ඔෆිස් වල වැඩ කරන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. විවිධ විවිධ මිනිස්සුත් එක්ක අපිට වැඩකරන්න වෙන නිසා හරිම පරිස්සමෙට තමා වැඩ කරන්න වෙන්නේ. ...
ඔෆිස් වල වැඩ කරන එක ඒ තරම් ලේසි
වැඩක් නෙමෙයි.
විවිධ විවිධ මිනිස්සුත් එක්ක අපිට
වැඩකරන්න වෙන නිසා හරිම පරිස්සමෙට තමා වැඩ කරන්න වෙන්නේ.
විශේෂයෙන්ම පාරිභෝගිකයින් වැඩිය මුණගැහෙන
තැනක නම් ඔයා වැඩ කරන්නේ මේ වැඩේ තවත් වැඩියි.
එතකොට ඹෆිස් ස්ටාෆ් එක ගැන විතරක්
නෙමෙයි.එයාලවත් බැලන්ස් කරන් තමයි වැඩ කරන්න ඕන.
මෙතනදි වැදගත්ම දේ තමයි මේ හැම දේම බැලන්ස් කරගෙන වැඩ
ටික කරන එක.
එහෙම වැඩකරන්න ඔයාට හුරු නැත්නම්
මෙන්න එකට ටිප්ස් ටිකක්.
1. හොඳටම ඉවසන්න.
කවුරු මොන දේ
කිව්වත් එක් පාරට කලබලවෙලා උත්තර දෙන්න යන්න එපා.
විශේෂයෙන්ම
ඔයාගේ ආයතන ප්‍රධානියා දෙයක් කියද්දි ඒක අවධානයෙන් අහන් ඉන්න.
විශේෂයෙන්ම ඔයාට
බැන්නත් චෝදනා කලත් මොකක්ද මේ කියන්නේ කියලා අහන් ඉන්න.
ඒ වගේම ඔයාගේ
කස්ටර්මර් කෙනෙක් ඔයාට ආයතනයට බැන්නොත් කිසිම වෙලාවක කේන්ති ගන්න එපා.
ඉවසීමෙන් ඉන්න.
මම මෙච්චර වැඩ
කරනවා... ඒත් මටමයි බනින්නේ..
එපා වෙනවා මට
මේ රස්සාව..
මේ වගේ නෙගටිව්
දේවල් හිතන්නම එපා.
මොනදේ වුනත්
ඉවසන්න.
නැත්නම් කාගේන
අහගෙන ඉන්න. පස්සේ ඔයාගෙන් වරදක් අඩුපාඩුවක් වෙලා නම් සමාවගන්න, නැත්නම් ඇත්ත
තත්වය වටහලා දෙන්න.
එතකොට හරිම
පහසුයි.
.2. කට පරිස්සමෙන්
කතාවටත් කියන්නේ
කට හින්ද තමයි නහින්නේ කියලා.
අන්න ඒවගේ අපි
නිතරම උත්සහ කරන්න ඕන කට පරිස්සම් කර ගන්න.
කවුරු මොනවා
කිව්වත් ඒකට එකපාර උත්තර දෙන්න යන්න එපා.
අනිත් දේ
අනුන්ගැන විවේචනය කරන්න යන්න එපා.
හැමතිස්සේම අදල
නැති දේවල් කතා කරන්න යන්නම එපා.එතකොට වැඩ කරන් ඉන්න හරිම පහසුයි.
3. පෙන්වාදෙන දේවල් ටික ලියාගන්න
ඊළඟ දේ තමයි ඔයාට බොස් කියනවනම් දෙයක් අන්න ඒ දේවල්
හිතේ තියාගන්නේ නැතිව ලියා ගන්න.
මොකද අපිට මතකෙ
තියාගන්න පුළුවන් සීමාවක් තියෙනවා.
ඒ වගේම වැඩවල
පීඩනය එක්ක අපිට දේවල් මග හැරෙන්න තියෙන අවස්ථාව වැඩියි.
අන්න ඒ නිසා
වෙනම පොඩි පොතක් තියන් ලියාගන්න.
4. ප්‍රශ්න අහන්න
ලොක්කා නිතරම ඔබේ වැඩ ගැන අකමැත්තෙන් නම් ඉන්නේ ලොක්කාට ඕනෑ විදියට වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා හරියට දැනගන්න වෙනවා.
මේකට ඔෆිස් එකේ ඉන්න, ඉරිසියා නැති පරණ කෙනෙක්ගෙන් අහලා මිනිහාගේ හැටි දැනගන්න පුළුවන්.
අලුතින් ආපු බොසෙක් නම් ඔබට
එයාගෙන් ශේප් එකේ අහන්න වෙනවා සර් මේක මොන විධියට කෙරුණොත් ද හොඳ කියලා.
ඊට පස්සේ මිනිහාගෙන්ම වැඩේ
කෙරෙන්න ඕන හැටි අහගෙන ලුණු ඇඹුල් නොදා ඒ විධදියටම කරලා පෙන්වන්න.
ආයෙ ඒකෙම වැරැද්දක් කිව්වොත්
ඉතින්: “සර් කියපු විදියටම තමා ඉතින් කළේ” කියලා කියන්න.
5. ස්තූතියි කියන්න
වෙන හැමදෙයක්ම සුබවාදීව දකින්න.
ඒ වගේම මේ හැම දේම වෙන්නේ මගේම හොඳට කියලා හිතන්න.
වෙන හැමදේටම ස්තූතිවන්ත වෙන්න.
ඒ වගේම ඔෆිස් එකේ හැම කෙනක් එක්කම සුහදව ඉන්න ගමන් ඔයාට කරන පොඩි
උදව්වටත් ස්තූතිවන්ත වෙන්න.
ඒක පුරුද්දක් කරගන්න.