හැමදාම බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි හම්බකරන සල්ලිවලට වෙන්නේ මොනවද කියන එක. “ අනේ මන්දා,පඩිය වාෂ්පවුනා වගේ වෙච්ච දෙයක් නෑ… .” ඔය ...
හැමදාම බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි හම්බකරන සල්ලිවලට වෙන්නේ මොනවද කියන එක.
“අනේ මන්දා,පඩිය වාෂ්පවුනා වගේ වෙච්ච දෙයක් නෑ….”
ඔය වගේ දාහක් මැසිවිලි එක්ක තමයි අද ගොඩාක් අය දවස ගෙවන්නේ.
සමහරු අනිත් අයට චෝදනා කරනවා.
හැබැයි වෙන අයගේ පිටේ වරද පටවන්නේ නැතිව අපිටම පුළුවන් මේ ප්‍රශ්නේ
විසඳගන්න.
මෙතනදි අපි කොහොමද මේ දේ කළමනාකරණය කරගන්නේ කියලා ඔයාලව දැනුවත් කරන්නයි Life Line අපි හදන්නේ.
අපි බලමු ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ කියලා.
ඒ කිව්වේ මේ විදිහට මුදල් අතුරුදහන් වෙන්නේ කියලා.
මූලිකම දේ තමයි අත්දැකීම් නැතිකම.
ගොඩාක් වෙලාවට බඳින්න කලින් හිටියේ
දෙමව්පියන් එක්ක නම් බිල් ගෙවන එක, වියදම් බෙදාගන්න එක වගේ දේවල් ගැන ඔබට අත්දැකීම් නැතුව ඇති.
එ් නිසා වියදම් කිරීම ගැන ඔයාට ලොකු දැනුමක්
නැතුව ඇති.
මේ හේතුවෙන්ම ඔබ කැමතියි අත දිගහැරලා
වියදම් කරන්න.
හැබැයි ඒක ඒතරම් හොඳ දෙයක් නෙමෙයි.
මෙන්න මේ නිසා අපි වියදම් පාලනය ගැන
අත්දැකීම් ලගා කරගන්නම ඕන.
කල් දැමීමේ පුරුද්ද.
ගොඩාක් අය තමන්ට ගෙවන්න තියෙන බිල්
වෙලාවට ගෙවන්නේ නැතුව කල් දානවා.
ඒ නිසා ගොඩාක් වෙලාවට පොලී ගෙවන්න
වෙනවා මේ නිසා.
අද වෙද්දි නම් ණය කාඩ්පත් වල Credit card වල පොලිය 30% පැනලා.
මේවා වෙලාවට නොගෙව්වොත් ලොකු පොලියක්
ගෙවන්න වෙනවා.
අන්න ඒ නිසා වෙලාවට බිල් ටික ගෙවනවනම්
සල්ලි අතුරුදහන් වෙනවා කියලා දුක් වෙන්න ඕන නෑ.
තව කාරණයක් තමයි නොදැනී වියදම් වීම.
උදාහරණයක් පර්ස් එකෙන් සල්ලි දෙද්දී
ඔබ දන්නවා තව කීයක් අතේ තියෙනවාද කියලා.
ඒත් කාඩ් එකෙන් ගෙවද්දී වියදම් වෙන
තරම දැනෙන්නේ නැහැ. ඒ වගේම පහසු ණය ගැනීමේ ක්‍රම සහ අන්තර්ජාලයෙන් බඩු මිල දී
ගැනීම වගේ දේවල් නිසාත් ඔබාවියදම් දරාගන්න බැරි වෙලා තියෙනවා.
මෙන්න මේ වගේ දේවල් වටහාගෙන ඔබ වියදම්
කරන්න ඕන.
ලැබෙන ආදායමට අනුව වියදම සකස් කර ගන්න
ඕන.
දැන් අපි බලමු පවලක් විදියට කොහොමද මේ
වියදම් පාලනය කරගන්නේ කියලා.
මූලිකම කාරණය තමයි එකමුතුව වැඩ කිරීම. අනිත් කෙනාගේ පිට වරද පටවන්න එපා.
එකතු වෙලා වියදම් පාලනය කරන්න. ඒ ගැන කතා කරද්දී රණ්ඩුවකට මුලපුරන්නේ නැහැ කියලා
කලින්ම තීරණය කරගන්න.
කවුරු හරි අනවශ්‍ය වියදමකට මුල පුරනවා
නම් ඒක වලක්වන්න.
ඒ වගේම
අය වැයක් හදන්න. මාසය තුළ කළ ලොකු කුඩා හැම වියදමක්ම ලියන්න. එතකොට වියදම් වුණේ
මොනවටද, අනවශ්‍ය වියදම් කළාද කියලා දැනගන්න
පුළුවන්. පුළුවන් තරම් අනවශ්‍ය වියදම් අඩු කරන්න.
ආහාර, ඇඳුම්, ගෙවල් කුලී, මාසික ගෙවීම් වගේ අත්‍යවශ්‍ය වියදම්වල ලැයිස්තුවක් හදන්න. ඒ
ඉදිරියෙන් ඒ සඳහා යන මුදලත් ලියන්න. දැන් මාසෙට කොයි තරම් මුදලක් වැය වෙයිද කියලා
ගණන් බලන්න
හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් දියුණ් වෙන්න.
ඒ තමා දකින් දකින් දේ මිලට ගන්නේ නැතිව
පුළුවන් තරම් සරල ජීවිතයකට යොමු වෙන්න.
කරන්න අපහසු දරාගන්න බැරි වියදම් දරන්න
හිතන්න වත් එපා.
අනිත් අය කරනවාට කරන්න යන්න එපා.
තමන්ගේ සීමාව,ප්‍රමාණය දැන ගෙන වියදම්
කරන්න එතකොට ජීවිතේ ගොඩාක් පහසු වේවි.
මේ ගැන තව විස්තර තියෙනවා අදට මේ ඇති.
මෙතනින් පටන් ගන්න.
ඔයාට දැනේවී වෙනස එතකොට.