අපි දන්න විදිහට විවාහයක් කියලා කියන්නේ ගැහැණු පිරිමි දෙන්නෙක් එකතු වෙන එකට. නමුත් මේක දැන් විවිධ ආකාරයට වෙනස්වී ගෙන යනවා. පිරිමි - පිර...
අපි දන්න
විදිහට විවාහයක් කියලා කියන්නේ ගැහැණු පිරිමි දෙන්නෙක් එකතු වෙන එකට.
නමුත් මේක
දැන් විවිධ ආකාරයට වෙනස්වී ගෙන යනවා.
පිරිමි - පිරිමි,
ගැහැණු - ගැහැණු විවාහත් අපිට අහන්න ලැබෙනවා.
මේ කියන්න
හදන්නේ මේ හැමදේටම වඩා වෙනස් කතාවක්.
ඒ තමයි තමන්
තමන්වම් විවාහ කර ගැනීමක් ගැන.
මේක වාර්තාවෙන්නේ
අසල්වැසි ඉන්දියාවෙන්.
සිනමා ජාලයක
විකාශනය වූ සංදර්ශනයකින් ආභාෂය ලබා,
24 හැවිරිදි කෂ්මා බින්දු
නමැති ඉන්දියානු කාන්තාවක් තමන්ව තමන්ටම විවාහ කර ගන්නට
කටයුතු කර තිබෙනවා.
මේ විදියට
අමුතු ඒකල විවාහයක් ඉන්දියාවේ සිදුවුන පළමු වතාව මේ.
මේ ඒ ගැන
විස්තරය
අලුත
විවාහ වූ යුවතියක් ලෙසින් සැරසී ගත් ඇය ඒ රට අනෙක් මනාලියන්ට වඩා වෙනස්ය. ඒ ක්ෂමා
බින්දු විවාහ වී ඇත්තේ වෙනත් පිරිමියකු හෝ කාන්තාවක් සමඟ නොවන නිසාය. ඇය විවාහ වී
ඇත්තේ ඇයටමය.
ඇයගේ විවාහ
දිනය ඇයගේ ජීවිතයේ හොඳම දිනයයි, ඇය පවසන පරිදි ඇයගේ විවාහයේ හොඳම
කොටස, විවාහයෙන් පසුව බොහෝ දේ වෙනස් වී නැතිව පෙර සේම පැවතීමය.
නමුත් ඇය කියන ආකාරයට සමාජය ඇය දෙස බලන ආකාරය නම් දැන් වෙනස් වී තිබේ.
“මිනිස්සු මං දිහා බලන්නේ අමුතු විදියට. හරියට මම අපරාධයක්
කළා වගේ,” ඇගේ මේ අමුතු විවාහයෙන් පසුව ඇය මුහුණ දුන් අමුතු අත්දැකීම්
ගැන ඇය එසේ පැවසුවාය.
බින්දු
පවසන්නේ මෙලෙස විවාහ වීමට මාස තුනකට පෙර තමාට මේ තනි පුද්ගල
විවාහය
පිළිබඳ අදහසක් ඇතිවූයේ Netflix වැඩසටහනක් වන Anne
With An E, නම් වූ ළමා වියේදී
අපයෝජනයට ලක් වූ තරැණ අනාථ දැරියකගේ කතාව නැරඹීමෙන් පසු
බවය.
බින්දුගේ
“ඒකල විවාහය” - නැතහොත් ස්වයං විවාහය - පසුගිය මාසයේ සම්ප්‍රදායික
ඉන්දියානු
විවාහ සැලසුම් ආයතනයක ආධාරයෙන් පවත්වනු ලැබූ අතර, මේ
විවාහය නිසා ඇය එක රුයකින් අන්තර්ජාලය තුළ වැඩිම කතාබහට ලක්වූ තැනැත්තිය බවට පත්
වූවාය.
එතැන්
සිට බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සේවා ස්ථානය කරා ගමන් කිරීමේ සිට සාප්පු
සවාරි සඳහා පිටතට යාම දක්වා සැමවිටෙකම 24 හැවිරිදි ඇයට සිය ගණනක් නාඳුනන
පුද්ගලයන්ගෙන් අප්‍රසාදය පළ කරන ප්‍රතිචාර අත්විඳිමට සිදුව ඇත.
බින්දු
යනු දැන් ශීඝ්‍ර වෙනස්කම්වලට ලක්වෙමින් සිටින සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ ඒ
වෙනසට උර දී සිටින තවත් අසාමාන්‍ය ගැහැනියකි.