වාහන තෙල් නැත්නම් ඉන්ධන මේ වෙද්දී අපේ රටේ තියෙන ලොකුම මාතෘකාව. මේ වෙන කොට ආණ්ඩුව විසින් ජනතාවට ඉන්ධන හරියාකාරව ලබා දෙන්න විවිධ ක්‍රම අනුගම...
වාහන තෙල් නැත්නම් ඉන්ධන මේ වෙද්දී අපේ රටේ තියෙන ලොකුම මාතෘකාව.
මේ වෙන කොට ආණ්ඩුව විසින් ජනතාවට ඉන්ධන හරියාකාරව ලබා දෙන්න විවිධ
ක්‍රම අනුගමනය කරනවා.
අළුත්ම ක්‍රමය තමයි QR කේතය සහිතව ලබාදෙන ඉන්ධන කූපන්
එක.
කොහොම වුනත් තාමත් ප්‍රශ්ණය එහෙමමයි.
මේ නිසා Life Line අපි හිතුවා ඔයාගේ වාහනේ තෙල්
නැත්නම් ඉන්ධන කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් කියලා දෙන්න.
මේ ක්‍රම ටික හරියටම පාවිච්චි කලොත් ඔයාට පුළුවන්,වාහනේ ටැංකියේ
තෙල් ටික හොඳටම පාවිච්චි කරන්න.
මේ ක්‍රම මගින් වාහනේ ඉන්ධන දහනය, නැත්නම් තෙල් පිච්චෙන එක අවම
වෙනවා.
මෙන්න ක්‍රම ටික.
01. Accelerator පාලනය.
ඕනම දේකට
පාලනයක් ඕනනේ. ඒ වගේම තමා වාහනය ධාවනය කරද්දිත් මේ වගේ පාලනයක් තියා ගන්න ඕන.
ඒ කියන්න වාහනය
පදවද්දි Accelerator එක පහලටම පාගන්න එපා.
කතාවට කියන්නේ
ලෑල්ලටම පාගනවා කියලා, අන්න එහෙම කරන්න එපා.
අපි දකිනව සමහර
වෙලාවට අපිම වුනත් accelerator එක පාගන එකට වඩා කරන්නෙ ඒක උඩ
හිටගන්න එක.
විශේෂයෙන්ම
තරුණයන් වාහනය අතට ගත්තම ඉගිලෙන්න හදනවා. ඒත් ඉතින් ලංකාවෙ මේ තියෙන තෙල් ප්‍රශ්නය
සහ ඔයාගෙ ජීවිත අවධානම යන දෙකම ගැන හිතනව නම් accelerator
එක ලෑල්ලට පාගන
එක නවත්වන්න
Accelerator එක හයියෙන් පෑගුවම වෙන්නෙ ඒක එක පාරටම පිකප් කරන්න ඕන නිසා ගොඩක් තෙල් පිච්චෙනවා.
හිමීට බබා වගේ වාහනය ස්ටාට් කරන්න. මේ උපක්‍රමය මඟින් ඔයාට වාහනයේ
තෙල් පිච්චෙන එක අවම කරගන්න පුලුවන්.
02. බ්‍රේක් එක එකපාර පාගන්න එපා.
වාහනයක බ්රේක් එකෙන් තමයි එහි වේගය පාලනය වෙන්නෙ.
ඉතින් ඔයාලට මේ කියන්නේ එක පාරම වේගයේ පාලනයක් නැතිව බ්‍රේක් කරන්න
එපා කියන එක.
අපි අධික වේගයෙන්ම බ්රේක් එක පෑගුවොත් එකෙන් තෙල් පිච්චෙන එක වැඩි
වෙනවා. මොකද වේගය පාලනයක් නැති නිසා අධික වේගය එක පාරම නවත්වන්න වැඩි ඝර්ෂනයක්
යෙදිය යුතු වෙනවා.
මේ සදහා ශක්තිය නිපදවන්නේ තෙල් වලින්. එවිට වැඩිපුර තෙල්
පිචිචෙනවා.
බ්‍රේක් එක හිමීට හිමීට පාගල හිමින් සැරේ slow කරන්න. මේ සඳහා පහසුයි ඔයාට වේගය 60-80 වගේ පවත්වාගෙන යන එක.
මොකද මේ වේගය ඔයාට පාලනය කරගන්න පුලුවන් වේගයක්. අපි හැම වෙලාවෙම
වාහන දෙකක් අතර ඔබ යන වේගය අනුව තප්පර 2-3ක වත් පරතරයක් තියාගෙන යන්න ඕනි.
සාමාන්‍යයෙන් අපි වාහනයක් පදින විට ඉදිරියෙන් යන කෙනාගේ හැසිරීමෙන්
අපිට හිතාගන්න පුලුවන් ඊළඟට මොකද වෙන්නෙ කියල. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න.
විශේෂයෙන්ම colour light එකක් ආසන්නයේදී ඔයාගෙ වාහනය මේ
පරතරය තියා ගත්තොත් ක්‍රමයෙන් හිමීට slow කරන්න පුලුවන් නම් මේ මඟින් ජීවිත
අවධානය අවම වනවා වගේම අධිකව තෙල් දහනය වන එක ඔබට වලක්වා ගන්න පුලුවන්.
03. ටයර් වල පීඩනය ගැන හිතන්න (සුළං ගැන)
ටයර් වල නියමිත ප්‍රමාණයට හුළං පිරිල නැත්නම් ඝර්ෂණය වැඩි වෙනවා.
ඝර්ෂණය වැඩි වන විට යොදන්න වෙන බලය වැඩි වෙනවා.
මේ නිසා ඉන්ධන පිච්චෙනවා. හුළං තිබිය යුතු ප්‍රමාණය අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ, දෙකම balance වෙන්න ඕනි.
ටයරයේ හුළං ගැන කතා කරන කොට ටයර් වර්ගය ගැනත් කතා කරන්න ඕනි. මොකද
සෑම වාහනයකටම ජාඩියට මූඩිය වගේවාහනයට ටක්කෙටම හරියන ටයර් එක දාන්න ඕනි.
වාහනයේ වර්ගය අනුව ටයර් වල තියෙන පීඩනය එකිනෙකට වෙනස්.
සතියකට එක් වතාවක්වත් වාහනයේ ටයර් වල හුළං ප්‍රමාණය ගැන සොයා
බලන්න.
05. වාහනයට පටවන බර ගැන සැලකිලිමත්
වෙන්න
වාහනයේ වැඩි බරක් පැටවීම නිසා වැඩි බලයක් යොදවන්න වෙනවා.
විශේෂයෙන්ම කන්දක වාහනය පදවන්න සිදු වූවොත් වඩා වැඩි බලයක් යොදවන්න සිදු වනවා.මේ
නිසා බර ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.
06.හරි වෙලාවට Service කරන්න
වාහනයේ ක්‍රියාකාරිත්වය තීරණය වෙන්නෙ ඒ එක එක කොටස් වල සහසම්බන්ධතා
මත. නියමිත වෙලාවට වාහනය service නොකළොත් වාහනය ලෙඩ දෙන්න පටන්
ගන්නව. එවිට වාහනය ධාවනව කරන්න යොදවන්න වෙන බලය වැඩි වෙනවා. මේ නිසා තෙල් පිච්චෙන
ප්‍රමාණය වැඩි වෙනවා. වාහනය නිසි කාලයට සර්විස් කරන්න පුරුදු වෙන්න.
මෙන්න මේ ටික හරියටම කර ගත්තොත් හොඳටම විශ්වාසයි
තෙල් වල කාර්යාක්ෂමතාවය 100% කියලා.