“ කසාදේ... කසාදේ... හොඳට හිතලා මතලා හොයලා බලලා ..... කරන්න ඕනේ.. අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ... ...........” මේ අපූ...
“ කසාදේ... කසාදේ...
හොඳට හිතලා
මතලා හොයලා බලලා ..... කරන්න ඕනේ..
අනේ දුර දිග
නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ..............”
මේ අපූරු වචන
එක්ක හැඩවුන ගීතය ගයන්නේ අපේ නැසීගිය ගායන ශිල්පී සුනිල් පෙරේරා.
මේ වචන ටිකම
ඇති කෙනෙක්ට කසාදේ නැත්නම් විවාහයේ බරපතල කම දැනෙන්න.
කසාදය ඒ තරමටම
හිතලා ගන්න ඕන තීරණයක්.
නැත්නම් ඉතිං
ජීවිත කාලෙම විඳවීම තමයි.
සමහරු ආදරය
කරලා කසාද බඳිනවා,තවත් සමහරු යෝජනාවකින් කසාද බඳිනවා.
කොහෙම වුනත් ඒ
තීරණය ගන්න ඕන හොඳට හිතලා.
හරි, දැන්
දෙන්නෙක් එකතු වුණා කියන්නකෝ ආදරෙන්.
දැන් ඒ දෙන්නා
ඔහොම ආදරේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා එකට, එක වහලක් යට ජීවත් වෙන්න ඕන කියලා
හිතනවා.
ආදරය කරන
කාලෙදි බොහෝ පෙම්වතුන් ඡන්ද කාලෙට අපේක්ෂකයෝ දෙන පොරොන්දු වගේ ගොඩක් පොරොන්දු
දෙනවා.
හැබැයි අපි
හොඳින් තේරුම් ගන්න ඕන. මේක හරියට අඹ කනවා වගේ කියලා.
මේ නිසාම අද Life Line අපි තීරණය
කබා බඳින්න කලින් දෙන්නෙක් අවංකවම කතාකරන්න ඕන කරුණු ටිකක් ගැන කියන්න.
මේ ටික ශුවර්
එකටම ඔයාගේ ජීවිතයට මාර සපෝට් එකක් වේවි.
01. අතීතේ
දෙන්නනෙක් විවාහ වෙනවා
කියන්නේම එක අරමුණකට එකතු වෙනවා කියන එක.හැබැයි කොහොම වුනත් මේ ඉන්නේ දෙන්නෙක්
නිසා අදහස් වුනත් නොගැලපෙන අවස්ථා එමටයි.
ඒ නිසා තමන් තමන්ට අවංකව
තමන්ගේ ඉතිහාසය දෙන්නට දෙන්න කියා ගත්තොත් හොඳයි.
සැබෑ ආදරයට
අතීතේ සිද්ධ වුණු දේවල් වැඩක් නැහැ කියන එකනේ අපිත් දරණ සාමාන්‍ය මතය.
වර්තමානය තමයි
වැදගත්.
හිටපු විදිය
නෙවෙයි, ඉන්න විදිය තමයි වැදගත්.
ඒ නිසා ඔයාගේ පරණ
ආදර සඹඳතා, ඒවා නැතිවුණ හේතු,ඔයාගේ යාළුවෝ,රැකියාවේ විස්තර මේ හැමදේම කියන්න.
02. මුදල්
පරිපාලනය
පවුලක පැවැත්ම වෙනුවෙන් ඒ පවුලේ ආර්ථිකය
මාරම වැදගත්.
රටකට වගේම ශක්තිමත් ආර්ථිකයක් පවුලටත්
තියෙන්න ඕන.
අන්න ඒ නිසා බඳින්න කලින්ම දෙන්නට
දෙන්නා ඔපන් වෙලා.
තමන්ගේ ආර්ථික මතය කියන්න.
කවුරු හරි දෙන්නගෙන් එකකෙනෙක් ලෝභ නැතිව
මුදල් වියදම් කරනවා නම් අනිත් කෙනා ඒක පාලනය කරන්නම ඕන.
නැතිනම් ප්‍රශ්ණ ගොඩායි.
එහෙම කියලා අත්‍යවශ්‍ය දේවල් මග හරින්න
එපා.දෙන්නගේ ජීවිතේ ගැන කලින්ම සැලසුම් කරන්න.
ඊළඟ කාරනාව වෙන්නෙ මේක.
03. පෙර
වැරදි
මෙන්න මේක
ගොඩාක් වැදගත්.
මොකද අපි
කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ.
අතීතේ අපිට
හරිගිය වැරදුන තැන් ගොඩාක් ඇති. මේ හැමදේම අපි ශෙයා කරගන්න ඕන.
සමහරු ඉන්නවා
එහෙම කියන්න කැමති නෑ. එයාලා හැමදේම හංගන්න තමා කැමති.
හැබැයි ඒක නම්
හොඳ දෙයක් නෙමේ. මත්පැන් ගත්තද,ගන්නවද,
නීතිමය වශයෙන්
ප්‍රශ්ණ තියෙනවාද,
මේ හැමදේම
කියලා තිබ්බොත් දෙන්නටම ජීවිතේ දුවාගන්න ලෙහෙසියි
මෙන්න මේ නිසා
ආදරේ විවාහයෙන් කෙළවර කරගන්න නම් හිත දැන්ම ඔයාගේ අවංකකම පරීක්ෂා කරගන්න.
04. ළමා
ලපටි
දැන් කසාද
බඳින්න කලින් දෙන්නත් එක්ක එකට තුරුලු වෙලා ඉන්න වෙලාවට එහෙම කතා වෙනවනේ කොහොමද
ළමා ලපටින්ව හදන්නෙ කියලා.
“මට ඕන ඔයා
වගේම දුවෙක්, ඊලඟට හදපු මං වගේ පුතෙක්,
මේ වගේ හුරතල්
කතා තමයි හැබැයි එතනදී එන්නේ.
නමුත් අපි
කියන්නේ එහෙම එකක් ගැන නෙවෙයි. වි
වාහ වෙන්න
කලින්ම දෙන්නා කතාබහ කරගන්න ඕන තමන්ට ප්‍රායෝගිකව ෆැමිලි ලයිෆ් එකක් ගොඩනංවන්න
අවශ්‍ය වෙන්නේ කොහොමද කියන එක.
ඒ කියන්නේ ප්‍රායෝගිකව දරුවෝ කීයක් හදනවද දළ
වශයෙන්, එතකොට කොයි කාලෙද දරුවෝ හදන්නේ වගේ කරුණු එතනදී කතාබහ
කරගන්න ඕන.
ඒ විතරක්
නෙවෙයි, දරුවෙක් හදනවා නම් කොහොමද වගකීම් බෙදාගන්නේ, කොහොමද
ඒ වෙනකොට ආර්ථිකය සවිබලගන්වාගන්නේ වගේ හැම කාරණාවක්ම කතා කරගන්න ඕන.
05. ගෙදර
වැඩ කටයුතු
සමහරු ඉන්නවා
බඳින්න කලින් දාහක් දේ කියලා බැන්දට පස්සේ පොල් ටිකක්වත් ගාලා නොදෙන.
අන්න එහෙම
වුනාම අනිත් කෙනා ඉන්නේ අවුලෙන්.
එතනින්ම පවුලේ
සාමය නැති වෙලා ඔයාලගේ ආදරය පැනලා යනවා.
දැන් මෙහෙමනේ ගෙදරක
ජීවත් වෙනකොට ඒ ගෙදර කරන්න වැඩ තියෙනවා.
ඒ කියන්නේ කෑම
උයන එක, කුස්සිය අස් කරන එක, රෙදි පෙරෙදි හෝදන එක, වත්ත
පිටිය සුද්ධ කරන එක, ගෙදරට බඩු ගේන එක වගේ දහසකුත් එකක්
ගෙදරදොරේ වැඩකටයුතු.
ඇත්තටම අපි
කියන්නෙත් කසාද බැන්දා කියලා දෙන්නා තුන්තිස්පැයේම එකට ඇලිලා ඉන්න උත්සාහ නොකරන්න
ඕන කියන එක.
ඊට වඩා දෙන්නා
එකට ඉන්න වෙලාවන් සහ පුද්ගලික අවකාශයේ වෙන වෙනම ඉන්න වෙලාවන් සලකුණු කරගන්න ඕන.
ඒක
දීර්ඝකාලීනව හොඳ විවාහයකට හොඳයි.
ඔයා
ළඟදි මැරි කරන්න ඉන්නවා නම්, මෙන්න මේ කියන කාරණා ටික දෙන්න එක්ක කතාකරන්න අමතක
කරන්න එපා.
මොකද
ඒක ඔයාගේ ජීවිතේටම සුබම සුබ ලකුණක් උදාකරගන්න හේතු වේවි.