කොරෝනා එකක්ම අපිට උරුමවුන දෙයක් තමා ෆේස් මාස්ක් නැත්නම් මුහුණු ආවරණය. මේකට මුව ආවරණය කියලත් කට්ටිය කියනවා. මොන නම භාවිතා කලත් දැන්නම් ...
කොරෝනා එකක්ම අපිට උරුමවුන දෙයක් තමා ෆේස් මාස්ක් නැත්නම්
මුහුණු ආවරණය.
මේකට මුව ආවරණය කියලත් කට්ටිය කියනවා.
මොන නම භාවිතා කලත් දැන්නම් බොහෝ අය මාස්ක් පළඳින්නේ නෑ.
මේකට ප්‍රධාන හේතුවක් වුනේ පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ
තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම
එත් එක්කම කට්ටිය හිතුවා මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව
ගොස් ඇති බවට.
දැන් පොදු ස්ථාන වල පවා මේවා පාවිච්චි වෙන්නේම නෑ.
නමුත් ලෝකයේ නව කොරෝනා රැල්ලක් යළි මතුව තිබෙනවා.
මේ අතර ගෙවුණ සති
දෙකේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෛනිකව
වැඩිවෙමින් පවතින නිසා,
වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත
රෝග විද්‍යා අංශයේ ප්‍රධානී
විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටින්නේ රටේ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොවිඩ් රෝගය ජනතාවගෙන් දුරස්ව ඇති බවත්
එහෙත් නොදැනුවත්වම මේ වයිරසය මේ වන විට
සමාජයෙන් නැවතත් හිස ඔසවමින් තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.