අපේ රටේ ඇතිවෙලා තියෙන ඩොලර් ප්‍රශ්ණයත් එක්ක සමාජයේ ඇතිවුණ දැවැන්තම ප්‍රශ්ණයක් තමයි ගෑස් හිඟය. තවමත් ඒ් සඳහා 100% විසඳුමක් ලැබී නැහැ. ම...
අපේ රටේ ඇතිවෙලා තියෙන ඩොලර් ප්‍රශ්ණයත් එක්ක සමාජයේ ඇතිවුණ
දැවැන්තම ප්‍රශ්ණයක් තමයි ගෑස් හිඟය.
තවමත් ඒ් සඳහා 100% විසඳුමක් ලැබී නැහැ.
මේ ගෑස් හිඟය එක්ක වැඩිපුරම පීඩා විඳින්නේ නාගරිකව ජීවත්වන
ජනතාව.
මොකද එයාලට වෙන විකල්පයක් නෑ.
දර ලිප් නෑ,භූමිතෙල් ඇත්තෙත් නෑ. කොහොම වුනත් මේ වෙද්දි කාටත්
යම් සැනසීමක් ලබන්න පුළුවන් වෙන්න ගෑස් ප්‍රශ්ණය විසදෙමින් තියෙනවා.
අන්න ඒ් නිසා අපි හිතුවා ලැබුණ ගෑස් එකෙන් උපරිම ප්‍රයෝජන
ගන්න පුළුවන් විදිහ ගැන කියලා දෙන්න.
මෙන්න මේ පුංචි ක්‍රම ටිකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ගෑස් සිලින්ඩරයෙන්
උපරිම ප්‍රයෝජන ගන්න.
ගෑස් උඳුන භාවිත කරන්නේ මෙහෙමයි
* කහ දැල්ල මතුවීම උඳුනේ අකාර්යක්ෂම පරිභෝජනයට මඟපාදයි. මේ නිසා උඳුන යටින්
ඇති වා කවුළු සීරු මාරු කර නිල් දැල්ල (ඔක්සිකාරක දැල්ල) මතුකර ගන්න.
* උඳුනට සරිලන බඳුන් භාවිත කරන්න.
* හැකි සෑම විටෙකම පීඩන උඳුන් (Pressure Cooker) භාවිත කරන්න.
* ආහාර බඳුන හා දැල්ල අතර අවම පරතරයක් තබා ගන්න.
* මැටි බඳුන් යොදාගෙන ආහාර පිසී නම් ගෑස් උඳුන් සඳහාම නිපදවූ විශේෂ මැටි වළං
භාවිත කරන්න.
* උඳුනේ වාසිදුරු පිරිසුදු කර අවහිර නොවන සේ තබන්න.
* සෑම දිනෙකම උඳුන මතුපිට පිසදමා පිරිසුදු කරන්න.
* වතුර නොවැටෙන සුදුසු ස්ථානයක ස්ථානගත කරන්න.
ගෑස් සිලින්ඩර පරිහරණය කරන්නෙ මෙහෙමයි
* ගෑස් සිලින්ඩරය ප්‍රවාහනයේදී සහ නිවෙසේ ස්ථානගත කිරීමේදී සිලින්ඩරය සිරස්
අතට තබන්න.
* සිලින්ඩරයේ සිට උඳුන කරා ගෑස් ගෙන යන නලය පළුදු වී ඇත්දැයි නිරතුරුවම
පරීක්ෂාවෙන් සිටින්න. එම නලය උඳුනට හරියාකාරව සම්බන්ධ වී ඇත්දැයි නිරීක්ෂණය කරන්න.
* සිලින්ඩරය මාරු කරන සෑම අවස්ථාවකදීම, රෙගියුලේටරය නිසියාකාරයෙන් තිබේදැයි බලන්න.
* ගෑස් උඳුන දැල්වෙන අවස්ථාවේ ගෑස් සුවඳ වහනය වේ නම් වහාම උඳුන අලුත්වැඩියා
කළ යුතුයි. එසේ නොවුණහොත් ගෑස් නිකරුණේ අපතේ යා හැකියි.
* මුළුතැන්ගෙයි ගෑස් සුවඳ පැතිර ඇත්නම්, ලයිටර්, සිගරැට් වැනි දෑ භාවිත නොකරන්න. රෙගියුලේටරය කරකවා උඳුනට ගෑස් එන මාර්ගය
වසා දමන්න.
* මීයන් වැනි විවිධ සතුන් ගෑස් ළිප යට කඩදාසි, රෙදි කැබැලි වැනි දේ ගෙනගොස් දමා තිබුණොත් ළිප දැල්වූ
විට ගෑස් නලය ගිනිගත හැකි බැවින්, ළිප දැල්වීමට පෙර ඒ ගැනත් සැලකිලිමත් වන්න.
* ගෑස් නලයට ගිනි ගත්තොත්, වහාම ක්‍රියාත්මක වී සිලින්ඩරයේ රෙගියුලේටරය කරකවා උඳුනට ගෑස් එන මාර්ගය
වසා දමන්න. කිසිදු විටෙක ගින්න නිවීම සඳහා ජලය නොගසන්න.