හැමෝම මේ දවස් කල කතා කරන්නේ සල්ලි ප්‍රශ්ණ ගැන. බලාගෙන යද්දි මේ ප්‍රශ්ණ අපට විතරක් නෙමෙයි වෙන අයටත් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් ස...
හැමෝම මේ දවස් කල කතා කරන්නේ සල්ලි ප්‍රශ්ණ ගැන.
බලාගෙන යද්දි මේ ප්‍රශ්ණ අපට විතරක් නෙමෙයි වෙන
අයටත් තියෙනවා.
ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි
මව් සමාගම වන මෙටා, හි ආදායම පහත වැටිලා.
මෙතෙක් ඉහල ආදායම් වාර් තා කල සමාගමක් වන මෙටා
සමාගම මේ අනුව සියයට 01 ක පහත වැටීමක් පෙන්වනවා.
ඒ් අනුව ඩොලර් බිලියන 30 සිට 28 දක්වා මෙම පහත වැටීම පෙන්වනවා.
සමාජ මාධ්‍ය දැවැන්තයා TikTok වැනි ප්‍රතිවාදීන්ගෙන් දැඩි තරඟයකට මුහුණ දී ඇති නිසා Meta හි ප්‍රමුඛතම සමාජ වේදිකාව වන Facebook
හි වර් ධනයද අඩුවි තිබෙනවා.
ඒ් අනුව මෙවර
වර් ධනය පෙන්වනුයේ සියයට 3 ක් ලෙසයි.
මෙටා හි ප්‍රධාන
විධායක mark zuckerberg මේ ගැන කියන්නේ
මෙන්න මෙහෙම
"අපි ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයට
පුළුල් බලපෑමක් ඇති කරන ආර් ථික පසුබෑමකට අවතීර්ණ වී ඇති බව පෙනෙනවා.
ඒ් අනුව ඊළඟ වසර තුළදී සේවක සංඛ්‍යාව අඩු කිරීමටත්
පියවර ගන්නවා.
මෙහි එක් පියවරක් ලෙස ලොව පුරා ඉන්න මෙටා සේවක
පිරිස සීමා කරන බවත් විධායක නිළධාරීන්ගේ පහසුකම් කප්පාදු කරන බවත් ඔහු කියා සිටියා.
වැඩිදුරටත් කියා සිටින්නේ “මෑත ඉතිහාසයේ ඔවුන් දුටු නරකම පසුබෑම සඳහා
සූදානම් වන ලෙසයි.”