මිනිසා ස්වභාවදර්මයේ කොටසකි. මිනිසාගේ ජිවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍ය බොහෝ දේ එම ස්වභාවධර්මයා විසින්ම තිලිණ කොට තිබේ. ආහාර, ජලය, වාතය මිනිසා...
මිනිසා ස්වභාවදර්මයේ කොටසකි. මිනිසාගේ ජිවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍ය බොහෝ දේ එම ස්වභාවධර්මයා විසින්ම තිලිණ කොට තිබේ. ආහාර, ජලය, වාතය මිනිසාට ජිවත්විමට අවශ්‍ය කරණා වෙති.
එසේම ශරිරයේ නිරරෝගි බව පෘශ්ඨිමත් බව මනසික සතුට ඇති කිරිම සදහාත් නින්ද අවශ්‍ය වේ.
නින්ද ස්වභාවික ක්‍රියාවලියකි.එහිදී පංචේන්ද්‍රියන්න්ද්‍රියන් වන ඇස කන නාසය දිව සම යන මේවා ඒවායේ සන්වේදනයනන් හා නොගැටි පවතී.
ඔබට ප්‍රමාණවත් නින්දක් ලැබෙනවාදැයි ඔබ සිතුවාද?
නින්ද ප්‍රමාණවත් පරිදි නොලැබීම, පමණ ඉක්මවා ලැබිම ඔබට ශාරීරික හා මානසික ගැටලු බොහොමයක් ඇති කරයි.
දවල් කලයේ නින්ද ශාරීරයට අහිතකර වේ. එමගින් හිසරදය, සෙම් ආශ්‍රිත රෝග, ආහාර ජිර්ණ ආශ්‍රිත ගැටලු, මතක ශක්තිය හිනවිම ඇති කරයි. එම නිසා නින්ද නුසුදුසු වේලාවට නොගත යුතුය .
නමුත් දවල් කාලයේ නින්ද ලාබා ගැනිමට සුදුසු අවස්ථා පවතී.
දුර්වල පුද්ගලයන්, කුඩා ළමුන්, ඉගෙනුම ලබන්නන්, සංචාරකයන්, මානසික රෝග ඇති පුද්ගලයන්, දවල් කාලයේ නින්ද ලැබිම යහපත් වේ .
එහිදී රත්‍රි කාලයේ අතපසු වු පැය ගණනින් අඩක් දහවල් කාලයේ නින්දා ගැනීම උචිතය.
නින්ද නොයාම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන ගැටලුවකි. එය රෝග ලක්ෂණයකි. ප්‍රධානවම මානසික රෝග වලදි දක්නට ලැබේ. මේ සදහා කායික මානසික සා මාජිය කරණා රැසක් බලපායි.
විෂාදය වැනි මානසික රෝග.
ශාරීරික වේදනාවන්ගෙන් පෙලිම.
පාකින්සන්, අපස්මාරය වැනි රෝග වලින් පෙලීම.
ඔබ භාවිතා කරන ඇතැම් ඔෘෂධ.
ශාරීරයේ සිදුවන ඇතැම් හොර්මෝනමය වෙනස්කම් (ගර්භණී බව, ආර්තවාභවය).
තේ කෝපි වැනි දේ නින්දට පෙර ලබාගැනිම.
දුරකථන පරිගණක නින්ද ට පෙර භාවිතා කිරිම.
නිස්කලංක වටපිටාවක් නොපැවැතිම.
ඉහත කරණා එකක් හෝ කිහිපයක් තිබේ නම් ඔබට නින්ද නොලැබී යයි.
නින්ද නොලැබීම ඔබට බලපාන්නේ කෙසේ ද?
එය ස්නායු වල මනා පැවත්ම හානි කරයි. මතක ශක්තිය අඩු කරයි. ශාරීරයේ අපද්‍රව්‍ය බැහැර විම ක්‍රමවත්ව සිදුනොවේ.
බොහොමයක් අක්ෂි රෝග සහ ශිර්ෂ රෝග ඇති කරයි. මානසික සතුට හා සැහැල්ලු බව අහිමි වේ.
ක්‍රියාශීලී බව අඩු වේ.
ආයුෂ අඩු වේ.
සමාජිය අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම අපහසු වේ.
එම ගැටලු මගහරවා ගනිමින් නිරෝගීව ජිවත්විමට ඔබ පහත පුරුදු අනුගමනය කිරිමට උත්සාහ කරන්න .
හිසට තෙල් යෙදීම සහ සුමට සම්භාහනය.
සිසිල් ජලය ස්නානය.
භාවනා කිරිම.
යෝග අභ්‍යාස කිරිම.
මනස සැහැල්ලුව තබා ගැනීම.
නින්ද ට සුදුසු වටපිටාවක් සකසා ගැනීම.
කිරි අශ්‍රිත අහාර (කිරි, මොරු) ගැනීම.
නින්දට පෙර කොපි තේ පානයෙන් වැලකිම.
නින්ද ට පෙර දුරකථන පරිගණක භාවිතය අඩු කිරිම .
ඉහත කාරුණු ඔබට ප්‍රමාණවත් හා ගුණාත්මක නින්දක් තිලිණ කරණු ඇත.
චරිතා විජේසිංහ ( සිමාවාසික ආයුර්වේද වෛද්‍ය)