අපි කවුරුත් කැමති දියුණු වෙන්න.ඒ වෙනුවෙන් තමයි හැම වෙලාවෙම වැඩ කරන්නේ.ජිවිතේ දියුණුව වෙනුවෙන් සහ ඒ දියුණුව ලගා කරගන්න අපි නොකරන දෙයක් නෑ. ...
අපි කවුරුත් කැමති දියුණු වෙන්න.ඒ වෙනුවෙන් තමයි හැම වෙලාවෙම වැඩ කරන්නේ.ජිවිතේ දියුණුව වෙනුවෙන් සහ ඒ දියුණුව ලගා කරගන්න අපි නොකරන දෙයක් නෑ.
අද ඉදන් අපි මේ ලිපි මාලාව
පටන් ගන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරල දියුණුවේ මන්පෙත් කරා යන්න පුලුවන් රහස් ක්‍රම
කීපයක් කියලා දෙන්න.
මේ ක්‍රමයේ මූලික පදනම තමයි
විශ්වය.
අපි කවුරුත් ජීවත්වන විශ්වය
සතු අසීමිත ශක්තියෙන් අපිට පුලුවන් ජිවිතේ සියලු බාදක මග හැරලා ජිවිතේ ජය ගන්න.
ඒ අනුව ලෝකයේ බිහිවුනු බොහෝ
ධනවතුන් අදටත් භාවිතා කරන මේ විශ්ව ආකර්ශනීය නීතිය ගැන පියවරෙන් පියවර ඔයාලට කියලා
දෙන්න තමයි life line අපේ උත්සහය.
මේ වෙනුවෙන් වීඩියෝ මාලවක්
ඔබ වෙනුවෙන් ගෙන එන්නත් අපි සූදානම්.
දැන් බලමු මේ කියන්නෙ මොකක්
ගැනද කියලා.
ආකර්ශනයේ නීතියේ එන ප්‍රභලම
ක්‍රමයක් තමයි මැනිෆෙස්ටින් ක්‍රමය.
මේ ක්‍රමයේදී වෙන්නේ ඒන්ජල්
නම්බර්ස් වලින් ප්‍රභලම නම්බර් එකක් වන 55 ක්‍රමය අනුගමනය
කිරීම.
මොකක්ද මේ
ඒන්ජල් නම්බර්ස් කියන්නේ.
එකම ඉලක්කම කිහිප වාරයක්
ලිවීමෙන් එන ඉලක්කම ඒන්ජල් නම්බර්ස් විදියට සලකනවා.
11 111 22 33 44 55 66 77 වගේ ඒවා මේ විදිහට හදුන්වන්න පුලුවන්.
මේ ඒන්ජල් නම්බර්ස් දකිනවා
කියන්නෙ විශ්වයෙන් අපිට ලැබෙන සංඥා කියලයි කියන්නෙ.
අපිට අවශ්‍ය කාරණාව අනුව අපි
තෝරගන්න ඕනෙ ඒන්ජල් නම්බර්ස් තියනවා.
ඉතින් විශ්වයේ බලය හරියටම
අත් විඳින්න පුලුවන් නම්බර් එකක් තමයි මේ 55 කියන්නෙ.
මේකෙදි ඔයාට ඉටුකරගන්න ඕන
කාරණාව ඉටු උනාට විශ්වයට ස්තූතියි කියලා වාක්‍යක් හදාගන්න.
උදාහරණයක් තමයි ඔයාට ඕන
වාහනයක් නම් ඔයා වාක්‍යයක් හදාගන්න මට BMW කාර් එකක් ලබා
දුන්නට විශ්වයට ස්තූතියි කියලා.
ඒ කියන්නේ ඔයාට ඕනදේ දැන්
ලැබිලා තියෙන්නේ කියලා හිතාගෙන තමයි මේ දේ ලියන්න ඕන.
ඊළඟට ඒ වාක්‍ය පොතක එක්
දවසකට 55 වාරයක් ලියන්න.
මේක නොකඩවා දවස් 5ක් ලියන්න ඕන.
මේ වෙනුවෙන් බොහොම නිස්කලංක
වෙලාවක් තෝරාගන්න ඕන.
උදේම අවදි වුන ගමන් හෝ
නින්දට යන්න කලින් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
විශ්ව ආකර්ශනීය නීතිය ගැන තව
දේවල් ගොඩාක් තියෙනවා ඒ ගැනත් අපි පිළිවෙලට ඔයාලට කියලා දෙන්නම්.
සබැඳි ලිපි - විශ්වයේ ආශිර්වාදයෙන් ජීවිතය දිනමු - පියවර 02 (EXCLUSIVE)