ගුණයෙන් ඉහළ මල් වර්ගයක් ලෙස වදමල් හැඳින්විය පුළුවන්. වදමල්වල අන්තර්ගත වන ඉහළ ඖෂධීය ගුණය නිසා බොහෝ විට විවිධ ලෙඩ රෝග සුව කර ගැනීමට පවා වද...
ගුණයෙන් ඉහළ මල් වර්ගයක් ලෙස වදමල්
හැඳින්විය පුළුවන්.
වදමල්වල අන්තර්ගත වන ඉහළ ඖෂධීය ගුණය
නිසා බොහෝ විට විවිධ ලෙඩ රෝග සුව කර ගැනීමට පවා වදමල් භාවිත කරනවා .
එහි ඇති විස්මිත ගුණය නිසාම රුව
ඔප්නංවන විවිධ වූ රූපලාවණ්‍ය සත්කාරයන් සඳහාද වදමල් භාවිතයට ගනු ලබනවා.
අද අපේ කතා බහ වදමල්වලින් සිදු කරගත
හැකි ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාරයක් ඔබට හඳුන්වා දීම සඳහායි.
වදමල්වලින් කරගත හැකි සත්කාරයන්
හිසකෙස් ඉක්මනින් වවා ගැනීමට සුදුසු සත්කාරයක්
අවශ්‍ය දේවල්
-පෙති පහේ වදමල් 3ක පෙති
-කරාබු නැටි 7-8ක් පමණ
-පොල් කිරි අඬු
කෝප්ප
1 1/2ක්
සාදා ගන්නා ආකාරය
පළමුව වදමල් හොඳින් පිරිසුදු කොට
පෙති ටික වෙන් කර ගන්න. දැන් වදමල් ටික පිරිසුදු කුඩා වංගෙඩියක දමා තළා ගන්න. දැන්
මේ සියල්ලම ග්‍රයින්ඩර් කර ගන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබා මෙයට අඹරාගත් මිශ්‍රණය
එකතු කොට මඳ ගින්නේ විනාඩි කිහිපයක් රත්කර ගන්න. එය ළිපෙන් ඉවතට ගෙන නැවත ස්වල්ප
වේලාවක් තිබෙන්නට තබන්න. අවසානයට එය පෙරා වෙන් කර ගන්න. එය පිරිසුදු ස්ප්‍රේ
බෝතලයක දමා ශීතකරණයේ තබා දින 4-5ක් පමණ කල් තබා ගත හැකියි.
භාවිත කරන ආකාරය
ස්නානය කිරීමට පෙර හිස්කබලට සහ
හිසකෙස්වලට හොඳින් ස්ප්‍රේ කරන්න. දැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩු ආධාරයෙන්
සියුම්ව මසාජ් කරන්න. අවසානයට ෂැම්පු කන්ඩිෂනර් කොට සෝදා ඉවත් කරන්න. මෙය දිනපතාම
සිදු කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.