Logo
Logo

යලි නැගිටින ඩෙංගු

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට රසායනාගාර පරීක්ෂණ මඟින් 1962 වසරේ දී ඩෙංගු රෝගියෙකු මෙරට වාර්තා වී ඇත. ඩෙංග...


ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට රසායනාගාර පරීක්ෂණ මඟින් 1962 වසරේ දී ඩෙංගු රෝගියෙකු මෙරට වාර්තා වී ඇත. ඩෙංගු වසංගත තත්ත්වයක් මෙරට පළමු වරට වාර්තා වූයේ 1965 1966 අතරයි.එහිදී ඩෙංගු රක්තපාත රෝගීන් කීපයක් පමණක් වාර්තාවී ඇත. 1970 සිට 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ පෙන්වා දෙයි .වර්තමාන ඩෙංගු රෝගී තත්වය පිළිබඳ පරික්ෂා කිරීමේදී මෙම රෝගය දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නාගරීක හා ජනාකීර්ණ ප්‍රදේශවල පවතී. එසේම පැතිර යාමේදී වසරේ සෑම කාලයකදීම පැතිරී වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද එනම්, මැයි සිට ජූලි කාලයේදී නිරිත දිග මෝසම් සක්‍රීය අවස්ථාවේදීත් වර්ෂ අවසානයේ ඔක්තෝබර් සිට ජනවාරි ඊසාන දිග මෝසම් ආශ්‍රිතව ද වාර්තා වේ.

 ඩෙංගු මදුරුවා හදුනා ගමු. 

ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග එකසිය හතලිහක් පමණ සිටි. ඩෙංගු මදුරුවන් ලෙස හැඳින්වෙන්නේ ඊඩිස් ඊජිප්ටයි හා  ඊඩිස් ඇල්බොපික්ටස් මදුරු විශේෂ දෙකයි .ඊඩිස් මදුරුවන්ගේ ජීවන චක්‍රයේ ජලජ හා ගොඩබිම අවස්ථා (සුහුඹුල් මදුරුවා) ඇති අතර ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන් වල ජල මට්ටමට මඳක් ඉහලින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට  බිත්තර පුපුරා කීට අවස්ථාව බවට පත්වේ. මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්‍ෂුද්‍ර ජීවින් ආහාරයට ගනිමින් 1වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ.මෙම ජීවන චක්‍රය සම්පුර්ණ කිරීම සඳහා දින 8-10 අතර කාලයක් ගත කරනා අතර මෙය කීටයාගේ ආහාර ගැනීමේ ප්‍රමාණය මතද රඳා පවතී.

 

 ඩෙංගු රෝග ලක්ෂණ 

ඩෙංගු ආසාදන නිසා ඇතිවන රෝග ලක්ෂණ විශාල පරාසයක් තුළ පැතිරී ඇතැම් පුද්ගලයන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම මෙහි භයානක තත්ත්වයකි .ඩෙංගු රෝගයේදී වැඩි රෝගීන් ප්‍රතිශතයකට සාමාන්‍ය වෛරස් උණ සහ ඩෙංගු රක්තපාත උණ ඇති වේ . මෙම රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ වන අතර 1% ක පමණ ප්‍රමාණයකට අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඇති වේ.


          ඩෙංගු උණ 

* එකවර ඇතිවන තද උණ 

* අධික හිසරදය 

* ඇස පිටුපස වේදනාව 

* හන්දි පේශීවල වේදනා 

* රතුපැහැති විහිදුණු ආකාරයේ දද 

* විදුරුමස්, නාසයෙන්, සමෙන් ලේ ගැලීම් තත්වයන් ඩෙංගු උණ රෝගයේ දී ඇති වේ.


       ඩෙංගු  රක්තපාත උණ 

ආසාදනයේ තීව්‍ර රෝගී තත්ත්වය මෙයයි. මෙහිදී පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි අවධි තුනක් පවතී. 

1. උණ සහිත අවධිය -මෙහිදී දින හතකට අඩුවෙන් පවතින තද උණක් පවතී.

2. අවධානම් අවධිය -අවදානම ඇරඹෙන්නේ තරලය කාන්දු වීම පටන් ගැනීමේදී හා උණ බැස යාමත් සමගයි  .මෙයට දින එකත් දෙකක් අතර කාලයක් ගතවේ.මෙහිදී කෑම රුචිය වර්ධනය වන අතර හෘද ස්පන්දනය අඩු වේ .සුව වීමේදී ශරීරය පුරා කැසීමක් සමග රතු පැහැති පසුබිමේ සුදු ලප හට දැනීමක් ඇතිවේ.


* නොනවත්වා වමනය කිරීම

* බඩේ කැක්කුම

* තද පිපාසය 

* අධික නිදිමත

* සිහිමඳ බව 

* ආහාර නොගැනීම 

* අධික ලේ වහනය 

* අත් අත් පා සුදු මැලි වීම 

* සමේ පැහැය වෙනස් වීම

* හැසිරීමේ වෙනස්කම්

* අසභ්‍ය වචන භාවිතය 

* නොසන්සුන් කලබලකාරී බව

* පැය හයකට වැඩි කාලයක් මුත්‍රා පිට නොවීම 

ඉහත ලක්ෂණ උණ බැස යාමේ දී රෝගියා තුළ ප්‍රකට වේ නම් ,වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකළ යුතුයි.රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා විසින් රෝහල්ගත කිරීම තීරණය කරයි රුධිර පට්ටිකා ප්‍රමාණය මෙහිදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයකි. ගර්භනී කාන්තාවන් ,වයෝවෘද්ධ රෝගීන්, ළදරුවන්, ස්ථුල බව සහිත රෝගීන්, කල්පවත්නා  රෝග සහිත රෝගීන් ,සමාජ තත්ත්ව මත අවධානය යොමු කළ යුතු රෝගීන් රෝහල් ගත වීම අත්‍යවශ්‍ය රෝගීන් ලෙස හැඳින්විය හැක. 

ඔබ, ඔබේ සමීපතමයෙක් ඩෙංගු රෝගියෙක් උවහොත් දැන ගත යුතු කරුනු කීපයක් පවතී.

* දින දෙකකට වඩා උණ පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම.

* උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත) .

* රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම

* වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම,  මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ.

* රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.

* වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක


 රෝගය  වලක්වා ගැනීම 

 වලක්වා ගැනීම ප්‍රධාන වශයෙන් පුද්ගල ආරක්ෂණ ක්‍රමවේද මත රඳා පවතී.

 ඊඩිස් මදුරුවන් ගෘහස්ථ හා එළිමහන් පරිසර වර දිනපතා දෂ්ඨ කිරීම සිදුකරයි.


විශේෂයෙන් උදේ සහ දහවල් අග  කාලයේ දී දෂ්ඨ කිරීම් වලින් ආරක්ෂා වීම සිදු කළ යුතුයි


 දොරවල් ජනෙල් ආදිය පරික්ෂා කිරීම 


ශරීරය ආවරණය වන ඇඳුම් භාවිතය


 ස්වභාවික විකර්ශක වන පැඟිරි තෙල් ,ලෙම්න් සහ කුරුදු තෙල් භාවිතය සිදු කිරීම සුදුසුයි.එසේම මදුරුවන් බෝවියහැකි /බෝවන ස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමට ප්‍රථම එම ස්ථානයේ හිමිකරු හෝ වගකිවයුතු පුද්ගලයන් සමග සාකච්චා කර සමථයකට පත්කරගැනීම ඉතා වදගත් වේ . එහිදී සතුටුදායක ප්‍රථිඑල නොමැතිනම් ඔබගේ ප්‍රදේශය අයත්වන මහජන සෞ.පරීක්ෂක මහතා සහ සෞ. වෛ .නිලධාරීතුමා ඇතුළුව ප්‍රදේශයේ නගර සභාව /ප්‍රාදේශීය සභාවට දැනුම්දීම පළමුව සිදුකල යුතුයි.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: යලි නැගිටින ඩෙංගු
යලි නැගිටින ඩෙංගු
https://1.bp.blogspot.com/-74k4UJH8tOA/YM3bEJJdztI/AAAAAAAAE1c/ZFx2yEZX_tg4VnogIqfsHqsTuXPom3I9QCLcBGAsYHQ/s16000/Aedes-aegypti.jpg
https://1.bp.blogspot.com/-74k4UJH8tOA/YM3bEJJdztI/AAAAAAAAE1c/ZFx2yEZX_tg4VnogIqfsHqsTuXPom3I9QCLcBGAsYHQ/s72-c/Aedes-aegypti.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/06/01-dengue-is-one-of-the-leading-vector-borne-diseases-in-sri-lanka.-the-first-case-of-dengue-was-reported-in-sri-lanka-in-1962-through-laboratory-tests.-the-first-dengue-epidemic-was-reported-in-sri-lanka-between-1965-and-1966-when-only-a-few-dengue-hemorrhagic-fever-patients-were-reported.-research-at-the-medical-research-institute-shows-that-the-spread-of-dengue-continued-throughout-the-1970s-and-1980s.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/06/01-dengue-is-one-of-the-leading-vector-borne-diseases-in-sri-lanka.-the-first-case-of-dengue-was-reported-in-sri-lanka-in-1962-through-laboratory-tests.-the-first-dengue-epidemic-was-reported-in-sri-lanka-between-1965-and-1966-when-only-a-few-dengue-hemorrhagic-fever-patients-were-reported.-research-at-the-medical-research-institute-shows-that-the-spread-of-dengue-continued-throughout-the-1970s-and-1980s.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content