කෑම කියන්නේ ජීවත්වෙන්න අවශ්‍යම කරන සාධකයක්. සරලවම කිව්වොත් මේ හැමදේම අපි කරන්නේ කන්න බොන්න. ඒත් මේ මූලික අවශ්‍යතාවය කරගන් බැරි මිලියන ගණන...
කෑම කියන්නේ ජීවත්වෙන්න අවශ්‍යම කරන සාධකයක්.
සරලවම කිව්වොත් මේ හැමදේම අපි කරන්නේ කන්න බොන්න.
ඒත් මේ මූලික අවශ්‍යතාවය කරගන් බැරි මිලියන ගණනක පිරිසක් මේ වෙද්දි ලෝකෙපුරා ඉන්නවා.
මේකියන්න හදන්නේ එහෙම පිරිසක් ගැන
අප්‍රිකාවේ මහා අඟ (Greater Horn) ලෙස සැලකෙන භූම් ප්‍රදේශයට අයත් රාජ්‍යයන් 7ක් පුරා ජීවත් වෙන මිලියන 37කට අධික ජනතාවක් මේ වෙන කොට දරුණු කුසගින්නකින් පෙළනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා
ඔවුන් කියන විදිහට ගෙවුණු වසර 70කට පසුව මුහුණ දෙන දරුණුතම නියග තත්වය මීට හේතුවෙනවා.
සෝමාලියාව, සුඩානය, ජිබොයුටි, දකුණු සුඩාන, උගන්ඩාව, ඉතියෝපියාව සහ කෙන්යාව මෙම කලාපයට අයත් රාජ්‍යයන් .
වැඩිදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ මේ රටවල් වල වයස අවුරුදු 5ට වඩා අඩු වයසේ පසුවන දරුවන් ආසන්න වශයෙන් මිලියන 7ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පසුවෙන බවයි.
මේ තත්වයත් සමග කලාපය තුළ දරුණු රෝග ව්‍යප්තියක් ඇති වීමේ සහ මරණ ඇති වීමේ අවස්ථාවක් පවතින බවත්, එය වළක්වා ගැනීම සඳහා කඩිනම් ශක්තිමත් හදිසි ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා