නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි අද Lifeline කතාබහ හැමෝම උනන්දුවෙන් මේ දිනවල කතාවෙන නාසා අලුත්ම මෙහෙයුම ගැනයි... නාසා ආයතනය ලෝකයේ ...
නාසා අභ්‍යවකාශ යානය බ්‍රහස්පතිට ළංවෙයි අද Lifeline කතාබහ හැමෝම උනන්දුවෙන් මේ දිනවල කතාවෙන නාසා අලුත්ම මෙහෙයුම ගැනයි...
නාසා ආයතනය ලෝකයේ ඉතා වැඩි වශයෙන් භාවිත වන නමක් ලෙස අපට නාසා හඳුන්වන්න පුළුවන් ...
මුලින්ම අපි නාසා ආයතනය කියන්නෙ මොකක්ද කියලා දැනගනිමු..
නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී. අලුත්ම මෙහෙයුම නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා වෙත යැවූ ජූනෝ අභ්‍යවකාශ යානය මේ වන විට බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.
මෙහෙයුමේ අරමුණ
බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මෙය අභ්‍යාවකාශගත කැරිණි.
සැතපුම් බිලියන 1.7ක් දුරින්වූ බ්‍රහස්පති වෙත වසර පහකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී අභ්‍යවකාශගත කළ යානය සාර්ථකව බ්‍රහස්පතිගේ කක්ෂයට ළඟාවීම පිළිබඳව නාසා ආයතනය සිය සතුට පළ කරයි.
යානයට නම හැදුනු හැටි
ජූනෝ නම රෝම ජන කතා ඇසුරින් යොදා ඇති අතර රෝම ජනකතා අනුව ජූනෝ යනු බ්‍රහස්පතිගේ බිරිඳයි. එය බ්‍රහස්පතිගේ කක්ෂය වටා 32 වාරයක් ගමන් කරනු ඇති බවත් බ්‍රහස්පතිගේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය අතර ගමන් කිරීමට වසරක් පමණ ගතවනු ඇතැයිද කියති. සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු මෙම යානයේ උපකාරයෙන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවත් නව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව නාසා විද්‍යාඥයෝ කියති.
ජූනෝ යානය බ්‍රහස්පති මත හරියටම ස්ථානගත වීමෙන් පසු අධික උණුසුමක් හෝ දැල්ලක් හටගන්නා බවත් නියමිත වේලාවට අනුව එහි එන්ජිම විනාඩි 35කදී ගිනි ගන්නා බවද එසේ වීමට හේතුව බ්‍රහස්පතිගේ ගුරුත්ව ශක්තිය බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.