වර්තමානය වෙද්දි තිබෙන ආර්ථික ප්‍රශ්ණ එක්ක බොහෝ දෙනා මේ උපත් පාලනයට යොමු වෙලා තියෙනවා. මේ අතර අපේ රටේ වගේම වෙනත් රටවලත් කාන්තාවන් මේ උපත්පා...
වර්තමානය වෙද්දි තිබෙන ආර්ථික ප්‍රශ්ණ එක්ක බොහෝ දෙනා මේ උපත් පාලනයට යොමු වෙලා තියෙනවා.
මේ අතර අපේ රටේ වගේම වෙනත් රටවලත් කාන්තාවන් මේ උපත්පාලනයට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ.
බොහෝ වෙලාවට ඒ අයගේ අකමැත්තට හේතුව වෙන්නේ ඒ සඳහා භාවිතා කරන්න වෙන පෙති වර්ග නිසා.
මෙන්න මේ තත්වය හේතුවෙන් උපත් පාලන කාර්යය නිසි පරිදි සිදු නොවුන නිසා පර්යේෂකයින් පිරිසක් මේ සඳහා විසඳුමක් යෝජනා කරලා තියෙනවා.

ඒ අනුව මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කරලා.
එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබෙනවා.
නව පෙත්ත තුළ භාවිතවන රසායනය මගින් ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයේ වන ශරීරයේ ප්‍රෝටීනයන් ඉලක්ක කර ක්‍රියා කරනවා.
මෙමගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන විටමින් A සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කිරීම සිදුවෙනවා.
පර්යේෂකයන් විසින් YCT529 ලෙස මෙම සංයෝගය හඳුන්වයි.
මෙහි විශේෂත්වය තමා ,මෙය හෝර්මෝන භාවිත නොවන උපත් පාලන ක්‍රමයක් වීම.
පර්යේෂන මට්ටමේදී මෙම ඖෂධය මීයන් තුළ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99% ක් ඵලදායී වූ අතර කිසිදු අතුරු ආබාධයක් නොමැති වූ බව තහවුරු වෙලා තියෙනවා.
පර්යේෂණයට මූලික වූ මිනසෝටා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායන
විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුන්ඩා ජෝර්ජ්ට පවසන ආකාරයට පර්යේෂකයන් විසින් මෙම ඖෂධය
ඉහළ මාත්‍රාවන් සඳහා පරීක්ෂා කිරිමේදී පවා මීයන් තුළ කිසිදු අතුරු ආබාධයක් හටගෙන
නැහැ.
ඔහු වැඩිදුරටත් මෙහෙම කියා සිටියා.
"ඔවුන් කනවා, බොනවා, ඒ වගේම පැටවුන් උපද්දන්න නොහැකි වුවත් ඔවුන් ලිංගිකව ක්‍රියාශීලීයි. ඒ වගේම අපි ඵලදායී මාත්‍රාවට වඩා 100 ගුණයක් වැඩි මාත්‍රාවකට ගිය විටපවා, සංයෝගය කිසිදු විෂ සහිත බවක් පෙන්වූයේ නෑ.”
මෙම පර්යේෂණයේදි මීයන්ට සති හතරක් සඳහා ඖෂධය මුඛයෙන් ලබා දුන් විට, ඔවුන් වඳ බවට පත්වන තරමට ශුකානු ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇත.
ඖෂධය භාවිතයෙන් පසු නැවත සරු තත්වයට ඒ සතුන් පත් වෙලා තියෙනවා.
මේ වන විට අනුමත පිරිමි උපත් පාලන ක්‍රම දෙකක් ලෝකයේ ඇත.
ඒ vasectomies සහ condom භාවිතයයි.
1970 ගණන්වල ඉදන් විද්‍යාඥයෝ පිරිමි උපත් පාලන පෙත්තක් නිර්මාණය කිරීමේ ක්‍රම පිළිබඳව පර්යේෂණ කරමින් සිටියා.
එලෙස ඵලදායී පිරිමි මුඛ උපත් පාලන ක්‍රමයක් නිපදවීමට විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇතත්, තවමත් අනුමත සාර්ථක පෙත්තක් වෙළෙඳපොළේ නැහැ.
පර්යේෂකයින් විශ්වාස කරනවා මේ පෙත්ත සාර්ථක උපත් පාලන පෙත්තක් වේවී කියාලා.