කොච්චර ට්‍රයි කළත් බඩ අඩු කරගන්න බැරි එක තමයි අද ගොඩාක් අය මුහුණ දෙන ප්‍රශ්නේ. මේ වෙනුවෙන් ගොඩාක් අය ගොඩාක් දේවල් කරනවා. කෑම අඩු කරනවා,...
කොච්චර ට්‍රයි කළත් බඩ අඩු කරගන්න බැරි එක තමයි අද ගොඩාක් අය මුහුණ දෙන ප්‍රශ්නේ.
මේ වෙනුවෙන් ගොඩාක් අය ගොඩාක් දේවල් කරනවා.
කෑම අඩු කරනවා,තෙල් සහිත කෑම නොකා ඉන්නවා,පිටි සහිත ආහාර වර් ජනය කරනවා,ව්‍යායාම
කරනවා එක එක බෙහෙක් ජාති ගන්නවා.
ඒ්ත ඉතිං බඩේ අඩුවක් නම් නෑ.
ඇඳුමක් අඳින්න අමාරුයි, හරිම කැතයි, මේ නිසාම මානසික වගේම ශාරීරික ප්‍රශ්ණ ගොඩායි.
මේ නිසාම අපි අද Life Line තුලින් මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක්
දෙනවා ඔයාලට.
මෙන්න මේ සුළු සුළු දේවල් ටික ඔයාගේ දැවෙන ප්‍රශ්ණයට අනිවාර්යයෙන්ම විසඳුමක්
වේවි.
1. හොඳට හපලා කන්න
පොඩ්ඩක් කෑවත් බඩ ගොඩක් පුරවල දාලා අපහසුතාවයක් දැනෙන්න එක ප්‍රධාන හේතුවක්
තමයි අපි කෑම බීම ගනිද්දි ඒවත් එක්ක බඩට වාතයත් ඇතුළුවීම.
මේක වළක්වගන්න එක හරිම වැදගත්. කෑම ගනිද්දි කළබලෙන් කන්නෙ නැතිව වෙලා අරන්
හොඳට හපලා කන්න.
එහෙම කරද්දි කෑම දිරවන්න ලේසි වෙනවා වගේම සමහර කෑම වල තියෙන වායු අංශු
ආමාශයට ඇතුළු වෙන එකත් වැළකෙනවා.
ඒ වගේම තමයි කෑම ගන්න ගමන් කතා කරන එකෙනුත් පුළුවන් තරම් වැළකෙන්න.
කෑම හපන ගමන් කතා කරද්දිත් බඩට වාතය ඇතුළු වෙලා පිම්බෙන්න ඉඩ සැලසෙනව.
2. කාබනේටඩ් බීම වලින් සහ චුයින්ගම් සැපීමෙන් වළකින්න
අධික ගෑස් ගතියෙන් යුක්ත කාබනේටඩ් පැණි බීමෙන් ඈත්වෙන එක බඩ අඩුකරගන්න හිතන කෙනෙක් අනිවාර්යයෙන් කරන්න ඕනෙ.
අඩු සීනි සහ ඩයට් බීම වර්ග උනත් නොබොන තරමට තමයි හොඳ.
මේ බීම වල තියන වායු බුබුලු බඩට ඇතුළු වුණාට පස්සේ බඩ පුරවලා දැමීම සිද්ධ
කරනවා.
සෞඛ්‍යයට හිතකර බීම වර්ගයක් වුනත් බොද්දි ස්ට්‍රෝ එකක් භාවිත නොකර
වීදුරුවකට දාගෙන බිවුවොත් ඒකෙනුත් බඩ පුරවා දැමීම අඩු කරගන්න පුළුවන්.
ඒ වගේම තවත් බඩ පුම්බවන්නට බලපාන දෙයක් තමයි චුයින්ගම් කියන්නේ. චුයින්ගම්
හැපීම කියන්නෙත් බඩට අනවශ්‍ය විදිහට වාතය පුරවන පුරුද්දක්.
3. බඩ වේලීම වළක්වාගන්න
නිතරම බඩ වේලීමේ තත්ත්වය ඇති වීම නිසාත් අනවශ්‍ය විදිහට බඩ නෙරා ඒම සිද්ධ වෙන්න පුළුවන්.
ඒ නිසා තමන්ගේ බහිශ්‍රාවීය ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්නටත්
කටයුතු කරන්න ඕනෙ.
ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්, ශරීරය ක්‍රියාශීලීව පවත්වාගෙන යෑමත් මේ සඳහා උදවු වේවි. ඒ වගේම ඕට්ස්, බෝංචි, ඇට වර්ග වගේ ජලයේ දියවන තන්තුමය ආහාරත් (Soluble Fiber) බඩ වේලීමේ තත්ත්වය වළක්වගන්නට උපකාරී වේවි.
හැබැයි සමහරුන්ට මේ වගේ තන්තුමය ආහාර අහිතකර වෙන්නටත් පුළුවන්.
4. බඩ පුරවාදමන ආහාර වර්ග ගැන සැලකිළිමත් වෙන්න
තන්තුමය ආහාර ගුණදායක වුණත් සමහරුන්ගේ බඩට ගෑස් ගතිය පුරවන්න මේ විදිහෙ ආහාර හේතු වෙනවා.
අන්න ඒ නිසා ඒ ආහාර ගත්තහම තමන්ගේ ශරීරයට අපහසුවක් ඇතිවෙනවාද නැද්ද කියන එක
ගැනත් අවධානෙන් ඉන්න එක වැදගත්. බෝංචි වර්ග, පරිප්පු, කිරි ආශ්‍රිත නිෂ්පාදන, ළූණු වගේ ආහාර නිසාත් සමහරුන්ගේ බඩ පුරවාදැමීම
සිද්ධ වෙන්න පුළුවන්.
ඒ වගේ තමන්ගේ බඩ පුරවලා දමලා අපහසුතාවයක් ගෙනෙන ආහාර ගැන දැනුවත් වෙලා ඉන්න
එක වටිනවා.
හැබැයි එහෙම අපහසුතාවයක් දැනුන පළියට ඒ ආහාර වලින් ඈත් වෙලා ශරීරයට අවශ්‍ය
පෝෂ්‍ය පදාර්ථ ලබානොගෙන ඉන්න එපා. මේ ගැන වෛද්‍යවරයෙක් හමුවෙලා
සාකච්ඡා කරලම තීරණයක් ගන්න.
5. කුඩා ආහාර වේල් වලට හුරුවෙන්න
ලංකාවෙ අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ ප්‍රධාන ආහාර වේල් තුනක් බරසාරෙට
කන්න.
මේ ආහාර වේල් තුන අතර තියන කාල පරාසය වැඩි නිසා අපි හුඟක් වෙලාවට මේ වේල්
තුනටම කෑමට ඉඳගන්නෙ සෑහෙන බඩගින්නකින්.
ඒ නිසා පමණට වඩා ආහාර ප්‍රමාණයක් අපිට කැවෙනවා. ෆ්ලැට් බඩක් ලබන්න සිහින
මවනවානම් මේ පුරුද්ද එච්චර හොඳ නෑ.
ඒ වෙනුවට කුඩා ආහාර ප්‍රමාණ වලින් සමන්විත වේල් කීපයකට ඔයාගෙ දවසේ කෑම
ප්ලෑන වෙනස් කරගන්න එක තමයි සුදුසුම.
එතකොට කෙටි කාල පරාසයන් වලදි කෑම කැවෙන නිසා ලොකුවට බඩගිනි වෙන්නෙත් නෑ.
එකපාර ලොකු කෑම ප්‍රමාණයක් බඩට වැටෙන්නෙත් නෑ.
6. මත්පැන් සහ දුම්වැටි භාවිතය සීමා කිරීම
අපි කලින් කිවුවනේ ස්ට්‍රෝ එකකින් බීම බොන එකත් බඩට වාතය පුරවන්න හේතු වෙනවා කියලා.
ඒ වගේම තමයි ඉතින් දුම් බීමත්.
ඒ වගේම කිවුවට ඊට වඩා භයානක ප්‍රතිඵල ගෙන එන්න පුළුවන් පුරුද්දක් ඒක. දුම්බීමෙන් වගේම බියර් වගේ කාබනේටඩ් මත්පැනුත් බඩ වැඩි කරන්නට අනිවාර්යෙන් බලපාන සාධක තමයි.
මේ දේවල් නවත්වන්න බැරිනම් හැකි පමණ සීමා කරන්නටවත් වග බලාගන්න ඕනෙ.
මෙන්න මේ ටික කරනවා වගේම නිතර ව්‍යායාම කිරීම,අවේලාවේ එන බුදිමත නින්දට අවස්ථාව නොදීම ඔයාගේ බඩ අඩුකර ගැනීමේ සිහිනය දිනන්න හේතු වෙන කරුණු.
ඉතිං හැමෝම පුළුවන් තරම් උත්සහ කරලා මේ ක්‍රම ටික අනුගමනය
කරන්න.
යහපත් සෞඛ්‍යයක් එක්ක හැඩකාර සිරුරක් පත්වාගෙන යන්න.