Logo
Logo

නහර ගැට ගැසිමේ රෝගී තත්ත්වය (Varicose)

  ඔබගේ දෙපා වල  සුන්දරත්වය අහිමි කරන පසුකාලිනව එහි මනා ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන නහර ගැට ගැසිමේ රෝගී තත්ත්වය (Varicose ) පිළිබඳව ඔබ කොතර...

 


ඔබගේ දෙපා වල  සුන්දරත්වය අහිමි කරන පසුකාලිනව එහි මනා ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන නහර ගැට ගැසිමේ රෝගී තත්ත්වය (Varicose ) පිළිබඳව ඔබ කොතරම් දුරට දැනුවත්ව ද?

ඔබට ද මෙය ඉතා පහසුවෙන් හදුනා ගත හැකි රෝගී තත්ත්වයකි.

මෙම තත්ත්වය බහුලව ඇති වන්නේ දෙපා වල වුවද අන්නසෝත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව ද ඇති වේ.

නහර ගැට ගැසිමේ රෝගයේ දී ඔබේ දෙපා වල ගැට ගැසුණු සහ විශාල වූ ශිරා ජාලයක් දැක ගත හැක. දෙපා වල වේදනාව, හිරිය, දැවිල්ල, කැසිම, මස්පිඩු පෙරලිම, වළලු කර ප්‍රදේශයේ ඉදිමුම, දෙපාවල දුර්වර්ණ බව, සුව නොවන තුවාල මේ සමග පැණ නැගෙන රෝග ලක්ෂණ වේ.

 හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යනු ලබන්නේ ධමනි වන අතර හෘදය දෙසට රුධිරය ගෙන එනු ලබන්නේ ශිරා වේ. මෙම ශිරා වල ඇති ප්‍රත්‍යාස්ත බව, කපාට වල ක්‍රියාකාරිත්වය, පේශි වල  සංකෝචනය රුධිරය හෘදය දෙසට ගමන් කිරිමට උපකාර කරයි. නමුත් මේවායේ ක්‍රියාකාරිත්වය නිසියාකාරව සිදුනොවෙන විට එම රුධිරය ශිරා වල එකරාශි විම සිදුවේ.

ආරම්භයේදී මෙය ඔබට අපහසුවක් ඇති නොකලද දිගුකාලීනව පැවැතිමෙන් ඔබට සංකුලතා බොහොමයක් ඇති කරයි. මෙය නොසලකා හැරිම නොකල යුතුය .

මේ සදහා හේතු විය හැක්කේ මොනවාද ?

වයස සමග රුධිර වාහිනී වල ප්‍රත්‍යාස්ත බව අඩු වේ. කපාට වල ක්‍රියාකාරිත්වය දුර්වල වේ. එවිට රුධිරය ආපසු ගලාවිත් ශිරාවල එකතු වේ.

කන්තාවන්ට මෙම රෝග තත්ත්වය ඇතිවීම වැඩිය.(Female hormones  tend to relax vein walls)

උපත් පාලන පෙති භාවිතය .

ගර්භණී බව

ආර්තවාභාවය

රෝගයේ පවුල් ඉතිහාසය 

තරබාරු බව

එකම ඉරියව්වේ බොහෝ වෙලාවක් සිටිම.

අධිකව වෙහෙසිම

මෙම රොගී තත්ත්වය නොසැලකිම නිසා ඇති විය හැකි සංකුලතා බොහොමයකි.

රුධිරය කැටිගැසීම (Thrombophlebitis) 

ඔබේ දෙපා වල ඉදිමිම සහිතව වේදනාව නොකඩවා පවතී නම් හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමු විය යුතුයි.

රුධිරය ගැලිම

සුව කිරිමට අපහසු තුවාල

නහර ගැට ගැසුණු දෙපා වල විශේෂයෙන් ම වළලු කර  ප්‍රදේශයේ තුවාල ඇති වුවහොත් මෙය සුව කිරිම අපහසු වේ.මෙම තත්ත්වය සමග ඔබට දියවැඩියාව පවතී නම් ඔබ මෙම තත්ත්වය ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එය නොසලකා හැරිම ඔබේ දෙපා පාවා ඔබට අහිමි කල හැක.

මෙම ගැටලු මගහරවා ගනිමින් ඔබගේ දෙපා සුන්දරව  පවත්වා ගන්නේ කෙසේ ද?

එකම ඉරියව්වේ බොහෝ වෙලාවක් සිටිමෙන් වැලකිම.

ශරීරයේ බර පාලනය

ක්‍රමවත් ව්‍යායාමය

Compressing Stockings භාවිතය 

(එය රුධිරය ඉහලට ගමන් කිරිම ට උපකාර කරයි.)

උස අඩි සපත්තු දැමිමෙන් වැලකිම.

තද ඇදුම් ඇදිමෙන් වැලකිම .

ප්‍රමාණවත් විවේකයක් ඔබේ දෙපා වලට ලබා දිම.(නිදා ගැනිමේදී කොට්ටයක් උඩ පාද තබා ගැනිම.)

මද්‍යපානයෙන් සහ දුම් පානයෙන් වැලකිම.

ලුණු සහ තෙල් භාවිතය අවම කිරිම.

තන්තු සහිත ආහාර පලා වර්ග වැඩිපුර ගැනීම.

මෙම රෝගය සදහා අයුර්වේද  ප්‍රතිකාර ඉතා සාර්ථකව යොදා ගත හැක.

ශිරා වේදනය 

කුඩැල්ලන් ඇල්ලිම

රක්ත ශෝධනය

මෙම ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් අනුව ඒ යටතේ සිදුවිය යුතුය .

නිවසේදී ඔබට කල හැකි ප්‍රතිකාර

පොල් තෙල් /ඔලිව් තෙල්/පිණ්ඩ තෙල් ආලේප කරමින් පහල සිට ඉහලට සුමට සම්භාහනය

දාස් පෙතියා කොල ගිතෙල් සමග අඹරා ආලේපය

අක්කපාන කොල ඇල් දියෙන් අඹරා ආලේපය

රණවරා, ඉරමුසු, හාතාවාරිය, ගොටුකොල, ආදී කැද පානය

නෙල්ලි රසකිද තම්බා බීම


ඔබට නීරෝගි දිවියක්!

(සිමාවාසික අයුර්වේද වෛද්‍ය චරිතා විජේසිංහ)

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: නහර ගැට ගැසිමේ රෝගී තත්ත්වය (Varicose)
නහර ගැට ගැසිමේ රෝගී තත්ත්වය (Varicose)
https://1.bp.blogspot.com/-XrGbCXYBv18/YP-szii1uZI/AAAAAAAAGpA/VSwDf3mOBkATjMSGcKfcEADFF2jlizxqwCLcBGAsYHQ/s16000/Varicose_Veins_Outdoors-732x549-Thumbnail-1-732x549.jpg
https://1.bp.blogspot.com/-XrGbCXYBv18/YP-szii1uZI/AAAAAAAAGpA/VSwDf3mOBkATjMSGcKfcEADFF2jlizxqwCLcBGAsYHQ/s72-c/Varicose_Veins_Outdoors-732x549-Thumbnail-1-732x549.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/07/varicose-veins.html.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/07/varicose-veins.html.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content