මිනිස්සු විදිහට අපි හැම නිතරම උත්සහ කරන්නෙ සතුටින් ඉන්න. ඒ් කියන්නේ හිනාවෙලා ඉන්න. සිනහව ඒ් තරමටම අපේ ජීවිත එක්ක බැඳිලා තියෙනවා. පුං...
මිනිස්සු විදිහට අපි හැම නිතරම උත්සහ කරන්නෙ සතුටින් ඉන්න.
ඒ් කියන්නේ හිනාවෙලා ඉන්න.
සිනහව ඒ් තරමටම අපේ ජීවිත එක්ක බැඳිලා තියෙනවා.
පුංචිකාලෙ ඉඳලම හැම කෙනෙක්ම උත්සහ කරන්නේ හිනා වෙලා ඉන්න
“ඔබ හිනැහෙන විට ලොව ඔබ හා එක්ව සිනාසෙයි. ඔබ හඬන
විට ලොව ඔබ අතහැර සිනාසෙයි.” කියලා මහගම සේකර මහතාත් කියලා තියෙන්නේ සිනහව පිළිබඳ වටිනාකම පහදල දෙන්න.
සිනහව කියන්නේ පුද්ගලයකුගේ ප්‍රබල උද්වේගකර අවස්ථාවක් ඉස්මතු
කිරීමක්.
පුද්ගලයන් හැමවිටම නොයෙකුත් හේතූන් මත අන් අය සමඟ අදහස් ප්‍රකාශ කර
ගන්නවා.
ඇත්තටම සිනහව කියන්නෙත්
යම් අදහසක් ප්‍රකාශ කිරීමක්.
ඒ වගේම සිනහව ඉතාමත්
සරල මෙන්ම ස්වභාවික අදහස් හුවමාරු කරගැනීමේ විශ්වීය භාෂාවක්.
විවිධ ජාතීන් විවිධ භාෂාවන්
භාවිතාකරනවා. යම් භාෂාවක් නොදන්න කෙනෙකුට අනිත් භාෂාවෙන් කියන දේ වටහා ගන්න හරිම අපහසුයි.
හැබැයි හොඳට බලන්න ඔබ කුමන
භාෂාවක් භාවිතා කලත් සිනහව ඔිනෑම කෙනෙකුට පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්.
ඒ කියන්නේ සිනහව මුලු මහත්
විශ්වයම හඳුනන එකම භාෂාවක්.
අපි කවුරුත්, භාෂාව, සංස්කෘතිය නුහුරු රටකට ගියොත් මුල්ම අදහස් ප්‍රකාශ කරගත හැකි මාධ්‍ය නැත්නම් මෙවලම
වන්නේ සිනහවයි.
ඒ වගේම කුමන ජාතියකට
අයත් වුවද, නුහුරු භාෂාවක් කතා කලද සිනාවකින් පවසන අරුත
තේරුම් ගැනීමේ හැකියාව ඕනෑම කෙනෙකු සතුව තිබෙනවා.
සිනහව ප්‍රධාන වශයෙන් කොටස්
දෙකක් ලෙස වෙන්වෙනවා.
ඉන් පළමුවැන්න වනුයේ
අව්‍යාජ සිනහවයි. දෙවැන්න ව්‍යාජ සිනහවයි.
බොහෝ දෙනා පවසන පරිදි
අව්‍යාජ සිනහවකදී මුව, මුහුණේ මාංශ පේශීන් සහ අක්ෂි චලනයේ යම් මුසුවීමක් තිබෙනවා.
හැබැයි වංක සිනහවක එහෙම
නෑ.
එහි ප්‍රධාන ලක්ෂණය
වන්නේ මුවෙහි සිනහව සම්පූර්ණ කරන්න අක්ෂි චලනයේ අනුකුලතාවයක් නිරුපණය නොවීමයි.
අන්න ඒ්ක දැක්කහම තමා අපට
වැටහෙන්නේ බොරුවට වුණ හිනාවක් කියලා.
අව්‍යාජ සිනහවකදී නැත්නම් බොරුවට හිනා වෙද්දි ආශ්වාශ, ප්‍රශ්වාස කිරීවේ වේගය වැඩිවෙනවා.
සිහනව ගැන ඒ් විදිහට විස්තර
වෙද්දී මේ කියන්න හදන්නේ සිනහවෙන් ලැබෙන අපූරු ප්‍රයෝජනයක් ගැන.
සිනහවීම
මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින්
සොයාගෙන තිබෙනවා.
එක්සත් ජනපදයේ
පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සිනහවෙන් කල්ගෙවීම හේතුවෙන් ඔවුන්ට
යම් දෙයක් මතකයේ තබා ගැනීමට ඇති හැකියාව ඉහළ යන
බවයි.
සිනහව මගින් මානසික
ආතතිය අඩුකිරීම මෙයට හේතුවක්.
මානසික ආතතිය මතකය
අඩුකරණ සාධකයක්.
කැලිෆෝනියාවේ ලොමා
ලින්ඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් විසිදෙනෙකුගෙන්
ඉල්ලා ඇත්තේ හාස්‍යජනක වීඩියෝ දර් ශන මිනිත්තු 20 ක් නරඹන ලෙසයි.
මේවා නැරඹීමෙන් වැළකි
සිටින කණ්ඩායමක් ද මේ සඳහා සහභාගී කරගෙන තිබෙනවා.
මෙම ක්‍රියාදාමයෙන්
අනතුරුව කණ්ඩායම් දෙක ම මතකය පිලිබඳ පරික්ෂාවකට ලක්කළ අතර ඔවුන්ගේ ඛේටය සාම්පල්
ලබාගනිමින් ආතතිය සම්බන්ධ හෝර්මෝනය වන කොටිසෝල් පරික්ෂාව ද සිදුකලා.
මෙහිදී සොයාගෙන ඇත්තේ
සිනහවෙමින් හාස්‍යජනක වීඩියෝ දර්ශන නැරඹු කංඩායමේ මතක
ශක්තිය සිනහ නොවී සංසුන්ව සිටි කංඩායම් සාමාජිකයන්ගේ මතක ශක්තියට වඩා ඉහළ අගයක
පැවති බවයි.
එමෙන්ම සිනහවෙමින්
සිටි කංඩායමේ කෝටිසෝල් වල මට්ටම ඉතාමත් පහළ මට්ටමක පැවති බවත් තහවුරු වෙලා තිබෙනවා.
මෙම අධ්‍යනයේ ප්‍රධානි
ගුරින්ඩර් බෙයින්ස් පවසන විදිහට ඉගෙන ගැනීමේ හැකියාව හා ස්මරණ ශක්තිය වයසට යාමේදී
ඉතාමත් අභියෝගයට ලක්වන කරුණු දෙකක් බවයි.
දිනපතා යහළුවන් සමගින්
එක්වී විනෝද වීම හෝ හාස්‍යජනක වැඩසටහනක් රූපවාහිනියේ මිනිත්තු 20 ක් නැරඹීමෙන් මානසික ආතතිය මැඩපැවැත්මට සහයක්
ලැබෙනවා කියලත් ඔහු පවසනවා.
ඔවුන් කියාසිටින්නේ සිනහවීමෙන්
ශරීරයේ එන්ඩොපින්ස් නම් හෝර්මොනය ඉහළයාමෙන් ඩොපමයින් නැමැති හොමෝනව මොලයට
යැවෙන බවත් එමගින් සතුට සහ සැනසීම වර් ධනය වන බවයි.
අන්න ඒ් නිසා මොන ප්‍රශ්ණ
ආවත් හිනා වෙලා ඉන්න උත්සහ කරන්න.
මොකද නිරෝගීකම සහ සතුට
තමා අපේ ජීවිතේ අපට වටිනාම දේ වෙන්නේ.