මේ දවස්වල ගෙදර වියදම් වැඩි එකේ. ගෙදර වත්තෙන්ම හොයා ගන්න පුළුවන් දෙයකින් රස කෑමක් හදාගන්න ක්‍රමයක් අපි කියන්න යන්නේ. අපි බලමු කෙසෙල් මු...
මේ දවස්වල ගෙදර වියදම් වැඩි එකේ.
ගෙදර වත්තෙන්ම හොයා ගන්න පුළුවන් දෙයකින් රස කෑමක් හදාගන්න ක්‍රමයක්
අපි කියන්න යන්නේ.
අපි බලමු කෙසෙල් මුව වලින් රස කෑමක් හදාගන්න විදිහ.
කෙසෙල්මුව සීනි සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙසෙල්මුව 1
ලියාගත් ළූණු ගෙඩි 1
කරපිංචා කොළ ස්වල්පයක්
හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ
වියලි මිරිස් කරල් 5 පමණ
කෑලිමිරිස් තේහැඳි 2
ලුණු ස්වල්පයක්
විනාකිරි මේසහැඳි 3
සීනි මේසහැඳි 2
බැදීමට තෙල්
- කෙසෙල්මුව හීනියට කපලා ලුණු වතුර දාලා විනාඩි 10ක තියන්න.
- ඊළඟට මේක වතුර බේරෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න.
- මේ වගේම ළූණු, කරපිංචා, මිරිස්, හාල්මැස්සො ටිකත් වෙන වෙනම බැදගන්න.
- දැන් මැටි මුට්ටියක් ලිපේ තියලා තෙල් මේසහැඳි 2ක් වගේ දාගන්න.
- තෙල් රත්වෙනකොට විනාකිරි හා කෑලිමිරිස් ටික දාලා කලවම් කරගන්න.
- ඊලඟට මේකට බැදගත් සියල්ලම දාලා රස අනුව සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.
- ටිකකින් ලිපෙන් බාගන්න.
තවත් දවසක මේ වගේ තව රෙසිපි එකක් අරන් එන්නම්.