ඇඳුම් කියන්නේම කියලා ඉවර කරන්න බැරි කතාවක්. ඒ,ඒ තැන්වලට ඒ,ඒ විදිහට ඇඳුම් අදින්න කවුරුත් කැමතියි. මේ කියන්න හදන්නේ ඒ විදිහට විශේෂ තැනකට...
ඇඳුම් කියන්නේම කියලා ඉවර කරන්න බැරි
කතාවක්.
ඒ,ඒ තැන්වලට ඒ,ඒ විදිහට ඇඳුම් අදින්න කවුරුත්
කැමතියි.
මේ කියන්න හදන්නේ ඒ විදිහට විශේෂ තැනකට
අඳින්න ඕන ඇඳුමක් තහනම් කල කතාවක්.
ඔයාලා දන්නවනේ බිකිනි කියන ඇඳුම අඳින්නේ මුහුදේ හෝ නැතිනම්
පිහිනුම් තටාකයක පිහිනීමේ කටයුතු කරන අවස්ථා වලදිනේ.
අපේ රටේ නම් මේ ඇඳුම ඒ තරම් ප්‍රසිද්ධ නැහැ
පිටරටින් ආපු කාන්තාවන් සහ කලාතුරකින්
ලංකාවේ උසස් පන්තඅයේ කාන්තාවන් සුළු ප්‍රමාණයක්මේක භාවිතා කරනවා.
අපේ රටේ බහුතර කාන්තාවන් බොහෝ දුරට ඇඟ ආවරණය වෙන ඇඳුම්
ඇඳල තමයි පිහිනුම් කටයුතු වල වුණත් යෙදෙන්නෙ.
මොනව වුනත් මේ විදිහට ලෝක ප්‍රසිද්ධ මේ
ඇඳුම මජෝර්කා, බාර්සිලෝනා, කොඑශියා, මාලදිවයින වගේ රටවල මුහුදු වෙරළෙන් පිටත
බිකිනි ඇඳගෙන සිටීම තහනම් කරලා තියෙනවා.