අපි කාගෙත් අරමුණ ජීවිතය ජයගන්න එක. ඒ් සඳහා අපි විවිධ ක්‍රම උපායන් භාවිතා කරනවා. ජීවිතේ කියන්නෙම ඉතිං බාධා එක්ක යන ගමනක් නේ. ඉතිං අරම...
අපි කාගෙත් අරමුණ ජීවිතය ජයගන්න
එක.
ඒ් සඳහා අපි විවිධ ක්‍රම උපායන්
භාවිතා කරනවා.
ජීවිතේ කියන්නෙම ඉතිං බාධා එක්ක
යන ගමනක් නේ.
ඉතිං අරමුණු ජයගෙන ජීවිතය දිනන්න
නම් අපි මේ බාධා ජයගන්න ඹ්න.
මේ විදිහට අපි යන ගමනේදි පැමිණෙන
අභියෝගවලට මුහුණ දෙන්නට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය වෙනවා.
සාර් ථක ජීවිතයක් උදාකර
ගැනීමට උත්සාහ දරන පුද්ගලයකුට, මනසේ සිතුවිලිවල ස්වභාවය
බෙහෙවින් ම වැදගත් ය.
ශක්තිමත් මනසක් පවත්වාගෙන
යමින් , ජීවිතය ජය ගැනීමට කටයුතු කරන්න
ඹ්න කොහොමද අපි අද Life Line තුලින්
ඒ් ගැන කතාබහ කරන්න සූදානම්.
අපි
බලමු ජීවිතය ජයගන්න අත්‍යවශ්‍යම කරුනු මොනවද
කියලා.
1. ස්ථිර අරමුණකින් කටයුතු කිරීම
දැනුම යනු පුද්ගලයකුගේ
ශක්තියයි.
තමා පෙර සිටි ආකාරය සහ තමා
අද ජීවත්වන ආකාරය පිළිබඳ වඩාත් සාධනීයව සිතා බලා, එම කාල
පරාසය තුළදී තමාගෙන් සිදුවූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්, ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු ජීවත් වීමටත් උත්සාහ
දරන්නේ නම්, ජීවිතය ජය ගැනීමට පුළුවන්.
ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍ය
ය.
උත්සාහය සහ ධෛර්ය මනසේ
තැන්පත් කර ගනිමින්, අනෙකාගේ අදහස්වලට ගරු
කරමින් ජීවත් වනවානම්, ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉඩ
ප්‍රස්ථාව ලැබෙනවා.
එපමණක් නොව, තමා යනු කවරෙක් ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙහිදී වඩාත් වැදගත්
ය. එසේ ම, දවසින් දවස එක්වන අත්දැකීම්
මඟින් ජීවිතයට යමක් එක්කර ගැනීම ද වඩාත් ම සුදුසු ය.
2. තමන් ගැන අවතක්සේරුවෙන් නොසිතීම
තමා කවරෙක්ද? තමාට අවශ්‍ය දෑ මොනවාද? යන්න පිළිබඳ සිතේ රූපයක් මවා
තබා ගැනීම ඉතාමත් ම වැදගත් ය.
තමා පිළිබඳ අවතක්සේරුවෙන්
නොසිතා, තමන්ගේ සහජ හැකියා මඟින්
තමන්ට කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට හැකියාවක් තිබිය
යුතු මයි.
යම් ගැටලුවක් පැමිණිවිට
විචාරශීලීව බලා , එයට විසැඳුම් සොයන්නට උනන්දු
විය යුතු අතර, සාධාරණ තීරණ ගැනීමට තමාට
පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. තමාට අවැසි දේ පිළිබඳ ගවේෂණය කරමින්, නිවැරැදි දේ කිරීමට සැම විටම වගබලා ගත යුතු ය.
කිසිම වෙලාවක මට බෑ..
මට බැරිවෙයි,කරන්න පුළුවන් වෙයිද
දන්නෙ නෑ.
මේ වගේ දේවල් හිතන්න එපා නිතරම
මට පුළුවන් කියන අරමුණ හිතේ තියෙන්න ඹ්න.
3. ස්වයං අනුවේදනීයත්වය, ස්වයං ආදරය හා ආරක්ෂාව
තමන් තමාටම ආදරය විය යුතු
අතර, තමා පිළිබඳ සංවේදීත්වයක්
ඇතිකර ගත යුතු ය.
එසේ නොමැතිකම හේතුවෙන්
සියදිවි හානිකර ගැනීම් වැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
ප්‍රථමයෙන්ම පුද්ගලයෙක් තමාට
ආදරය දැක්විය යුතු අතර, පසුව සමාජයට ද ආදරය, රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතු ය.
තමා පිළිබඳ ඇතිකර ගන්නා
අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකු විය යුතු ය. තමන්ට
පැමිණෙන අභියෝග, ප්‍රශ්න ඉතාමත් ඉවසීමකින්
යුක්තව විසඳා ගැනීමට හැකි වන්නේ, තම මනස ආදරයෙන් සහ
සංවේදීත්වයෙන් සම්පූර් ණවූවිට ය.
නූතනයේ පවතින ඝාතන, මිනීමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙලඹෙන්නේ, තම දිවියේ
වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙන්.
4. තමා තමාටම විශ්වාසවන්ත වීම
මේ සාධකය ද, තමාගේ මනසෙහි ශක්තිමත් භාවය රඳා පවත්වා ගැනීමටත්, පෞරුෂය වර්ධනය කර ගැනීමට හා ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට උපකාරී වේ.
තමන්ට ලැබෙන අභියෝගවලට
සාර්ථකව මුහුණදීම, තමන්ගේ අරමුණු , ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමට ද ස්වයං විශ්වාසවන්ත භාවය වඩාත් වැදගත් ය.
සමාජය තුළ ජීවත් වීමේදී ද
එකිනෙකා සමඟ සහජීවනයෙන් ජීවත් වන්නට විශ්වාසවන්තභාවය අතිශයින් ම වැදගත් වන අතර, එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ද හැකියාව ලැබේ. තමන් තමන්ට
විශ්වාසවන්ත වනවිට දී සමාජය ද තමන් විශ්වාස කරයි.
ඒ හේතුවෙන් තමාට අවංකවම
ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන්.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ, තමා කවරෙක් ද යන්න පිළිබඳවිශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීම ය.
5. ජීවත් වීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම
මනා පෞරුෂයකින් ජීවත් වන
පුද්ගලයාට , තමා මේ ජීවත් වන්නේ කිනම්
අරමුණු වෙනුවෙන්ද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළ හැකි ය.
එවිට එම පුද්ගලයාට ඉතාමත් ම
පහසුවෙන් පවුල් ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. එසේ ම, අනාගත අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට මේ සාධකය බෙහෙවින් ම බලපායි.
තමන් පරිභෝජනය කරනා මුදල් ප්‍රමාණය
අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නේ කෙසේ ද? තමන්ට
වියදම් කිරීමට හැකි ප්‍රමාණය කොපමණ ද? යන්න
පිළිබඳ මනසෙහි අවබෝධයක් තිබිය යුතු ය. තමන් කැමති දේ නොව, තමන්ට අවශ්‍ය දේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් , ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන.
6. මානසිකව ශක්තිමත් වීම
පුද්ගලයකු මනස ශක්තිමත් කර
ගැනීමට ක්‍රියා කරනවා නම්, අනිවාර්යයෙන්ම එම පුද්ගලයා
මානසික වශයෙන් සුවතාවක් ලබයි.
එමඟින් ජීවිතයේ අභියෝග
ඉතාමත් ම සංයමයෙන් යුතුව ජය ගැනීමට පුළුවන. දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක
සිතිවිලි වඩවා ගන්නේ නම්, එබඳු ආකල්ප, අභිප්‍රායයන් වර්ධනය කර ගන්නේ නම් , ජීවිතය
දිනෙන් දින ම ශක්තිමත් කර ගැනීමට හැකි ය.
පෙර කළ වැරැදි, අඩුපාඩු නිවැරැදි කර ගනිමින්, යළිත් එම
වැරැද්ද නොකර සිටීමට මනස ශක්තිමත් කර ගන්නවා නම්, ජීවිතය
ජයගත හැකි ය.
ශක්තිමත් මනසක් ඇති පුද්ගලයා
ජීවිතයට පැමිණෙන ප්‍රශ්න මඟහැර දමා නොයයි. මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු
කර ගැනීම, වඩාත් සාර්ථක ජීවිතයකට මඟ
පාදයි.
මෙන්න මේ කියන කාරණා ඔයාගේ ජීවිතේ සාර් ථකත්වයට නියතවශයෙන්ම මග කියනවා.
අභියෝග ජීවිතයට සෙත් කවි විදිහට
දකින්න,අරමුණ වෙනුවෙන් ජීිතය අපූරුවට මෙහෙයවන්න ඔබට ශක්තිය ලැබෙන්න අපි සුබ පතනවා.