අප දෙමව්පියන් අප රැකගත්තේ ඇස් දෙක වගේය. ආදරවන්තයන් තම ලබැඳියන් දෑස්මෙන් රැකගන්නා බව කියමින් ආදරයෙන් බැඳුනාහ.. එසේ නම් ඇසට ඇති වටිනාකම අසීමාන...
අප දෙමව්පියන් අප රැකගත්තේ ඇස් දෙක වගේය. ආදරවන්තයන් තම ලබැඳියන් දෑස්මෙන් රැකගන්නා බව කියමින් ආදරයෙන් බැඳුනාහ.. එසේ නම් ඇසට ඇති වටිනාකම අසීමාන්තික බව එයින්ම අපට වටහාගන්නට වෙනත් අටුවා ටීකා වුවමනා නොවේ..
ඇස යනු කුමක්ද..?
ශරීරයේ ඇති වටිනාම අවයවයක් ලෙස මේ ඇස හැඳින්විය හැකියි..
මිනිස් ඇස යනු ආලෝකයට සංවේදී අවයවයකි.ආලෝකයේ හැසිරීම මගින් බාහිර සංවේදනයන් මොළයවෙත ලබාදීම මෙමගින් සිදුවේ.නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත් කාරියක් කිරීමට අපොහොසත් වේ.
මෙමගින් දිවා රාත්‍රී දෙකෙහි වෙනස හඳුනාගැනීමක් සිදුකරන අතර මෙය සත්‍ය වශයෙන්ම පෙනීමක් ලෙස සැළකිය නොහැක..
ඇසට පෙනීම ලැබෙන හැටි...
බාහිරින් ඇති වස්තුවක සිට පැමිණෙන ආලෝක කදම්භය අක්ෂි කාචය තුලින් ඇතුළු කරගෙන, එහි ප්‍රතිබිම්භය දෘෂ්ඨි විතානය මත නාභිගත කොට පැහැදිලි රූපයක් වර්ණද සමඟින් මොළය වෙත යැවීම සිදු කිරීම සඳහා ඉතා සියුම් ලෙස ඇස තැනී තිබෙනවා...
ඇස ප්‍රතිබිම්බ හදන්නේ කොහොමද ..
කණීනිකාව හා අක්ෂි කාචය ඔස්සේ ඇස තුළට ඇතුළු වන ආලෝක කදම්බ එහි දෘෂ්ඨි විතානය මත ප්‍රතිබිම්බය සාදන්නේ යටිකුරුව හා ඉදිරිපස හා පසුපස මාරු වන පරිදියි. ඉන්පසු මොළයට දෘෂ්ඨික ස්නායුව ඔස්සේ මේ පණිවුඩය සංජානනය වන අතර එකෙණෙහිම මොළය මඟින් එම ප්‍රතිබිම්බය උඩුකුරු හා නිවැරදි දිශානතියක් සහිතව සකස් කිරීම සිදු කෙරෙනවා. මිනිසෙකුගේ අක්ෂි මේ ආකාරයට පිහිටා තිබීමෙන් කණීනිකා සිදුරේ තරමට වඩා වැඩි පරාසයක ඇති වස්තූන් දැකගත හැකි වන අතර පර්යන්තයේ (perimeter) ඇති වස්තූන්වල දර්ශනයද හොඳින් සිදු වෙනවා. ඇසට පෙනෙන වර්ණ මිනිස් ඇසක් ප්‍රතිග්‍රහණය කරන්නේ මූලික වර්ණ තුන වන නිල්, කහ හා රතු යන වර්ණ තුන පමණයි. යම් වස්තුවක සිට එන ආලෝක කදම්බ ග්‍රහණය කර ගැනීමේ රතු, කහ හා නිල් වර්ණවලට සංවේදී කේතු සෛල මිලියන 7 ක පමණ ප්‍රමාණයක් ඇසෙහි පිහිටා තිබෙනවා. කෙසේ නමුත් මේ වර්ණ විවිධාකාර ලෙස සංයෝජනය වුණු වර්ණ මිලියන 10ක පමණ ප්‍රමාණයක් හඳුනාගැනීමට මිනිස් ඇසකට පිළිවන්...
ඇස් රෝග කියන්නේ මොනවා ද?
සාමාන්‍යයෙන් ඇස් රෝග, බෝවන ඇස් රෝග සහ බෝ නොවන ඇස් රෝග වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද ඇති වීම, ඇසේ පීඩනය වැඩි වීම (ග්ලුකොමා), දියවැඩියාව නිසා ඇති වන ඇස් රෝග, අවිදුර දෘෂ්ටිකත්වය සහ දුර දෘෂ්ටිකත්වය වැනි රෝග බෝ නොවන ඇස් රෝග වශයෙන් හඳුනා ගන්න පුළුවන්.
බෝ වන ඇස් රෝග
බෝ වන ඇස් රෝගයක් හට ගත්විට එය රෝගියාගෙන් වෙනත් නිරෝගී පුද්ගලයකුට බෝ වෙන්න පුළුවන්. මෙසේ බෝවන ඇස් රෝග දිගු කාලීනව පවතින්නේ නෑ. සාම්ප්‍රදායික ඇස් රෝගය වැළඳුනහම සති දෙකක් වගේ් කාලයක් ඇසේ අමාරුව පවතින්න පුළුවන්. මෙය ශීඝ්‍රයෙන් අන් අයට පැතිරීමේ අවදානම පවතිනවා.
බෝ වන ඇස් රෝග වැළඳෙන්නේ වෛරස්, බැක්ටීරියා හෝ දිලීර මගින්. රෝග ලක්ෂන මොනවාද එහි දී ඇස්වලින් කබ ගැලීම, කඳුළු ගැලීම, ඇස් පිහාටු මදක් ඉදිරියට ඇදලා බැලූ විට ඇතුළතින් රතු පැහැ ගැන් වී තිබීම
බෝ වන ඇස් රෝගයක් වැළඳුණු විට ඉර එළිය දිහා බැලීම අපහසු වෙනවා. අධික වේදනාව, ඇස් වටේට දරුණු ලෙස ඉදිමීම, උණ, ඇස්වල දැවිල්ල හට ගැනීම, ඇස්වල රත් පැහැය දින කිහිපයක් පැවැතීම ආදී රෝග ලක්ෂණ පැවැතුණහොත් එය බෝවන ඇස් රෝගයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එහෙත් මෙහි දී ඇසේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමෙන් පැවැතිය හැකියි. පැය 24කට වැඩිය මේ ලක්ෂණ පැවැතුනහොත් එය බෝවන ඇස් රෝගයක්. එවැනි අවස්ථාවල ප්‍රතිකාර සදහා යොමු වීම වැදගත්. ඒ වගේම ජනතාව ගැවසෙන තැන්වල සිටීම නොකළ යුතුයි. ඇස් ස්පර්ශ කර වෙනත් පිරිස භාවිතා කරන ද්‍රව්‍ය නොඇල්ලිය යුතුයි. ඒ මගින් තවත් කෙනෙකුට බෝ වීම වළක්වා ගැනීමට පුළුවන්...
ඇසේ කඳුළු ඇස ගැන කතාබහේදී අපට අනිවාර්යයෙන් කඳුලු නම් අමතක කරන්න බෑ..අශ්‍රැකරණය, හෝ අශ්‍රැවහනය යනු, කඳුළු ස්‍රාවය වීම වන අතර, එය බොහෝ විට කටයුතු කරන්නේ ඇස් උද්දීපනයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇස් පවිත්‍ර කිරීමට සහ ස්නේහනය කිරීමටයි. හැඞීම නිසා සැදෙන කඳුළු, දුක, උල්ලාසය, විස්මය හෝ ප්‍රමෝදය වැනි දැඩි අභ්‍යන්තර චිත්ත වේගයන් හා ආශ්‍රිත වෙයි. සිනහ වීම හෝ ඈනුම් ඇරීම යන අවස්ථාවන්හීද කඳුළු සැදිය හැක.
දෑස් මෙතරම් වටින්නේ ඇයි...
මගතොටේ , බසයේ මෙවැනි නොයෙකුත් ස්ථානවලදී අපට දෑස් නොපෙනෙන තැනැත්තන් දැකිය හැකියි.. ඇස් ඇති අප දකින සුන්දර ලෝකය ඔවුන්ට අහිමිවීම හරිම දුක්බරයි ..... මේ දිනවල අප එදිනෙදා සෑම කටයුත්තක්ම සිදුකරන්නේ මාර්ගගත් (Online) ආකාරයටයි...
ඉතින් අපට දෑස්වලට බොහෝ ආබාධ පැමිණෙනවා.. එබැවින් අපි සොබාදහමේ මිහිරියාව සේම ලෝකයම අපවෙත රැගෙන එන දයාබර දෑස රැකගනිමු...