Logo
Logo

පිළිකාවට අතවනන ප්ලාස්ටික් බෝතල් මාරයා..

එදිනෙදා අපි වෙලඳපොලෙන් අරන් පාවිච්චි කරන වතුර බෝතලය ඔබේ මරණයට පවා හේතුවක් වෙන බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.  මිනිසාට ජීවිතය පවත්වාගන්න අත්...

හිරු එලිය වැදුනොත් ලෙඩ ඒ ප්ලාස්ටික් වතුර බෝතලය හිරු එලියට නිරාවරණය වීමේදීත්, තැලීම්, පොඩිවීම් සිදුවූ විටත් අභ්‍යන්තර පෘෂ්ඨයේ අඩංගු රසායනික ද්‍රව්‍ය ජලය සමඟ මුසුවීමේ අවදානම් බොහෝ වැඩියි.


එදිනෙදා අපි වෙලඳපොලෙන් අරන් පාවිච්චි කරන වතුර බෝතලය ඔබේ මරණයට පවා හේතුවක් වෙන බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.  මිනිසාට ජීවිතය පවත්වාගන්න අත්‍යවශ්‍යම සාධකය ජලය , කොහොමද ජලය මරණයට හේතුවෙන්නේ අද Lifeline තුලින් කතා කරන්නේ ඒ ගැනයි..  

එදිනෙදා ගමන් බිමන් යද්දි අපට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වතුර , ඒත් හදිස්සියෙන් බෑගයට වතුර බෝතලය දමාගන්න බැරි වුනොත් කඩෙන් අරන් පාවිච්චි කරන්න අපි දෙවරක් හිතන්නෙ නෑ...                        

පානීය ජලය රැස්කරන විවිධ හැඩයේ , වර්ණයේ ප්ලාස්ටික් බෝතල් වෙලඳපොලේ කොතෙකුත් අපට හමුවනවාද , සාමාන්‍යයෙන් ඒවා නිපදවීම සඳහා යොදා ගැනෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කලහැකි පොලිඑතිලීතීන් ටෙරාතැලේට් (Polyethylene Terephathalate) නම් පොලිමර් වර්ගයක්.  

ඒත්, වෙලඳපොලේ ජාත්‍යන්තර ප්‍රමිතියකින් තොරව නිපදවූ ප්ලාස්ටික් බෝතල් ද අනිවාර්යයෙන් තිබෙනවා. 

හිරු එලිය වැදුනොත් ලෙඩ ඒ ප්ලාස්ටික් වතුර බෝතලය හිරු එලියට නිරාවරණය වීමේදීත්, තැලීම්, පොඩිවීම් සිදුවූ විටත් අභ්‍යන්තර පෘෂ්ඨයේ අඩංගු රසායනික ද්‍රව්‍ය ජලය සමඟ මුසුවීමේ අවදානම් බොහෝ වැඩියි.       

එක්වරක් භාවිත කර ඉවත් කරමු       

ඇත්තටම හිතුවොත්  ඔබ කඩෙන් ගත්ත වතුර බෝතල් කීවරක් නැවත භාවිත කරනවද ?  සාමාන්‍යයෙන් කුඩා ප්ලාස්ටික් වතුර බෝතලය එක්වරක් පාවිච්චි කර ඉවත්කිරීම අනිවාර්යයෙන් ම කරන්න මතකයේ තබාගන්න... එහෙම නැත්නම් මේ උපදෙස් නොසලකා හැරියොත් ඔබට සිදුවෙනවා ජීවිතයෙන් වන්දිගෙවන්න.. මේ ප්ලාස්ටික් බෝතලවලින් පිළිකා සහ වෙනත් ලෙඩරෝග ඇතිවීමේ අවදානමක් තිබෙනවා. කලින් අපි කතාකලා වගේම මෙයට හේතුවෙන්නේ සූර්‍යාලෝකයට නිරාවරණය හා නැවත නැවත භාවිතයෙන් පමණයි.. ශ්‍රීලංකා ප්‍රමිතිකරණ ආයතනය මගින් ලබාදෙන ප්‍රමිති සහතිකය මෙවන් ප්ලාස්ටික් අවභාවිතාවන් වළක්වනවා.                    

විවිධ ප්ලාස්‌ටික්‌ වර්ග හඳුනාගනිමු 

    මේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම්වල සංකේත ගණනාවක්‌ ඇතත් ඒ පිළිබඳ මනා දැනුමක්‌ අප හට නොමැතිකමින් සෞඛ්‍යයට මෙන් ම පරිසරයට හානි සිදු වනවා. එබැවින් සැම දෙනා ම ඒ පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්.


1988 වර්ෂයේ දී ප්ලාස්‌ටික්‌ කර්මාන්තය වෙනුවෙන් පිහිටුවූ Society of the Plastics Industry - SPI සංගමය මගින්, ප්ලාස්‌ටික්‌ වර්ගය තනා ඇති රෙසින අනුව අංක 01 සිට 07 දක්‌වා අංක හදුන්වා දී තිබෙනවා. එමගින් ඒ ඒ ප්ලාස්‌ටික්‌ වර්ගය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඇති හැකියාව හඳුනාගැනීමට සහ සෞඛ්‍යයට හිතකර ප්ලාස්‌ටික්‌ බඳුන් තෝරාගැනීමට පාරිභෝගිකයාට පහසු වනවා.

ඔබත් පානීය ජල බෝතල්, කෑම පෙට්‌ටි හා විවිධ ආහාර වර්ග අසුරා ඇති ප්ලාස්‌ටික්‌ බඳුන් භාවිත කරන්නේ නම් එහි අඩියේ ඇති ඊතලවලින් වට වූ ත්‍රිකෝණයක්‌ තුළ කුඩා අංකයක්‌ තිබේ දැයි බලන්න. මේ අංකය මගින් ප්ලාස්‌ටික්‌ වර්ගය හා ඒවා ප්‍රතිචක්‍රියකරණය කිරීමට ඇති හැකියාව පිළිබිඹු වනවා.සමහර ප්ලාස්‌ටික්‌ නැවත නැවත භාවිතයට සුදුසු වන අතර සමහර ප්ලාස්‌ටික්‌ වර්ග ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකියි. ප්ලාස්‌ටික්‌ කර්මාන්තය හඳුන්වා දී ඇති මේ සංකේත සියලු ම නිෂ්පාදන ඇසුරුම්වල අන්තර්ගත කිරීම නෛතික අවශ්‍යතාවක්‌ නො වන නමුත් මේ සංකේත පිළිබඳ තේරුම්ගැනීම හා මනා අවබෝධයක්‌ තිබීම පාරිභෝගික ඔබ සතු වගකීමක්‌.

ඔබත් ප්ලාස්‌ටික්‌ බඳුනක්‌ මිල දී ගැනීමට පෙර ඔබට අවශ්‍ය අදාළ අංකය තිබේ දැයි භාජනයේ අඩිය පරීක්‍ෂා කර බලන්න.  

එහෙම වුනොත් අනාගත අවදානම් වලක්වාගෙන නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න අපට හැකිවේවි... 


සටහන- ජී.ජී.නිල්මිණි සුගන්දිකා ප්‍රේමදාස 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: පිළිකාවට අතවනන ප්ලාස්ටික් බෝතල් මාරයා..
පිළිකාවට අතවනන ප්ලාස්ටික් බෝතල් මාරයා..
https://1.bp.blogspot.com/-jACPWZm7yeg/YM7A4jgYlyI/AAAAAAAAE2s/lhUoL6y9mA8Cz_U5y3GW7i-a3M_RX2F1ACLcBGAsYHQ/s16000/water-bottle-plant.webp
https://1.bp.blogspot.com/-jACPWZm7yeg/YM7A4jgYlyI/AAAAAAAAE2s/lhUoL6y9mA8Cz_U5y3GW7i-a3M_RX2F1ACLcBGAsYHQ/s72-c/water-bottle-plant.webp
LifeLine
https://lifeline.bottomline.asia/2021/06/09-when-exposed-to-sunlight-the-plastic-water-bottle-is-exposed-to-the-sun-and-when-exposed-to-bruises-or-bruises-the-chemicals-on-the-inner-surface-are-at-greater-risk-of-mixing-with-water.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/06/09-when-exposed-to-sunlight-the-plastic-water-bottle-is-exposed-to-the-sun-and-when-exposed-to-bruises-or-bruises-the-chemicals-on-the-inner-surface-are-at-greater-risk-of-mixing-with-water.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content