වට්සැප් කියන්නේ මේ වෙද්දී ලෝකෙ ජනප්‍රියම මොබයිල් ඇප් එකක්. ඉතං මෙච්චර ප්‍රයෝජනවත් ඇප් එක නිර්මාණය වුන විදිහ ගැන අපි හිතුවා කියා දෙන්න. ...
වට්සැප් කියන්නේ මේ වෙද්දී ලෝකෙ ජනප්‍රියම මොබයිල් ඇප් එකක්.
ඉතං මෙච්චර ප්‍රයෝජනවත් ඇප් එක නිර්මාණය වුන විදිහ ගැන අපි හිතුවා
කියා දෙන්න.
මේ ඇප් එක නිර්මාණය කරන්නේ 2009 අවුරුද්දේෙ මේ වැඩේට මූලික වුණේ ලොව
ප්‍රකට යාහූ සමාගමේ සේවය කරපු බ්‍රයන් ඇක්ටන් සහ ජැන් කොයුම් කියන දෙන්නා.
මේ අයට ඕන වුණේ කන්ටැක්ට් ලිස්ට් එකේ එක එක අයගේ නම ඉදිරියෙන්
ඔවුන්ගේ ස්ටේටස් එකක් පෙන්වන විදිහට ඇප් එකක් හදන්න.
වට්සැප් කියන නම දාන්නෙත් ඒ නිසා. What’s up කියන වචනේ වෙනත් ස්වරුපයක් තමයි වට්සැප් කියන්නෙ.
අදටත් ඒ ඔප්ෂන් එක වට්සැප් වල තියෙනවා.
මේ දෙන්නා මේ නිර්මාණය කරලා ඒකේ ඩෙමෝ එක හොඳම යාළුවන්ට දෙනවා.
හැබැයි ඉතිං කවුරුත් වැඩේට කැමති වෙලා නෑ.
ඒකට හේතු වෙලා තියෙන්නේ ඇප් එක ක්‍රෑෂ් වීම වගේම බැට්රි ඉක්මනට
බහින එක.
ටික කලෙකට පස්සේ ඇපල් ආයතනය Push Notification පහසුකම
ලබාදීම නිසා වට්සැප් ඇප් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා වඩා සිත්ගන්නාසුළු ඇප්
එකක් බවට පත් වුණා.
එත් සමගම ඕන කෙනෙක්ට ඕන වෙලාවක තමන්ගේ ස්ටේටස් එක අප්ඩේට් කරන්න
පුළුවන්.
එහෙම කරපු ගමන් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම අයට ඒක පේනවා.
ඉතින් සමහරු මැසේජ් පවා ස්ටේටස් විදිහට අප්ඩේට් කරන්න ගත්තා.
පස්සේ නිර්මාපකයින්ට හිතුණා මේක මැසේජ් කරන්න පුළුවන් ඇප් එකක් බවට පත් කරන්න.
ඒ විදිහට වට්සැප් 2.0 එලියට එන්නේ.
ඒ වෙනකන් ඇපල් සඳහා පමණක් වුනු වට්සැප් සිම්බියන් සහ බ්ලැක්බෙරි
සඳහා විවෘත වුණා 2010 දී.
2010
අගෝස්තු වලදි Android සඳහා විවෘත වුණා. 2009 දෙසැම්බර් මාසේ ඡායාරූප හුවමාරු
කරගැනීමේ පහසුකම ඇපල් සඳහා හඳුන්වා දුන්නා.