හිස ආශ්‍රිතව හැදෙන ලෙඩ රෝග බොහෝය. ඒවා විවිධය. වෙනස් විදිහට ප්‍රතිඵල ගෙන දෙන්නේය. පුරාණයේ පටන් දේශීය වෙදකමට අනුව “හිස” සුවිශේෂී සත්කාරයකට බ...
ඒවා විවිධය.
වෙනස් විදිහට ප්‍රතිඵල ගෙන දෙන්නේය. පුරාණයේ පටන් දේශීය වෙදකමට අනුව “හිස” සුවිශේෂී සත්කාරයකට බඳුන් කරවන විවිධ වූ වෙදකම් තිබුණේය.
ඒවා පරිසරය හා බැඳුණු මිනිසාගේ ජීවන රටාවන් අනුව සැකසුණු, වඩාත් ගැඹුරින් අත්හදා බැලූ වෛද්‍ය ක්‍රම ඔස්සේ සැකැසුණේය.
එනිසා පුරාණ වෛද්‍ය ශාස්ත්‍රීය පොත පතෙහි හිසට ගල්වන වටිනා ඔසු එකතුවක් හා සත්කාරයන් රාශියක් සටහන් වූයේය.
ඒ බොහෝමයක් ඒ ඒ කාලවල දැනුමැති වෛද්‍ය පරම්පරාවන් විසින් සොයාගත් අත්දුටු ප්‍රතිකාරයෝමය. දහස් ගණන් රෝගීන් සුවපත් කළ ඒවාමය.
මෙවර අප ගෙන එන්නේ එසේ සැකසුණු පුරාණ වෙද වට්ටෝරු කිහිපයක තිබුණු අත් බෙහෙත් කිහිපයකි.
මේවා ඒ ආකාරයෙන්ම සකසාගෙන, ඕනෑම නම් දේශීය වෛද්‍යවරයකුගේ උපදෙස්ද සමඟ භාවිත කර ප්‍රතිඵල ලබාගත හැකියාව ඇත. මේ ඉන් කිහිපයකි.
නෙල්ලි, කරපිංචා ඇට කොටා තම්බා හිස සේදීම එක දිගට ටික කලක් ඔබ කරයි නම් දුර්වර්ණ වූ ඔබේ හිසකෙස්වල එම පැහැය දුරු වී හිසකෙස් කළු වනු ඇත.
තවද තලතෙල් හා ගොටුකොළ එළකිරෙන් අඹරා ගෑමෙන් හිසකෙස් ඝනව වැඩෙන්නේය. එසේම දැත්ත මුල්, ලොත් සුඹුළු චූර්ණ කොට තල තෙලෙන් කකාරා, ආලේප කිරීමෙන් හිසකෙස්වල දුඹුරු පැහැය දුරු වෙයි.
අබමල්, අරළු, නෙල්ලි, කුඹුක් පොතු, අවරිය සමව ගෙන කොටා යුෂ ගෙන තලතෙල් දමා සිඳවා ගත් තෙල හිස ගැල්වීමද ගුණය.
තවද තිප්පිලි, අරළු, අවරිය, සහිඳ ලුණු චූර්ණය, ඉඟුරු යුෂ හෝ සහල් කැඳ වතුර සමඟ හිස ගැල්වීමත් ප්‍රතිඵල දායකය. එසේම ගොරෝචන, කළු තල, කළුකැම්බේරිය, හාතවාරිය කොළ සමව ගෙන අඹරා හිස ගැල්වීම වඩාත් සුදුසුය. නිරෝගී බව වඩවයි.
එසේම දිනපතා කොහොඹ තෙල් කළං 12ක් බීමත් කෙස් වඩාත් හොඳින් වැඩීමටත් ඔබේ සමෙහි පැහැය වර්ණවත් වීමටත් හේතු වේ. එසේම කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30කින් පසු නෑ විට හිසෙහි වු උකුණන් වැටී සුවයක් දැනෙනු ඇත.
ඔබට පහසු ලෙස දෙහි ගෙඩි කිහිපයක් පොල් කිරෙන් තම්බා, පොඩි කර හිසේ ගා විනාඩි 30 කින් නෑවොත් හිස්හොරි තුරන් වන බව සත්‍යයකි. කෝමාරිකා මද නෑමට පෙර ගල්වා ටික වේලාවකට පසු නෑමද ගුණය.
තවද අකාල මලිත තෛලය අකලට හිසකෙස් පැසීම හා වැටීම නවතා දමයි. හිසෙහි හට ගන්නා සියලු රෝගවලටද ගුණය. කරපිංචා ඇට විනාකිරෙන් අඹරා ගෑමත්, හිස්හොරි නසා හිසකෙස් කළු පැහැ කරන්නට හේතු වෙයි. උකුණන් වේ නම් ඒ සියල්ල වැටී සුවසහනයක් ලැබෙයි.
වෛද්‍යමෘතය ඇසුරෙනි