Logo
Logo

මේ දේවල් කලොත් ඒ අයගේ රැකවරණය ස්ථිරයි.

  මොනතරම් ප්‍රශ්න තිබුණත් අම්මා,තාත්තා,ඇතුළු අපේ වැඩිහිටියන්ව අපට අමතක කරන්න බෑ. විශේෂයෙන්ම මේ වගේ කාලවලදී ඒ අය ගැන වැඩි අවධානයක් යොමු කරන...

 


මොනතරම් ප්‍රශ්න තිබුණත් අම්මා,තාත්තා,ඇතුළු අපේ වැඩිහිටියන්ව අපට අමතක කරන්න බෑ.

විශේෂයෙන්ම මේ වගේ කාලවලදී ඒ අය ගැන වැඩි අවධානයක් යොමු කරන්නම ඕන.

මේ දවස් වල බෙහෙත් වර්ග වල මිල ගණන් ඉතා ඉහල නිසා අපේ වගකීමක් තමයි එදිනෙදා ගන්න ආහාර වලින් ඒ අයගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂාකරන එක.

මේ වෙද්දි ඔයාගේ රැකවරණය යටතේ,ඔයාගේ සෙවනේ ඉන්න ඔබේ ආදරණීය වැඩිහිටියන් විවිධ බෝනොවන රෝග වලින් පෙළෙනවා වන්නට පුළුවන් මේ කියන්න හදන්නේ ඒ අයගේ ආහාර පාන සැකසීමේදී දැනගන්නම ඕන කරුණු ටිකක්.

සමහර විට ඔබ හිතාවි ඔබ මේ ගැන හරියටම දන්නවා කියාලා.

ඒ මතය හරිද කියලා දැනගන්න මේ විස්තරය කියවලම ඉන්න.



·         සැහැල්ලු ආහාර වේලක්

ආමාශයික ප්‍රදාහ වලින් පීඩා විඳින වැඩිහිටියන් වෙනුවෙන් මෙම කාණ්ඩයේ ආහාර වේලක් නිර්දේශ කළ හැක.

පොත්තරහිතපළතුරු ,කුළුබඩු නොදැමූ ආහාරගැඹුරු තෙලේ නොබඳින ලද ආහාර ලබා දිය යුතු අතර පරළු පාන් , ධාන්‍යමය ආහාර (සීරියල්) කෝපි , තේ හෝ සිට්‍රික් අම්ලය අධික දෙහි , දොඩම් වැනි පාන වර්ග අයත් වන්නේ ලබා දිය නොහැකි ආහාර වර්ග ඝනයටයි. 

·         කොලෙස්ට්‍රෝල් අඩු ආහාර වේලක්

හෘද රෝග වැළදී ඇති හෝ අවධානමක් ඇති පුද්ගයන් සඳහා නිර්දේශ කරන ආහාර වේලකි.

බිත්තර කහ මදය,බටර් ,හරක් මස්එලු මස් , ‍පොල් කිරි භාවිත නොකළ යුතු අතර ඉස්සන් සහ දැල්ලන් වැනි අධික කොලෙස්ට්‍රෝල් සහිත ආහාර සීමාසහිතව එක් කළ යුතුය.

අධික තන්තුමය ආහාර‍ වේලක් 

අධික ස්ථූලතාවය , මල බද්ධය , අධි කොලෙස්ට්‍රෝල්  සහ හෘදය ආශ්‍රිත රෝග පවතින වැඩිහිටියන් සඳහා මෙම වර්ගයේ ආහාර වේලක් ලබා දීම යෝග්‍ය වෙනවා. සාමාන්‍ය  ආහාර ‍වේලක් සඳහා ලබා දෙන එළවළු ‍ප්‍රමාණය දෙගුණ කිරීම මෙම ආහාර වේලක් සකසා ගැනීමේ සරලම ක්‍රමයයි. සුදු පාන් වෙනුවට පරළු පාන් ලබා දීම තවත් එක් ක්‍රමයක්. ධාන්‍යමය ආහාර ලබා දීමට නිර්දේශ වී ඇත්නම්  සඳහා වඩාත් සුදුසු වන්නේ ඕට්ස් නැමති ධාන්‍ය වර්ගයයි.

එහි තන්තු ප්‍රමාණය අධිකය. පළතුරු ලබා දෙන විට වියළි පලතුරු වෙනුවට තන්තු අධික අඹ , කෙසෙල්  වගේ දේවල් මේ අයට සුදුසුයි.

ලුණු / සෝඩියම් අඩු ආහාර වේලක් 

අධි රුධිර පීඩනය ,හෘද රෝග සහ වකුගඩු ආශ්‍රිත රෝග පවතින වැඩිහිටියන් සඳහා ලබා දිය යුතු වර්ගයේ ආහාර වේලක් වෛද්‍ය නිර්දේශ මත ලුණු නොයොදා හෝ ලුණු ඉතා අඩුවෙන් යොදා ආහාර සකස් කළ යුතු වෙනවා.

එසේම එම් එස් ජී ( මොනෝසොඩියම් ග්ලූතමේට්) හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින රස කාරක  හෝ සෝස් වර්ග එක් නොකල යුතු වන්නේ එම ආහාර වල ලුණු අධික වන බැවිනි. සකස් කර ඇති ආහාර අතුරින් ලුණු දමා  ඇති මස් , මාළු, බිත්තර , සෝයා සෝස්ඔයිස්ටර් සෝස් , ටින් කරන ලද ආහාර , අල පෙති වැනි දෑ ආහාර එක් කර ගැනීමෙන් වලකින්න ඕන. 

·         අඩු මේද  ආහාර වේලක්

කෑම දිරවීමේ අපහසුතා සහ අගන්‍යාශ සංකූලතා ඇති වැඩිහිටියන් සඳහා නිර්දේශ කෙරෙන්නේ මේදය අවම ආහාර වේලකි. මේ සඳහා පොල් කිරිබටර් , මාගරින් වැනි දෑ භාවිත නොකරයි. කුකුළු මස් ආහාරයට ලබා දෙන්නේ  නම් එහි හම කොටස් අයින් කර හොඳින් පිසිය යුතුය. එළවළු තෙල් මද වශයෙන් භාවිත කර ආහාර පිසින්න. වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ හුමාලයෙන් පිසීමයි.

·         කොලෙස්ට්‍රෝල් අඩු ආහාර වේලක්

හෘද රෝග වැළදී ඇති හෝ අවධානමක් ඇති පුද්ගයන් සඳහා නිර්දේශ කරන ආහාර වේලකි. බිත්තර කහ මදය, බටර් , හරක් මස්එලු මස් , ‍පොල් කිරි භාවිත නොකළ යුතු අතර ඉස්සන් සහ දැල්ලන් වැනි අධික කොලෙස්ට්‍රෝල් සහිත ආහාර සීමා සහිතව එක් කළ යුතුය.

·         අඩු ප්‍රෝටීන්  ආහාර වේලක් 

මෙම වර්ගයේ ආහාර වේලක් නිර්දේශ වන්නේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත ගැටළු ඇති වැඩිහිටියන් වෙනුවනි. කිරි හෝ  ආශ්‍රිත ආහාර , කුරුට්ට සහිත ධාන්‍ය , ක්‍රීම් සුප්, මාංශ සහිත සුප්, මුහුදු ආහාර , ඇට වර්ග ආහාරයට එක් කිරීම නොකළ යුතුය.  එසේම ආහාර කුඩා වේල් වශයෙන් ලබා දීම වැදගත් වේ.

·         දියවැඩියා රෝගීන් සඳහා 

සීනිපැණී හෝ ග්ලූකොලින් රහිත ආහාර වේලක් සෑම විටම දියවැඩියා රෝගයෙන් පෙලෙන වැඩිහිටියෙක් වෙත ලබා දිය යුතු වේ.අතුරුපස, බීම, ටින් කල පළතුරු ආදිය පිරිනැමීමේ දී ඒවා සීනි රහිත වන්නේ දැයි බැලිය යුතුය.  එසේම ලබා දෙන ආහාර ප්‍රමාණය  සීමා සහිත ‍වේ. උදාහරණ ලෙස එක් වේලක් සඳහා බත් කෝප්ප – 1/නූඩ්ල්ස් කෝප්ප – ½/පාන් පෙති – 1/කුඩා කෙසෙල් ගෙඩි – 1/පැපොල් කෑලි – ½  වශයෙන් ආහාර සීමා කළ යුතු වේ.

 


·         කැලරි අඩු ආහාර වේලක් 

ස්ථූලතාවයෙන් යුක්ත පුද්ගලයන් සඳහා සෑම විටම ලබා දිය යුත්තේ කැලරි අඩු ආහාර වේලක්.

එහෙත් පෝෂණයේ සමබර බව ආරක්ෂා කළයුතු වේ. කැලරි වැඩි ආහාර මෙන්ම ගැඹුරු තෙලේ බදින ලද ආහාර ලබා දීමෙන් වැලකිය යුතුය. එසේම තෙල් සහිත ආහාර පාලනය කළ යුතුය. ස‍ීනි සහ සීනි සහිත ආහාර අවම කළ යුතු අතර තන්තුමය ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කර ගත යුතු වේ. කාබෝහයිඩ්‍රේට් සහිත ආහා‍ර සීමා සහිතව ලබා දිය යුතුය. එයට පිළියමක් ලෙස ලබා දෙන ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුළුවන්.

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: මේ දේවල් කලොත් ඒ අයගේ රැකවරණය ස්ථිරයි.
මේ දේවල් කලොත් ඒ අයගේ රැකවරණය ස්ථිරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjtWnWMLPW9Qa5_yYlOwJqmMc5L5Td1FmbzkbP-9C_yTv6mXaqnwcbd-yC5COX1TwXRJiLwdZ7MLufU_tDNzS90CImxnfH2KJhlStHYnH8tvsKFYl8NSMAIx7cC4yAzcA2_0EGCIPc4eqCIGs27rANoSHgqzLzkmSW_yEkfknC-2C2vTpIkd1t8_Fl/s16000/shutterstock_240339163.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjtWnWMLPW9Qa5_yYlOwJqmMc5L5Td1FmbzkbP-9C_yTv6mXaqnwcbd-yC5COX1TwXRJiLwdZ7MLufU_tDNzS90CImxnfH2KJhlStHYnH8tvsKFYl8NSMAIx7cC4yAzcA2_0EGCIPc4eqCIGs27rANoSHgqzLzkmSW_yEkfknC-2C2vTpIkd1t8_Fl/s72-c/shutterstock_240339163.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/07/20-helthyfoods-for-elders-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/07/20-helthyfoods-for-elders-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content