මේ කාලේ අපි හැමෝටම අමාරු කාලයක්. හැමෝම සල්ලි නැත්නම් මුදල් නැති කමින් පීඩාවට පත් වෙලා ඉන්නේ. හැමෝම උත්සහකරන්නේ මොකක් හරි ක්‍රමයකින් ස...
මේ කාලේ
අපි හැමෝටම අමාරු කාලයක්.
හැමෝම සල්ලි නැත්නම් මුදල් නැති
කමින් පීඩාවට පත් වෙලා ඉන්නේ.
හැමෝම උත්සහකරන්නේ මොකක් හරි ක්‍රමයකින්
සල්ලි ටිකක් හොයා ගෙන දවස ගෙවා ගන්න.
වෙනදා වගේ දැන් කිසිම කෙනෙක්ට මහ
බලාපොරොත්තු නෑ.
මේ නිසා අනුන්ගේ දෙයක් හරි හොරකම්
කරගෙන ජීවත් වෙන්න , මංකොල්ලකන්න බොහෝ අය පෙළඹෙනවා.
මෙන්න මේ නිසා අපි අපිම පරෙස්සම්
වෙන්න ඕන තත්වයක් උදාවෙලා.
අන්න ඒ නිසා මේ දවස්වල අපි ගෙවන
ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් කර ගත්තොත් මේ කරදර වලින් ගැලවෙන්න අවස්ථාව තියෙනවා.
එහිදී මෙන්න මේ දේවල් ගැන විශේෂ
අවධානය යොමු කරන්න.
1. රන් ආභරණ පැළඳීම අවම කිරීම.
2.
අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ
තබා ගැනීම.
3.
කුඩා අත්බෑගයක් පරිහරණය කිරීම.
4.
ජංගම දුරකතනය අතේ රඳවා නොගැනීම.
5.
රාත්‍රි ගමන් අවම කිරීම.
6.
Hands free, ear pod, ear buds
head phone වැනි
දේ පැළඳීම අවම කිරීම.
7. බැංකු ගනුදෙනු හා ATM භාවිතයේදී
විමසිලිමත් බව.
8. පොදු ප්‍රවාහන වල ගමන් කිරීමේදී විමසිලිමත් බව.
9. අවට සිටින අය ගැන විමසිලිමත් බව.
10 .ගෙවල් සහ වෙළඳසැල්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම.
11. කුඩා දරුවන් හැකි
හැමවිටම දෙමව්පියන් අසලම තබා ගැනීම.