Logo
Logo

මගේ මගේ නොකිය අගේ වැඩි කරගන්න මෙහෙම කරන්න. (EXCLUSIVE)

  අපි හැමෝම කැමති අපි ආදරය කරන දේවල් අපේම විතරක් වෙනවට. ඒ කියන්නේ අපේ දේවල් වෙන අයගෙ වෙනවට පොඩ්ඩක්වත් අපි කැමති නෑ. ඒ තරමටම අපේ හිත් හරි...

 


අපි හැමෝම කැමති අපි ආදරය කරන දේවල් අපේම විතරක් වෙනවට.

ඒ කියන්නේ අපේ දේවල් වෙන අයගෙ වෙනවට පොඩ්ඩක්වත් අපි කැමති නෑ.

ඒ තරමටම අපේ හිත් හරිම ආත්මාර්ථකාමීයි.

නමුත් ,ඉතිං ඒක තමා මනුස්ස ස්වාභාවය.

අයිතිය හිමිකාරීත්වය කිසිම කෙනෙක් එක්ක බෙදාගන්න කැමති නෑ.

එහෙම කැමති වුනත් ඒ කොන්දේසි දාහක් විතර එක්ක.

ඉතිං අද අපි මේ කතාකරන්න හදන්නේ මෙන්න මේ ගැන.

ඒ කියන්නේ අයිතිය ගැන.

විශේෂයෙන්ම ආදරයේ අයිතිය ගැන.

හොදින් කල්පනා කරන්න. ආදරය කරන මුල්ම කාලේ ඒ කියන්නේ try කරන කාලේ ඔයා ආදරේ කරන කෙනාට වෙන කවුරුත් බැල්මක් දැම්මොත්. එයා වෙන කෙනෙක් එක්ක කතා කලොත් ඔලුව විකාරයි නේද?

කේන්ති ගිහින් දුක හිතිලා.. ප්‍රශ්න ගොඩක්.

ඇයි අපිට එහෙම වෙන්නේ.

ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ශරීරයෙන්ම ඇතිවන හෝමෝන වල බලපෑම.

ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයා රැකගැනීම වෙනුවෙන් ඇතිවන හැගීම.

මේක ඕනෑම කෙනෙක්ට ඇති වෙන්න පුලුවන් ඕනෑම අවස්තාවක.

එහිදී අපේ හිත ක්ශනිකව ප්‍රතිචාර දක්වනවා අයිතිය වෙනුවෙන්.


එයා මගේ...

ඔයාට කලින් එයා මට මුණගැහුනේ.

ඔයා මගේම විතරයි.

 

ඔය වගේ ගොඩක් වචන මේ අයිතිය වෙනුවෙන් පෙල ගැහෙනවා.

අපි නිතරම ආදරය කරන කොට, විවාහ වෙල එකට ඉන්න කොට.

කොයි විදියකට හිටියත් අවබෝධ කරගන්න ඕන දේ තමා අනිත් කෙනාගේ සිතුවිලි තේරුම් ගැනීම.

ආදරය සහ අයිතිය කියන්නේ දෙකක්.

ආදරය නිසා තව කෙනෙක්ගේ නිදහස නැතිවෙනවානම් ඒක ලොකු ප්‍රශ්නයක්.

මේ කාරණය අද සමාජයේ ගොඩාක් දකින්න අහන්න ලැබෙනවා

ඒ තමයි දෙන්නාට දෙන්නා විශ්වාස නොවීම.

මේ නිසා හිත අණ කරන හැමදේම කරන්න අපි පෙලබෙනවා.

ආදරය කරන කෙනා , විවාහ වෙලා ඉන්න කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයි, නැත්නම් වෙන කෙනෙක්ට ආදරෙයි කියලා බොහෝ අය හිතනවා.

ඒකට ප්‍රධානම හේතුව හිත් ඇතිවන ආත්මාර්තකාමී අවිශ්වාසය.

හොදින් හිතන්න.

අපි කාටවත් මේ ලෝකේ තනියම ජීවත් වෙන්න බෑ.

හැමෝටම  තමන් ජීවත්වන පරිසරයට අනුව විවිධ සමාජ සම්බන්දතා තිබෙනවා.

කාර්‍යාලයේ,බස් එකේ, දුම්රියේ ,ජිම් එකේ, ඔය විදියට විවිධ තැන්වල විවිධ ආකාරයෙන් බැදීම හිතවත්කම් තිබෙනවා.


ඉතිං මේවා වැරදිලෙස දකින්න පුරුදු වුනොත් කවදාවත් ගොඩඒමක් නෑ.

හැමදාම ප්‍රශ්නතමා

අර කියන්නේ විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා කියලා.

අන්න ඒ වගේ දෙන්නට දෙන්නා විස්වාසය තියාගන්න ඕන. ඒක තමා බැදීම තහවුරු කරන එකම දේ.

දෙන්නට දෙන්න කැමති අකමැති දේවල් තේරුම් අරන් ඉන්න ඕන.

කවදාවත් සැකය හිතට එන්න දෙන්නම එපා  ආදරේ පරිස්සම් වෙන්න නම් දෙන්නට දෙන්නා නිදහස අගය කරන්න 

වචන වලින් කෑගහ ගන්නේ නැතිව මගේ කියන දේ හැගීමෙන්ම දැනෙන්න දෙන්න.

ගැලපෙන අය ආශ්‍රය කරන්න දෙන්න

යන එන තැන් කියලා යන්න පුරුදුවෙන්න.

කොහෙද ඉන්නේ.

ඇයි මට නොකිය ගියේ.

මොකද පරක්කු.

ඔය වගේ අනවශ්‍ය වදන් දෙන්නා අතරට එන්න දෙන්න එපා.

දෙන්නට දෙන්නා open වෙන්න.

මට අද party එකක්. මම යනවා.. එද්දි ටිකක් රෑවේවී.

මේ විදියට දෙන්නා අතරේ හොද සන්නිවේදනයක් තියාගන්න. 

එතකොට සැකය ඔය දෙන්නාගේ ආදරේ මැද්දට එන එකක් නෑ

එතකොට ආදරේ හැමදාම තරුණ විදියට තිබේවි.


සටහන - අසංක උත්පල විතානගේ 

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: මගේ මගේ නොකිය අගේ වැඩි කරගන්න මෙහෙම කරන්න. (EXCLUSIVE)
මගේ මගේ නොකිය අගේ වැඩි කරගන්න මෙහෙම කරන්න. (EXCLUSIVE)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHd911OHk0A6mL6hxDDucPJlQ5a_29uO1SmkH7h-9z0IopXnKzolmu8IhoYfV64oSniDUDCfZYs9Rp_EhXfVF-uT5-7WQj4H1Fvkz8gDKwKvD1SyNwDuFNKfRoirMNQLYmg51vZ2-azReY4OPOH5TzcxK6zVBPPx981fixinCHXXAUNe9magIW2md3/s16000/istockphoto-1049240750-612x612.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHd911OHk0A6mL6hxDDucPJlQ5a_29uO1SmkH7h-9z0IopXnKzolmu8IhoYfV64oSniDUDCfZYs9Rp_EhXfVF-uT5-7WQj4H1Fvkz8gDKwKvD1SyNwDuFNKfRoirMNQLYmg51vZ2-azReY4OPOH5TzcxK6zVBPPx981fixinCHXXAUNe9magIW2md3/s72-c/istockphoto-1049240750-612x612.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/02-howto-make-sweet-family-life-husband-and-wife-girl-and-boy.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/02-howto-make-sweet-family-life-husband-and-wife-girl-and-boy.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content