ගැහැනු ළමයෙක් එක්ක යාළුවෙලා ඉන්න පිරිමි ළමයෙක් දන්නවා ඒ ගෑනු ළමයා එක්ක ගනුදෙනු කරන එක කොයි තරම් අමාරුද කියන දේ. එක මැසේජ් එකක් වැරදුණොත්...
ගැහැනු ළමයෙක්
එක්ක යාළුවෙලා ඉන්න පිරිමි ළමයෙක් දන්නවා ඒ ගෑනු ළමයා එක්ක ගනුදෙනු කරන එක කොයි
තරම් අමාරුද කියන දේ.
එක මැසේජ් එකක්
වැරදුණොත් සති ගණනාවකට හරි යන්න ඔයා ඔයත් එක්ක රණ්ඩු අල්ලන්න එන එක ගොඩක් අයගේ
අත්දැකීමක්.
ඒක නිසා ගැහැනු
ළමයෙක් එක්ක මැසේජ් කරනකොට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම තමයි ගැහැනු ළමයෙක්
කියන්නේ හරිම සංකීර්ණ ජාතියක්.
එයාලා කෙළින්ම
දෙයක් නොකිව්වට තමන් ආදරේ කරන පිරිමි ළමයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා.
එයාලගේ හිත
දිනාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.
ඉතින් අද අපි කතා
කරන්න යන්නේ තමන් ආදරේ කරන ගෑනු ළමයට වැරදිලාවත් යවන්න හොඳ නැති මැසේජ් 5ක් ගැනයි.
Gm මැසේජ් එක යවන්න
එපා
අපේ කොල්ලොන්ගෙ
කෙල්ලොන්ගෙ සාමාන්‍ය පුරුද්දක් තමයි උදේට Gm මැසේජ් එක යවන එක.
දැන් ඔයා හිතයි උදේට ගුඩ්මෝනින් කියන එක ඇයි වැරැද්දක්ද කියලා. උදේම ගැහැනු ළමයෙක්ට ගුඩ්මෝනින් කියලා සුබ පතන එක හොඳයි.
මේ වැඩේ දවසක් දෙකක් කරගෙන යනකොට එයත් හරිම සතුටින් වගේ
ඔයාට ගුඩ්මෝනින් කිව්වත් ටිකක් දවස් යනකොට එයාට මේ වැඩේ එපා වෙන්න ගන්නවා.
ගැහැනු ළමයෙක්
බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ගුඩ්මෝනින් එකකින් එහා ගියපු හරිම ආදරණීය ආකර්ෂණීය
මැසේජ් එකකටයි.
ඔයාට කෙනෙක්ගෙ
හදවතට ඇතුළු වෙන්න ඕන නම් එයාගෙ දවස ආරම්භයේම හිත හොඳ හැඟීමකින් පිරිලා ඉතිරෙන
විදියේ පණිවුඩයක් යවන්න.
එතකොට මේ වගේ gm, gn වගේ කෙටි මැසේජ්වලට ඔයාගෙ ආදරය
වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නැහැ.
ඔයා ඉන්නවද අහන්න
එපා
ඔයා ගැහැනු
ළමයෙක්ට මැසේජ් එකක් දැම්මට පස්සේ එහෙමත් නැත්තම් කෝල් එකක් ගත්තට පස්සේ එයා
ඔන්ලයින් හිටියේ නැති නම්, එයා රිප්ලයි කළේ
නැත්නම්, ආන්සර් කරේ
නැත්තම් ඔයා ඉන්නවද? ඇයි නැත්තෙ? කියලා නිතර දෙවේලේ අහන්න යන්න එපා.
ඔයා මේ විධියට හැමදාම නිතරම අහනකොට කිසිම අගයක් නැති වෙනවා වගේම ඔයාව එයාට කරදරයකුත් වෙනවා.
සාමාන්‍යයෙන් මැසේජ් එකක් දාලා ටිකක් වෙලා යනකම් එයාගෙන් රිප්ලයි නැති නම් ඔයාගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න.
ඒත් එයා දවස තිස්සෙම ඔන්ලයින් නැති වුණොත්, කවදාවත් නැතිව පැය 10ක් විතර හොයන්නවත් නැති වුණොත් එයාට
කරදරයක් වෙලාද මොකද කියලා හොයලා බලන්න.
එතකොට එයාට ඔයා
ගැන හරිම ආදරණීය හැඟීමක් පවා ඇති කරන්න පුළුවන්.
hello, hi එපා
සාමාන්‍යයෙන්
පිරිමි ළමයෙක්ට ගැහැනු ළමයෙක් ගැන හිත ගියාම facebook, instagramවලින් මැසේජ් එකක් දාලා ටිකක් චැට්
එකට අල්ලගන්න බලනවා.
ගොඩාක් පිරිමි
ළමයි ඉස්සෙල්ලම යවන්නෙ hlo, hi කියලා.
මේ වගේ මැසේජ්
එකකට රිප්ලයි කර කර ඉන්න තරම් අනිවාර්යයෙන්ම ඒ ගෑනු ළමයට වෙන වැඩ නැති වෙන්න ඕනෑ.
අනෙක මේ වගේ මැසේජ් එකකින් ගැහැනු ළමයින් ෆිට් වෙන්න පුළුවන් සම්භාවිතාව හරිම
අඩුයි.
ඒ නිසා ඔයා කැමති
ගැහැනු ළමයෙක් ඉන්නව නම් ටිකක් හිතල බලල හිතල බලල හරිම creative
විදියට එයාව conversion
එකකට අල්ල ගන්න පුළුවන් හොඳ text එකක් යවන්න.
Drunk texts යවන්න එපා
ආදරය සම්බන්ධ
සුළු සුළු ගැටලු ගැන කතා කළොත් ගොඩාක් පිරිමි ළමයි අනාගන්න තැනක් තමයි මේ.
පිරිමි ළමයි Drinks අරගෙන ඉන්න වෙලාවට කොහොමත් හොඳ
සිහියෙන් නෙවෙයිනේ ඉන්නේ. ඉතින් ටිකක් Emotional වෙලා ඔයාට හිතෙනවා කලින් ගැහැනු
ළමයට මැසේජ් එකක් දාන්න, එයාලගෙ යාළුවොන්ට
මැසේජ් දාන්න එහෙම නැත්තම් crush කරන කෙනාට කතා කරන්න හිතෙනවා.
මේ වෙලාවට කිසිම
පාලනයක් නැතිව හිතේ තියෙන දේවල් කියන්න ගන්න නිසා ඔයාගෙ වැඩ ඔක්කොම අවුල් වෙන්න
පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න Drunk text, සිහියක් නැතිව ඉන්න වෙලාවට කිසිම
කෙනෙක්ට මැසේජ් කරන්න යන්න එපා.