දන්න කියන තැනක් ගැන අපූරු කතාවක් අද කියන්න යන්නේ. මේ නම කිව්ව ගමන් ඔයාලගේ කටට කෙළ උනනවා සිකුරුයි. ඒ් තමයි KFC KFC කිව්වම ඉතිං කව්ද නොදන්...
දන්න කියන තැනක් ගැන අපූරු කතාවක් අද කියන්න යන්නේ.
මේ නම කිව්ව ගමන් ඔයාලගේ කටට කෙළ උනනවා සිකුරුයි.
ඒ් තමයි KFC
KFC කිව්වම ඉතිං කව්ද නොදන්නෙ?
KFC කියන්නෙ ඇමරිකානු fast food restaurant ජාලයක්
මේ KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ වෙන්නෙ කර්නල් හාලන්ඩ් සැන්ඩර්ස් (Colonal Harland Sanders) කියන කෙනා.
එයා 1890 සැප්තැම්බර් මාසෙ තමයි ඉපදෙන්නේ.
වයස අවුරුදු 6දි එයාගේ පියා මිය යාමත් එක්ක මුළු පවුලේම බර සැන්ඩර්ස්ගෙ අම්මගෙ කරමත පැටවුනා.
ගෙදර ප්‍රශ්ණ විසඳන්න මෙයත් අම්මා එක්ක එකතුවෙනවා
වයස අවුරුදු 7ක් වගේ පුංචි වයසේ ඉඳන්ම අම්මා සැන්ඩර්ස්ට කෑම උයන්න උගන්නනවා.
අන්න එහෙම තමයි සැන්ඩර්ස් ඉවුම් පිහුම් කලාව ගැන ඉගෙන ගන්නෙ.
1929 දි තමයි සැන්ඩර්ස් ඔහුගේ පළවෙනි අවන්හල ආරම්භ කරන්නෙ.
ඒ Kentucky කියන ප්‍රදේශයේ service station එකක් ළඟ.
එතැනදී තමයි ඔහු මුලින්ම අර පුංචි කාලෙ අම්මගෙන් ඉගෙන ගත්ත චිකන් එක හදලා විකුණන්නේ. ඒ චිකන් එකේ රස නිසාම ඒ අවන්හල ප්‍රසිද්ධියට පත්වෙනවා
ඒ වගේම ඔහු අවුරුදු හතරකට පස්සේ එතනම පාරෙන් එහා පැත්තේ ටිකක් විශාල තැනක් මිලදී අරගෙන් අවන්හල විශාල කරන්නත් සමත් වෙනවා.
මේ චිකන් ඩිෂ් එකේ රස නිසාම එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඔහුට Kentucky Colonel කියන නාමයත් ප්‍රධානය කරනවා.
1937 වෙද්දී ඔහු ආසන 142 විශාල අවන්හලක් ආරම්භ කරනවා Sanders Court & Café කියන නමින්.
1940 වර්ෂයේදී තමයි ඔහු දැනටත් පාවිච්චි වෙන නියම KFC චිකන් රෙසිපි එක නිර්මාණය කරන්නෙ.
මේ original recipe එක කුළුබඩු වර්ග 11කින් සමන්විත, දැනටත් සඟවලා තියෙන රෙසිපි එකක් කියල තමයි කියන්නෙ.
අපේ රටේ KFC අවන්හලක් මුලින්ම ආරම්භ වෙන්නෙ 1995 වර්ෂයේදී මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණයේ.
මේ වෙද්දී ලංකාව පුරා KFC අවන්හල් 40කටත් වඩා ආරම්භ කරල තියෙනවා.
ලංකාවේ මේ KFC ජාලයේ හිමිකාරීත්වය දරන්නෙ Cargills Ceylon ආයතනය.
අපි කවුරුත් දන්න කාර්ගිල්ස් එක.
මේ කාර්ගිල්ස් ආයතනය KFC ජාලයේ අන්තර්ජාතික ප්‍රමිතීන්ටත් අනුගතව අපේ රහට විශේෂ ආහාර පිළිගන්වන නිසාම තමයි ලංකාව ඇතුළෙත් මේ අවන්හල් ජාලය මේ තරම්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.