අපේ එදිනෙදා වැඩවලට අතිශය සමීප දේවල් බවට පරිගණක , ලැප්ටොප් මෙන්ම ඒ ආශ්‍රිත නවීන උපකරණ පවත්වී තිබෙනවා. වර්තමානය වෙද්දී මේ උපකරණ බොහෝ මිල අ...
අපේ එදිනෙදා වැඩවලට
අතිශය සමීප දේවල් බවට පරිගණක, ලැප්ටොප් මෙන්ම ඒ ආශ්‍රිත නවීන
උපකරණ පවත්වී තිබෙනවා.
වර්තමානය වෙද්දී මේ
උපකරණ බොහෝ මිල අධික නිසාම හැමදෙනාම මේ දේවල් පරිස්සම්කර ගන්න වෙහෙසෙනවා.
මේ හැම උපකරණයකම
වැදගත්ම කොසෙ වෙන්නේ දත්ත නැත්නම් Data.
අද වන විට ලෝකයේ ඉතා
ඉහල වටිනාකමක් තියෙන මාධ්‍යක් බවට දත්ත පත්වෙලා තියෙනවා.මේ නිසා වෙනත් කෙනකු අතට දත්ත පත්වීම වලක්වන්න අපි වගබලා
ගන්නවා.
මෙන්න මේ කියන ආරක්ෂාව
සලසන්න පුළුවන් අපූරු උපකරණයක් සොයා ගෙන තිබෙනවා.
ඒ තමයි Targus
Defcon
කියන උපකරණය.
Targus Defcon කියන්නේ
ඔබගේ පරිගණකය මෙන්ම ඒ හා සම්බන්ධ වන
විද්යුත් උපකරණවල ආරක්ෂාව සඳහා නිපදවා ඇති ආරක්ෂිත කේබලයක්.
මේ Targus
Defcon උපාංගය
ඩොලර් 43ක් වැනි මුදලකට මිල දී ගන්න පුළුවන්.
වයිෆයි මඟින් යම් කිසි
පරිගණකයක් තුළට හැකර්වරුන්ට ඇතුළු වීමේ හැකියාව ද වළක්වා ගැනීමට මේ ආරක්ෂිත කේබලයට
පුළුවන්.
Targus Defcon භාවිතයෙන්
ඔබ අගුළු දමන පරිගණකය, වයිෆයි ආදියට වෙනත් කෙනකුට ඇතුළු වීමට නොදී ආරක්ෂාවක්
සපයන අතර, කාර්යාලයේ හෝ වෙනත් ස්ථානයකදී ඔබට එම උපකරණ පිළිබඳ වැඩි
වශයෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය නැත.
බැලූ බැල්මට පුංචි උපකරණයක් ලෙසින් පෙනුනත් මින්
ඔබගේ සියලු දත්තවලට පූර්ණ ආරක්ෂාවක් මෙන්ම උපකරණ සොරුන්ගෙන් ආරක්ෂා කර දීමක් ද
සිදු කරනවා.
තවද මෙයට ඔබට රහස්‍ය
අංකයක් යොදමින් පහසුවෙන් භාවිත කරන්නත් පුළුවන්.