මේ දවස් වල නැත්නම් මේ සටහන ලියන මෙහොතෙත් අපේ රටේ පාසල් වසා දමලා. විවෘත කරන දිනයක් නියම කරත් ඒ ගැන ලොකු විශ්වාසයක් නෑ. මේ නිසා කොරෝනා ක...
මේ දවස් වල නැත්නම්
මේ සටහන ලියන මෙහොතෙත් අපේ රටේ පාසල් වසා දමලා.
විවෘත කරන
දිනයක් නියම කරත් ඒ ගැන ලොකු විශ්වාසයක් නෑ.
මේ නිසා
කොරෝනා කාලේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට එකතු වුන ඔන් ලයින් ඉගැන්වීම් ක්‍රමය මේ
වෙද්දිත් ක්‍රියාත්මක වෙනවා.
මේ වන විට එය
වසර දෙකකට පමණ ආසන්න කාලයක් අපේ දරුවන් වැඩි වශයෙන් කාලය ගත කරන්නේ ජංගම දුරකතනය
එක්ක.
නැත්නම් එහි තිරය
මත.
හුරුපුරුදු
වචනයෙන් කිව්වොත් අද වෙද්දී දරුවන්ගේ ස්ක්‍රීන් ටයිම් බොහෝ සෙයින් වැඩි වෙලා.
ඒ වගේම ක්‍රීඩා
හා අනෙකුත් බාහිර ක්‍රියාකරකම් වල නියැලීමටත් දරුවන්ට අවස්ථාවක් නැහැ.
තාක්ෂණයේ
දියුණුව අපේ ඕනෑම ගැටලුවකට වාගේ කුමක් හෝ විසදුමක් ලබා දුන්නත් ඒ හරහා අප වෙත එන
අහිතකර බලපෑමුත් නැතිවාම නොවෙයි. මෙවැනි වටපිටාවකදී විද්‍යුත් තිර මත එනක් වැඩි
වේලාවක් ස්ක්‍රීන් මත සිටින දරුවන්ට ඇති විය හැකි සංකූලතා ගැන දෙමාපියන් ලෙස දැනුවත්
වීම ඉතාම වැදගත් වෙනවා.
අපි බලමු මොනවද මෙහි අහිතකර ප්‍රථිපල කියලා.
·
අක්ෂි ආබාධ – පෙනීම බොඳ වීම, ඇස් වලට අපහසුතාවක් දැනීම, පෙනීමේ දුර්වලතා ඇතිවීම
·
මාංශපේෂී හා හන්දි කැක්කුම් ඇතිවීම
·
නින්දට බාධා ඇතිවීම – නින්ද නොයෑම, නින්ද යෑමට වැඩි කාලයක් ගතවීම
මානසික සෞඛ්‍යය හා හැසිරීම කෙරෙහි ඇති බලපෑම
·
පවුලේ සාමජිකයින් හා යහළුවන්ගෙන් ඈත්වීම/සමාජ සම්බන්ධතා බිඳවැටීම
·
කාංසාව, විශාදය, අධි ක්‍රියාකාරී අඩු අවධානය
වැනි මානසික රෝගවලට ඇති ප්‍රවණතාවය වැඩිවීම
·
විද්‍යුත් තිරවල ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුකරණය නිසා දරුවන්
අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිවීම
ඇයි දරුවෝ මේ විදිහට වැඩිපුර නැඹුරු වෙන්නේ?
·
පවුල් සංස්ථාවේ ලක්ෂණ (දෙමාපියන් වෙන් වූ/දික්කසාද වූ පවුල්වල
දරුවන්)
·
විද්‍යුත් තිර සම්බන්ධයෙන් නිවසේ කිසිදු නීති රීති පද්ධතියක්
නොමැති වීම
·
දෙමාපියන් අධික ලෙස විද්‍යුත් තිර භාවිතය
·
දරුවන්ට තම නිදන කාමරයේ පරිගණකයක්, රූපවාහිනියක් තබාගැනීමට ඉඩදීම
·
දෙමාපියන් හා දරුවන් අතර යහපත් සම්බන්ධතාවයක් නොමැති වීම
·
දරුවාගේ ලක්ෂණ (පිරිමි දරුවන්, නව යොවුන් වියේ දරුවන්, තම හැඟීම් පාලනය කරගැනීමේ
අපහසුතා ඇති දරුවන් හා ආත්ම විශ්වාසය අඩු දරුවන්)
මේකෙන් දරුවන් ආරක්ෂාකර ගන්නේ කොහොමද?
දරුවන්ගේ
විද්‍යුත් තිර භාවිතය පාලනය කිරීමේ වැඩිම වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. දරුවන්ගේ විද්‍යුත්
තිර භාවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ට මෙන්න මේ උපදෙස් ලබා දෙන්න
පුළුවන්.
·
දරුවන්ට දිනකට විද්‍යුත් තිර භාවිතා කළ හැකි කාල සීමාවන් පිළිබඳ
නීති රීති පැනවීම.
·
නින්දට, කෑමට හෝ අධ්‍යාපන
කටයුතු වල යෙදෙන වෙලාවන්හි (අද වන විට දරුවන් මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලබන නිසා
අදාල උපාංගය අධ්‍යයන කටයුතුවලදී පමණක් ලබා දී ඉවත් කිරීමට ඔබට හැකියි) විද්‍යුත්
තිර භාවිතයට ඉඩ නොදීම
·
රූපවාහිනිය, පරිගණකය හෝ
අනෙකුත් විද්‍යුත් තිර පවුලේ සැම දෙනාටම පෙනෙන ස්ථානයක තැබීම. විද්‍යුත් තිර
භාවිතයේදී පවුලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක සිට ඒවා භාවිත කිරීමට සැලස්වීම
·
දෙමාපියන් හැකි තරම් විද්‍යුත් මාධ්‍යය හා සමාජ ජාලා පිළිබඳ
දැනුවත් වීම. දෙමාපියන් මේ පිළිබඳ දැනුවත් නම්, තම දරුවා විද්‍යුත් මාධ්‍ය හරහා
නරඹන දෑ පාලනය කිරීමට පහසු වේ.
·
වයසින් වැඩි දරුවන්ට, විද්‍යුත් තිර/සමාජ මාධ්‍ය
භාවිතයේ ඇති අවදානම් ගැන විවෘතව කතා කිරීම. (විද්‍යුත් තිර හරහා නාඳුනන පුද්ගලයන්
සමඟ සම්බන්ධතා පැවැත්වීම, නාඳුනන
පුද්ගලයන්ට විද්‍යුත් තිර හරහා තම පින්තූර යැවීම වැනි දේ වලින් සිදුවිය හැකි හානි
සාකච්ඡා කිරීම, තමාගේ සමාජ
ජාලා ගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම)
·
දෙමාපියන් තමාගේ විද්‍යුත් මාධ්‍ය භාවිතය පාලනය කිරීම. නැතහොත්
දරුවන් දෙමාපියන්ගේ හැසිරීම් අනුකරණය කර අධික ලෙස විද්‍යුත් තිර භාවිත වැලැක්වීමට
අපහසුය.