්.
හැබැයි ටිකක් පරිස්සමෙන්.
වැස්ස වැඩිවීමත් එක්ක මේ දවස්වල වතුරෙන් බෝවෙන රෝග (කොළරාව) ව්‍යාප්ත වෙන්නේ හරි ම ඉක්මනට.
ඒ නිසා කෑම පිටින් ගන්න එක ටිකක් අඩු කරලා, ගෙදර හැදෙන කෑම ගන්න පුළුවන් නම් තමයි හොඳ. මොනවා වුණත් ගෙදර හැදෙන කෑම එකේ පිරිසිදුකම ගැන ෂුවර්නේ.
6. වටපිටාව පිරිසිදුව තියාගන්න
ආරංචියි නේද, මේ දවස්වල තියෙන ඩෙංගු වසංගතේ කරලා තියෙන හරිය ගැන? එහෙනම් වටපිටාව පිරිසිදුව තියාගන්න තවත් හේතුවක් ඕනේ නැහැනේ.
වැස්ස තුරල් වෙන වෙලාවක් බලලා ඔය මදුරුවෝ බෝවෙන තැන් ටික සුද්ද කරලා දාන්න මතක ඇතුව.
ඩෙංගු විතරක් නෙවෙයි, බරවා වගේ මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩරෝග ගාණක් මේකෙන් වලක්වගන්න ඇහැකි. මදුරු දැල් පාවිච්චිය, මදුරු දඟර පාවිච්චිය මඟින් මදුරුවන් දෂ්ට කිරීම වළක්වන්නත් මේ දවස්වල කටයුතු කරන්න ම ඕනේ.
මෙන්න මේ ටික හරියට කලොත් ඔයාට පුළුවන් වැස්ස දවස්වල ලෙඩ වලින් බේරෙන්න.