Logo
Logo

කාටත් සරණවූ බයිසිකලේ ගන්න කලින් මේවත් හිතන්න.

  මේ දවස්වල තෙල් නැත්නම් ඉන්ධන අර්බුදය එක්ක කවුරුත් ගමන් බිමන් යන්න විසඳුම විදියට හොයාගෙන තියෙන්නේ බයිසිකලය නැත්නම් පා පැදිය. මේ වෙද්දි බය...

 


මේ දවස්වල තෙල් නැත්නම් ඉන්ධන අර්බුදය එක්ක කවුරුත් ගමන් බිමන් යන්න විසඳුම විදියට හොයාගෙන තියෙන්නේ බයිසිකලය නැත්නම් පා පැදිය.

මේ වෙද්දි බයිසිකලයට තියෙන්නේ පුදුම ඉල්ලුමක්.

ඒ නිසාම මේ වෙද්දි බයිසිකලයක ගානත්  අහට උසට ගිහින්.

ඒ නිසාම බයිසිකලයක් මිලදී ගන්න කොටත් දැන් හොයලා බලන්න වෙනවා.

ඒ කියන්නේ අපි හරියට කාර් එකක් ,වෙනත් වාහනයක් ගන්න යද්දි ඒ ගැන හොයනවා වගේ මේ ගැනත් හොයන්න ඕන.

මොකද අපිට ගැලපෙන බයිසිකලය තමා අපි ගන්න ඕන.

මේ කියන්න හදන්නේ බයිසිකයක් ගන්න කලින් අපි හිතන්නම ඕන කාරණා ටිකක් ගැන.


1. ඔයාට සුදුසු වර්ගය බයිසිකල් මොකක්ද?

ඔයා හොයන්නෙ සාමාන්‍ය පාරේ කරදරයක් නැතුව පැදගෙන යන්න එකක් නම් ඔයා මිලදී ගන්න ඕනි රෝඩ් බයිසිකල් (Road Bike) එකක්.

මේක බරින් අඩුයි.

Drop handle bar තියෙන්නේ.

ඒ කියන්නේ handle එක පහතට නැමිලා තියෙන ඒවා,සාමාන්‍ය මට සිළුටු මතුපිටක් තියෙන පාරක පහසුවෙන් යන්න පුළුවන්.

කඳු පල්ලම් සහිත රළු පාරක පදින්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනි Mountain Bike එකක්.

Disk brakes තියෙන,ගියර් system එකක් තියෙන,රෝද පළලින් වැඩි, කට්ට වැඩියෙන් තියෙන එකක්. මේකේ රෝද thick ගතිය වැඩියි. හරියට ජිප් එකක් වගේ.

ඔයාගේ ගමන් මග සාමාන්‍යය මතුපිටක් තියෙන, ඒ වගේම බොරලු පාරක් නම් ඔයාට හොඳ Fitness hybrid bike එකක්ම තමයි.

ඉස්සෙල්ලම කියපු bike වර්ග දෙකේම සංකලනයක් තමයි මේක.

ඔයාට සාමාන්‍ය පාරේ යන ගමන් ඉදලා හිටලා බොරලු පරකත් යන්න හිතුනොත් ඔයා අනිවාර්යෙන් තෝරාගන්න ඕනි Sport hybrid bike එකක්.

එහෙමත් නැත්නම් Dual sport bike එකක්. ඔයාට එදිනෙදා අවශ්‍ය ගමන් බිමන් යන්න.

අත්‍යව්‍යය දෙයක් ගෙන්න කඩේකට යන්න, Office යන්න ඕනි නම් ඔයාට ගැලපෙන්නේ ම Comfort hybrid bike එකක්. ඒක සැහැල්ලුයි, විශේෂයන් කූඩයක්, පසුපස ආධාරකයක් වැනි උපංගත් සමගයි මේක එන්නේ.

2. උසට සරිලන පාපැදිය


පාපැදියක් ගන්න ගියාම අනිවාර්යෙන් බලන්න ඕනි දෙයක් තමයි අපේ උස අනුව අපිට සුදුසු මොන size එකද කියන එක. ඔන්න ඉතිං අපි shop එකකට ගිහින්ම ගත්තොත් නම් නැගලා බලලා ගන්න පුළුවන්.

Online order කළොත් තමයි අපි මේ ගැන හිතන්නම වෙන්නේ.

3. ටයර් සයිස් එක

 මේ ගැනත් දැනගෙන ඉන්න එක ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් බයිසිකල් ටයර් 12.5 cm සිට 28 cm දක්වා පළලකින් යුතු වෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට අනුව බයිසිකලයක් මිලදී ගන්න කොට මේකත් ගොඩාක් වැදගත් වෙනවා.

4.‍සිට් එකේ සැප

 


මෙතෙක් ආ comfortable ම සීට් එක තියෙන්නේ රැලේ (Rally) වර්ගයට අයත් බයසිකල් වල. මේක සම්පූර්ණ spring එකකින් සමන්විතයි (යකඩ වලින්). මොකද අපිට පහසුවෙන් වගේම ලොකු විනෝදයකින් බයසිකලය පදින්න නම් සුව පහසු සීට් එක හුගක් වැදගත්.

5. ගත්ත ගමන් පදින්න පුළුවන් ද

ගොඩාක් අය හිතනවා ඇති බයිසිකලයක් නම් ඉතිං ගත්ත ගමන් පදින්න පුලුවන්නේ කියලා. ලංකාවේ පාපැදි නිෂ්පාදනය කරන්නේ එකම එක company එකක් විතරයි. ඒකත් තමන්ගේ නිෂ්පාදන අපේ වෙළඳපලට දාන්නේ නෑ.

ලංකාවේ විකුණන්නේ එකලස් කරපු බයිසිකල්. ඉතිං මේවා ගොඩාක් වෙලාවට මාස 7-8 වෙනවා fit කරලා එක තැනක තියලා. ඒ නිසා අලුතින් ගත්තුගමන් පදින්න යන්නේ නැතුව, දන්න-කියන තැනකට ගිහින් nut bolt ටික තද කරලා, ග්‍රීස් ටිකක්, තෙල් ටිකක් දාලම ගත්ත නම් හුඟ කාලයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් වෙයි.

6. පොඩි පොඩි නඩත්තු කටයුතු

 


අලියෙක් ගත්තනම් හෙන්ඩුවකුත් ගන්නම ඕනි වෙනවනේ.. අන්න ඒ වගේ හුළං පොම්පයක්, ටයර් repair kit එකක්, අඟල් 13.14,15,16,17 වගේ යතුරු කිහිපයක් එහෙම ළඟ තියාගත්තනම් පොඩි පොඩි ලෙඩ වලට වින්කලේ අයියාව හොයාගෙන දුවන්න වෙන වාර ගාන අඩු කරගන්නත් පුලවන් වගේම ලංකාවේ හුළං පෝලිමක් ඇතිවෙන එකත් අඩු කරගන්න පුළුවන්.

7. ආරක්ෂාව ගැනත් හිතමු

කොහේ බැලුවත් ඉස්සර 7000 – 20000 අතර තිබුණු බයිසිකලයක් දැන් 45000-500000 අතර මිලකට තමයි විකිණෙන්නේ. ඉතිං කවරදාකටත් වඩා බයිසිකල් හොරුත් වැඩි වෙලා. පොඩි ගානක් වියදම් කරලා කෝකටත් ලොක් එකක් දා ගන්න එකත් වැදගත් වෙනවා. ඉස්සරනම් lock එකක් 600 කට විතර ගන්න තිබුණා. දැන්නම් 2500-3000 අතර වෙනවා. ටිකක් හොයල බැලුවොත් නම් අඩුවට ගන්න පුලුවන් වෙයි.

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: කාටත් සරණවූ බයිසිකලේ ගන්න කලින් මේවත් හිතන්න.
කාටත් සරණවූ බයිසිකලේ ගන්න කලින් මේවත් හිතන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipgiuLAXT0wX9MQF4ybwYYYBxfNgg7hCUFtjKg0J9QnE1Z1Vb6-sMwAtE_vo73juMT5IO_EdxIqLbJQ85RRIo5FgDj4apTYqvTh9encX1-ofko0hsDK0r0wMP6bacQa-r2KMrbtgA__itg25apmUR_uzXuHm99Ow0KZiz6_03KrZihduGPNwzd5Nnk/s16000/istockphoto-1340571998-170667a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipgiuLAXT0wX9MQF4ybwYYYBxfNgg7hCUFtjKg0J9QnE1Z1Vb6-sMwAtE_vo73juMT5IO_EdxIqLbJQ85RRIo5FgDj4apTYqvTh9encX1-ofko0hsDK0r0wMP6bacQa-r2KMrbtgA__itg25apmUR_uzXuHm99Ow0KZiz6_03KrZihduGPNwzd5Nnk/s72-c/istockphoto-1340571998-170667a.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/07/27-before-buy-bicycle-think.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/07/27-before-buy-bicycle-think.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content