මේ දවස්වල විවිධාකාර උණ රෝග හැමතැනම පැතිරෙනවා. මේ තත්ත්වයට හේතුව එක් තනි රෝගයක් නොවන අතර පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග කිහිපය...
මේ දවස්වල විවිධාකාර උණ රෝග හැමතැනම පැතිරෙනවා.
මේ තත්ත්වයට
හේතුව එක් තනි රෝගයක් නොවන අතර පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග
කිහිපයක් ඇති වීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව
පෙනී යයි. ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු
සහ තවමත් පහව ගොස් නැති කොවිඩ් -19 වැනි
නොයෙකුත් රෝගවල මූලික ලක්ෂණයක් ලෙස උණ තත්ත්වය ඇති වෙනවා.
මේ තත්වය බොහෝ
දෙනාට එතරම් ගැටළුවක් නොවුනත් එවන් උණ රෝග ගැබිණි මවකට
වැළඳීම අවදානමකට අත වැනීමක්
මොකද ? ඩෙංගු
සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල සංකූලතා නිසා 2018 වසරේ පමණක්
මාතෘ මරණ 41ක් සිදුවුනා.
ගැබිණි මවක්
යම් හෙයකින් කොවිඩ්-19 තත්ත්වයට ගොදුරු වුවහොත්, තත්ත්වය
බරපතළ වීමත් කුස තුළ සිටින දරුවාට පවා සංකූලතා
ඇති වීමටත් වැඩි ඉඩක් ඇති බව ඔබ මේ වනවිට
දැනුම්වත් ඇති.
ඉන්ෆ්ලුවෙන්සා
වයිරසය ආසාදනය වීමේදී නාසයෙන් සොටු
දියර ගැලීම, මස් පිඬු / අතපය වේදනාව, හිසරදය
සහ ඇතැම් විට වමනය හා පාචනය වැනි තත්ත්ව දක්නට හැකියි. කොවිඩ් - 19 ආසාදනයේදීත්
මීට සමාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකියි. ඩෙංගු ආසාදයක දීත් උණ, හිසරදය, මස්
පිඬු වේදනා ආදී සංකූලතා මතු වීමට පුළුවන්.
ඇතැම් පොදු
රෝග ලක්ෂණ නිසා මේ තත්ත්ව එකිනෙකෙන් මෙන්ම වෙනත් සාමාන්‍ය
වයිරස් උණ රෝගවලින්
වෙන්කර හඳුනාගැනීමද ඔබට අපහසු වේ.
ඒ වගේම ගැබිණි
ඔබට ඉහත කී උණ රෝගවලදී විශේෂිත ප්‍රතිකාර සහ වැඩි වෛද්‍ය අවධානයක්ද අත්‍යවශ්‍යම වෙනවා.
මේ නිසා
ගර්භණී කාන්තාවකට උණ තත්ත්වය ඇති වුවහොත් මුලින්ම ගත
යුතු වැදගත්ම පියවර වන්නේ , පළමු
දිනය තුළ දී ම රෝහලක් වෙත යොමු වී නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරිමයි.
ඉන්ෆ්ලුවෙන්සාව
/ කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මගින් බෝවන රෝග වළක්වා ගැනීමට අප
දැනටමත් හොඳින් දන්නා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඉටුකලා නම් හරි.
ඒ් තමා කොවිඩ්
එක්ක අපා හුරුවුන නිවැරැදිව මුහුණු ආවරණ පැළැඳීම, සමාජ
දුරස්ථභාවය, දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි දේවල්.