ප්ලාස්ටික් කියන්නෙම අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටෙම ගැටළුවක් වුන අර්බුදයක්. අද වෙනකෙට ප්ලාස්ටික් හේතුවෙන් ලෝකයේ ප්‍රධාන ජල මූලාශ්‍ර පවා වි...
ප්ලාස්ටික් කියන්නෙම අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටෙම ගැටළුවක් වුන
අර්බුදයක්.
අද වෙනකෙට ප්ලාස්ටික් හේතුවෙන් ලෝකයේ ප්‍රධාන ජල මූලාශ්‍ර පවා විනාශ
වෙලා තියෙනවා.
අපේ රටෙත් මේ වෙද්දි ප්ලාස්ටික් ප්‍රශ්ණය උග්‍රවෙලා.
විවිධ රජයන් මගින් ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කරන්න විවිධ
නීති ගෙනාවත් තවමත් ඒ සඳහා සාර්ථක විසඳුමක් ලැබිලා නෑ.
ඉතිං,ලෝකයම ප්ලාස්ටික් අර්බුධයෙන් අතිශය පීඩනයකට ලක්වෙද්දි චීන
විසින් මෙය අවම කරන්න අපූරු උපක්‍රමයක් හොයා
ගෙන තියෙනවා.
ඒ තමයි රොබෝ මත්ස්‍යකු නිර්මාණය කිරීම හරහා.
චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් තමයි මේ රෝබෝ
මත්ස්‍යාගේ නිර්මාණකරුවන් වෙන්නෙ.
මෙයා ක්ෂද්‍ර ප්ලාස්ටික් ආහාරයට ගන්න කෙනෙක්.
මේ මාළුවා සෙන්ටි මීටර් 1.3ක් දිගයි.
විද්‍යාඥයින් කර පරීක්ෂන වලට අනුව මෙම මත්ස්‍යා මේවන විටත්
සාර්ථකව නොගැඹුරු ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවශෝණය කිරීම සමත් වෙලා තියෙනවා.
මේ නිර්මාණයට දායක වුණ පර්යේෂිකා වැංග් යුයාන් පවසන්නේ ගැඹුරු මුහුදේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවශෝෂණය කිරීමටත් සමුද්‍ර දූෂණයේ දත්ත රැස් කිරීමටත් මත්ස්‍යාගේ ඇති හැකියාව වර්ධනය කිරීමට පියවර ගනිමින් ඉන්නවා කියලා.
ඇය කියන විදිහට මේ අතිසාර්ථක නිර්මාණය මේ කාර්යයට වගේම තවත් විවිධ
කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
උදාහරණයක් විදිහට සංකීර්ණ සහ සියුම් ශෛල්‍යකර්ම වලටත් යොදා ගැනීමට
හැකියාව තියෙනවා කියලා ඇය කියනවා.
කෙසේ නමුත් මේ රෝබෝ මත්ස්‍යා තව ටික දවසකින් ලෝකයේ සුවිශාල පෙරලි
කරන්න සමත් වෙන කෙනෙක් වේවි.
ඒ වගේම ප්ලාස්ටික් නසන වැඩෙත් මෙයා හොඳටම කරාවි කියලා චීනය විශ්වාසය පලකරනවා.
(රොයිටර් පුවත් සේවය ඇසුරින්)