ගොඩාක් දෙනෙක් අද වෙද්දි තමන්ගේ දෛනික කටයුතු වල ගෙවීම් කරන්න ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණය කාඩ්පත් භාවිතා කරනවා. ඒ මගින් බොහෝ ගණු දෙනු පහසු කරන...
ගොඩාක් දෙනෙක් අද වෙද්දි තමන්ගේ දෛනික කටයුතු වල ගෙවීම් කරන්න ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණය කාඩ්පත් භාවිතා කරනවා.
ඒ මගින් බොහෝ ගණු දෙනු පහසු කරන නිසා තමයි මේ විදියට ක්‍රෙඩිට් කාඩ්පත් වගට යොමුවෙලා තියෙන්නේ.
මොනවා වුනත් මේ ආරංචිය නම් ඒ තරම් හෙඳ දෙයක් නෙමෙයි.
ඒ තමයි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත.
මේ බැංකු පවසන විදිහට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවලා තියෙනවා.
ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කලා.
එත් සමඟම එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ දැම්මා
අද වන විට එය 36%ක් දක්වා වැඩි කරලා.
මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සකසුරුවමින් ඒවා භාවිතා කිරීමට ඔබ බොහෝ සේ කල්පනාකාරී වෙන්න ඕන.