හිසකෙස් ආශ්‍රිත පැනනඟින බොහොමයක් රූපලාවණ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට වෙළෙඳපොළෙහි තිබෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය සත්...
හිසකෙස් ආශ්‍රිත පැනනඟින බොහොමයක් රූපලාවණ්‍ය ගැටලු සඳහා
විසඳුම් ලබා ගැනීමට වෙළෙඳපොළෙහි තිබෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය
සත්කාරයන් භාවිත කිරීම සුදුසු නැහැ.
එමඟින් ඔබගේ ගැටලු තව තවත් වර්ධනය විය හැකියි. ඒ නිසාම ස්වාභාවික අමුද්‍රව්‍ය මඟින් සකසා ගත හැකි සත්කාරයන් ඔබ වෙතට ගෙන ඒමට අප නිතරම
උත්සාහ කරනවා.
එවැනිම වටිනා හිසකෙස් සත්කාර කිහිපයක් පිළිබඳව පහතින්
කියවා බලමු.
හිසකෙස් වැවීම වේගවත් කරන සත්කාරයක්
අවශ්‍ය ද්‍රව්‍ය
-පොල් තෙල් තේ හැඳි 2ක්
-එඬරු තෙල් තේ හැඳි 2ක්
-විටමින් E කරල් 4යි
-ලැවැන්ඩ්‍රා ඔයිල් බින්දු කිහිපයක්
සාදා ගන්නා ආකාරය
පිරිසුදු භාජනයක් ගෙන
පොල්තෙල්, එඬරු තෙල්, ලැවැන්ඩ්‍රා තෙල් එකතු කොට
සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. අවසානයට විටමින් E කරල් ටික කඩා තෙල් ටික එකතු කරන්න.
භාවිත කරන ආකාරය
හිස්කබලේ සහ හිසකෙස්වල ආලේප කොට විනාඩි කිහිපයක් මසාජ් කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.
මෙම සත්කාරය සතියකට වරක් භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල
ලබාගත හැකියි. පීනසය නොමැති නම් රාත්‍රි කාලයට වුවද භාවිත කිරීම ඉතාම සුදුසුයි.
අප්සරා තිලකරත්න
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි