Logo
Logo

පොඩ්ඩන්ට ආසාවෙන් කවන්න පුළුවන් කෑම ජාති ටිකක්

  කුඩා කාලයේදී දරුවන්ට අතිශය වැදගත් දෙයක් තමයි පෝෂණය කියන්නේ. ඉගෙන ගැනීමට දරුවන්ට අවශ්‍ය මතක ශක්තිය වගේම ක්‍රීඩා කිරීමට අවශ්‍ය ජවය වෙනුවෙන...

 


කුඩා කාලයේදී දරුවන්ට අතිශය වැදගත් දෙයක් තමයි පෝෂණය කියන්නේ.

ඉගෙන ගැනීමට දරුවන්ට අවශ්‍ය මතක ශක්තිය වගේම ක්‍රීඩා කිරීමට අවශ්‍ය ජවය වෙනුවෙන් පෝෂණය අතිශය වැදගත්.

දරුවන්ගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවාගන්න අවශ්‍ය වෙන කෑම වර්ග ටිකක් ගැන ඔයාලා එක්ක  කතා කරන්න Life Line අපි හිතුවා.

මේක ඔයාලට සෑහෙන්න වැදගත් වෙයි. 

1. බිත්තර 

විටමින් A, B හා E ගුණයෙන් සපිරි බිත්තර කියන්නෙ බබාලගෙ බර වැඩි කරන පෝෂ්‍යදායක ආහාරයක්. ස්වභාවිකවම මේ පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි බිත්තර දවසකට එකක්වත් බබාලට දෙන්න ඕනේ. බිත්තර දෙකකට ලුණු, ගම්මිරිස්කුඩු, චීස් කෑල්ලක්, නිවිති කොළ ටිකක් දාලා විස්ක් කරලා, මෆින් ට්‍රේ එකකට දාලා විනාඩි 12ක් වගේ බේක් කරලා දුන්නොත් බබාලා ආසාවෙන් කයි. 

2. බතල

බතල කියන්නේ විටමින් A වලින් පරිපූර්ණ හරිම රස කෑමක්. මීට අමතරව බතලව​ල විටමින් B සහ C අඩංගුයි. කැල්සියම්, පොටෑසියම්, සින්ක් වගේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බතල වල අඩංගුයි. ප්‍රතිශක්තියට වගේම ඇස් වල සෞඛ්‍යයට ඉතාම ගුණදායකයි. පොඩි අයට බත​ල තම්බලා පොල් එක්ක හරි චීස් කෑල්ලක් එක්ක හරි දුන්නොත් කයි. මොන කෑමක් උනත් කන්න ආසා හිතෙන විදියට දුන්න නම් ප්‍රශ්නයක් නෑ. බතල ටික පොඩි කරලා සුප් එකක් වගේ හදලා දුන්නත් පොඩ්ඩො ආසාවෙන් බොයි.

3. බෙරීස්

ප්‍රතිඔක්සිකාරක ගතියෙන් යුත් බෙරීස් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩවන්න ගොඩක් වැදගත්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරි, ක්‍රෑන්බෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි වගේ බෙරි වර්ග වලින් එකක්වත් දරුවන්ගේ ආහාර වේලට එකතු කරන්න. ඕට්ස් වලට කිරි දාලා ඕනම බෙරි වර්ගයක් හරි කීපයක් හරි දාලා කලවම් කරලා බබාලට දෙන්න පුළුවන්.



4. නට්ස් වර්ග

ආමන්ඩ්, කජු, වෝල්නට්ස්, පිස්ටාචියෝ වගේ නට්ස් පොඩි අයගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නගා සිටුවන්න උදව් වෙනවා. විටමින් E, B6, ප්‍රතිඔක්සිකාරක, ඔමෙගා 3, යකඩ, පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂණ ගුණයන් රාශියක් මේ නට්ස් වර්ගවල අඩංගුයි. මේ හැම දෙයක්ම ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය වෙනවා. ආමන්ඩ් කෝප්ප 1කට මේපල් සිරප්, යෝගට්, කිරි කෝප්පයක් දාලා අයිස්කැට කිහිපයක් එක්ක බ්ලෙන්ඩ් කරලා ස්මූති එකක් හදලා දුන්නොත් පොඩ්ඩො ආසාවෙන් බොයි. ඒ වගේම සීරියල් හදනකොට මේ නට්ස් එකතු කරලා කිරි එක්ක දෙන්නත් පුළුවන්. 

 

5. යෝගට්

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ආහාර දිරවීම පහසු කරවන්නත් ප්‍රෝබයෝටික්ස් අත්‍යවශ්‍යයි. ඉතින් මේ ප්‍රෝබයෝටික්ස් වැඩිම ආහාරයක් තමා යෝගට් කියන්නෙ. යෝගට් දෙනකොට පැණි රස අඩු යෝගට් දෙන්න වගබලාගන්න. නිකන්ම යෝගට් දෙනවට වඩා ප්ලේන් යෝගට් වලට මයෝනේස් ටිකක්, චොප්කරගත් සුදුළූණු, ලුණු දාලා හදාගත්තු ඩිප් එකක් එක්ක ස්නැක් එකක් දුන්නොත් බබාලා තවත් ආස වෙයි. 

 

6. නිවිති

විටමින් A සහ C, සින්ක්, යකඩ සහ බීටා කැරොටීන් වගේ ප්‍රතිඔක්සිකාරක රැසක් මේ නිවිති වල අඩංගුයි. ඒ වගේම ශාකමය ඔමෙගා 3 ලබාගන්න පුළුවන් හොඳ ප්‍රභවයක්. පොඩි අයගෙ සමටත් ගොඩක් හොඳයි. නිවිති ටිකක් ග්‍රයින්ඩ් කරලා, ලුණු හා ඕට්ස් ටිකක් කලවම් කරලා පැටී වගේ හදලා දෙපැත්ත ෆ්‍රයි කරලා දෙන්න බලන්න පොඩ්ඩො ආසාවෙන් කන්නෙ නැද්ද කියලා. 

 

7. බ්‍රොකොලි 

බ්‍රොකොලි කියන්නෙ විටමින් C, බීටා කැරොටීන්, පොටෑසියම්, කැල්සියම්, සින්ක් සහ විටමින් B අඩංගු ගුණ කෑමක්. කොච්චර ගුණද කියනව නම් එළවළු ලෝකයේ “පවර් පැක්” එකක් විදියට හඳුන්වන්න පුළුවන්. බ්‍රොකොලි ටිකක් තම්බලා ඒක ග්‍රේට් කරලා බිත්තර 2ක්, බිස්කට් කුඩු ස්වල්පයක්, ග්‍රේට්කරගත් පාමසාන් චීස් ටිකක්, ලුණු හා ඔලිව්තෙල් දාල පොඩි කරගෙන පොඩි පැටී හදාගන්න. මේ ටික පෑන් ෆ්‍රයි කරලා බබාලට දෙන්න. කවාගන්න අමාරු බබාලටත් ලේසියෙන් ක​වන්න පුළුවන් රස වගේම ගුණ කෑමක්. 

8. ඩාක් චොකලට් 

චොකලට් කියන්නෙ දරුවො කොහොමත් කන්න ආස කෑමක්නේ. ආවට ගියාට චොකලට් දෙන්න හොඳ නෑ. ඒත් ඩාක් චොකලට් දරුවන්ට දෙන්න ඕනේ. ඩාක් චොකලට්වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ කොකෝවා වල අඩංගු ෆෙනොලික් සංයෝග ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. තද කැස්සටත් ඩාක් චොකලට් ඉතාම ගුණදායකයි. නිකම්ම මිල්ක් චොකලට් වෙනුවට පොඩි කාලෙ ඉඳන්ම ඩාක් චොකලට් වලට දරුවො හුරු කරගත්තොත් සෞඛ්‍ය වාසි ගොඩක් අත්විඳින්න පුළුවන්.

9. චිකන්

ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා චිකන් ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න උපකාර වෙනවා. මීට අමතරව රෙටිනෝල්, විටමින් B3 සහ විටමින් B9 වගේම සින්ක් වගේ ඛණිජ වර්ග රැසක් චිකන්වල අඩංගුයි. ළමයින්ට දෙනකොට උයලා දෙනවට වඩා චිකන් ටික අඹරලා බිත්තර, ලුණු, ගම්මිරිස්කුඩු හා අනික් පහේ වර්ග දාලා කලවම් කරලා නගට්ස් වගේ බැදලා දෙනවනම් ගොඩක් ආසවෙයි. 

 10. දෙළුම්

දෙළුම් කියන්නේ විටමින් B හා E සපිරි ඉතාම ගුණ ඖෂධීය පානයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම දෙළුම් කියන්නෙ ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම ප්‍රතිබැක්ටීරීය නැත්නම් අපි දන්න වචනෙන් ඇන්ටිබැක්ටීරියල් ගුණයෙන් යුක්තයි. ආසාදන සහ වෛරස් මර්දන ගුණය දෙළුම්වල ස්වභාවයෙන්ම තියෙනව. ජූස් එකක් විදියට දෙනවනම් ගොඩක් හොඳයි. ළමයින්ට විතරක් නෙමෙයි, වැඩිහිටියන්ටත් ගොඩක් ගුණ පළතුරක්. 

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

 

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: පොඩ්ඩන්ට ආසාවෙන් කවන්න පුළුවන් කෑම ජාති ටිකක්
පොඩ්ඩන්ට ආසාවෙන් කවන්න පුළුවන් කෑම ජාති ටිකක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtwnJYpDZc8O-2UagLWkbVC-Cy6NQPT8mA_7WoJ9PBiRKc-NyMyIig5IMBczxcz-A8rBRhIehysQTHrgzzKAcZOJmsSoIhhhyi-rMyODnhG0bxB6TtKWUp5DAx-noL8lw1iYO5D-1y62QSgAjwA5GX-aVKVb7QHuteFXoAPrnYRbpK6f5ewuQt4aVB/s16000/Sample-meal-plan-for-feeding-your-preschooler-v-2-resized.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtwnJYpDZc8O-2UagLWkbVC-Cy6NQPT8mA_7WoJ9PBiRKc-NyMyIig5IMBczxcz-A8rBRhIehysQTHrgzzKAcZOJmsSoIhhhyi-rMyODnhG0bxB6TtKWUp5DAx-noL8lw1iYO5D-1y62QSgAjwA5GX-aVKVb7QHuteFXoAPrnYRbpK6f5ewuQt4aVB/s72-c/Sample-meal-plan-for-feeding-your-preschooler-v-2-resized.jpeg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/01-best-foods-for-child-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/01-best-foods-for-child-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content