ආදරයට ලෝකෙ වෙනස්කරන්න බැරි දේවල් නැති තරම් එහෙම කිව්වොත් ඔයාලට පුදුම හිතේවී.. හිතල බලන්න ඔයා ගැන, ඔයා ගොඩාක් ආදරය කරන කෙනාව ඔයාගෙම කරගන්න...
එහෙම කිව්වොත් ඔයාලට පුදුම හිතේවී..
හිතල බලන්න ඔයා ගැන,
ඔයා ගොඩාක් ආදරය කරන කෙනාව ඔයාගෙම කරගන්න කොච්චරනම් වෙහෙස වෙනවද? වෙහෙස වුනාද? ඒ වගේම තවමත් වෙහෙසෙමින් ඉන්නවද?
අන්න ඒ වගේ උත්තරීතර ආදරයක් නිසා ජීවිතේ අංශක 360 කින් වෙනස්කරගත්ත දෙන්නනෙක් ගැන මේ කියන්න හදන්නේ.
මේ කතාව ආදරය කරන අයට වගේම මේ වෙද්දි අඹු සැමියන් විදිහට කල් ගත කරන අයටත් ගොඩාක් වැදගත්වේවි.
අපේ කතා නායකයා වෙන්නේ එංගලන්තයේ මහා රාජකීය පරම්පරාවේ හැරී කුමරු.
මේ නම කියද්දිම අනිත් කෙනා කවුද කියලා කියන්න දෙයක් නෑනේ. සාලිය - අශෝකමාලා කියන බැදීම වගේ හැරී - මේගන් කියන්නේ 21 වන සියවසේ අමරණීයම පෙම් යුවල.
මෙන්න මේ ආදරණීයන් දෙදෙනාගේ ජීවිතයෙන් ඔයාලට ගන්න පුළුවන් වටිනා දෙයක් කියන්න හදන්නේ.
රජ පවුලෙන් ලැබුණ සියළු සැප සම්පත් අතහැරලා ආව මේ දෙන්නගේ ජීවිතයේ මේ තරම් සුන්දර විදිහට ගලාගෙන යන්න හේතුවුන රහස් ගැන මේ අය විස්තර කරලා තිබුණා.
දැන් මේ කියන්න හදන්නේ අන්න ඒ රහස් ගැන.
2020 ජනවාරි 08 වෙනිදා මේ දෙදෙනා රාජකීය භාවයෙන් නිළ වශයෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ මෙන්න මේ පරිවර්තනීය වෙනස පටන් ගත්තා කියලා තමයි මේ දෙන්නා කියන්නේ.
මෙහිදී ලොකුම කැප කිරීම කරලා තියෙන්නේ හැරී කුමාරයා.
තරුණ කාලේ බොහොම කෙලි ලොල් විදියට කාලය ගත කල හැරීට තමන්ගේ ආදරය දිනා ගැනීම වෙනුවෙන් බොහෝ කැප කිරීම කරන්න වුනේ තරුණවයසේ ඉන්න දඟකාරයෙකුට කරන්න ටිකක් අමාරු දේවල් එක්ක.
ආදරය වෙනුවෙන් හැරී කුමාරයා කළ අපූරු කැපකිරීම් ටික මෙන්න මේවා.
01. යෝගී පුද්ගලයෙකු වීම.
මේගන්ගේ මව යෝගී උප්දේශිකාවක්,ඒ නිසාම මේගනුත් ඒ මග යන බොහොම නිවුන ගති පැවතුම් තියෙන කෙනෙක් මේ නිසා හැරී කුමාරයා ඒ ආදරය වෙනුවෙන් යෝගී පුද්ගලයෙකු බවට පරිවර්තනය වුනා.
මේගන් කියන් විදිහට එයා කවදාවත් හිතලා නෑ තමන්ගේ කඩවසම් දඟකාර පෙම්වතා මේ විදිහට වෙනස් වෙයි කියලා.
02 . මත්පැන් පානය අත්හැරීම.
රාජකීය පවුලක කෙනෙක්ට මොනවානම් අඩුවක්ද,
එහෙම වුනත් මේගන්ගේ ආදරය දිනා ගැනීම වෙනුවෙන් හැරී මත්පැන් පානය පවා අත්හැරලා තියෙනවා.
තරුණකාලේ හැරී ම්ලේච්ඡ බේබද්දෙකු විදියට හිටියා කියාලා තමයි මේගන් පවා කියන්නේ.
03.මේගන් අවධිවෙන වෙලාවට උදෙන්ම අවදිවෙනවා.
හැරී හිතන්නේ තමන් නිතරම තම බිරිඳට පෙම්වතියට සවියක් වෙන්න ඕන කියලා.ඒ නිසාම හැරී උදෙන්ම අවධිවෙලා හරි හරියට මේගන්ට උදව් කරනවා.
මේගන් කියන විදියට කිසිම කම්මැලිකමක් නැතිව මේ විදියට හැරී වැඩකරන විදිය දැක්කහම එයා ගැන තියෙන ආදරේ තව තව වැඩි වෙනවා කියලා.
04. ආහාර වේල පවා වෙනස් කලා.
සාමාන්‍යයෙන් හැරී පුංචිකාලෙ ඉඳලම හුරුවෙලා හිටියේ මස් මාංශ අධික ආහාර ගන්න
එයාට කෑම ගැන පාලනයක් තිබුණෙම නැහැ.
හැබැයි මේ දඩබ්බරයාට තමන්ගේ පෙම්වතිය නිසා නැත්නම් ආදරේ නිසා මේ දේත් වෙනස් කරන්න හිත් දුන්නා.
ඒකට හේතුව මේගන් පුරුද්දක් විදියට කරගෙන ආව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව.
ඇය නිතරම ඇගේ සම පැහැපත් කරන,ආහාර දිරවීම වැඩි කරන ආහාර පාන ගත්තා.
නිතරම පෝෂණීය ආහාර වල වටිනාකම හැරීට කියලා දුන්නා.
ඒ විතරක් නෙමෙයි තමන්ගේ අතින්ම ආහාර හදලා දුන්නා.
රාජකුමාරයෙක් වුනත් හැරී කිසිදා අත්නොවිඳි මේ අත්දැකීමට හැරී අමැරුවෙන් හරි පුරුදු වුනා.
05. ඔහු සිගරට් පයින් ගැසුවා
හැරී කුමරු නව යොවුන් වියේදී අතිශය දුම්පානය කළ කෙනෙක්.
මීට වසර කිහිපයකට කලින් ඔහු දවසකට පැකට්ටුවක් පානය කළා.
මේ ගැන දැනගත් මේගන් ඔහුට අපූරු කොන්දේසියක් දැම්මා ඒ තමා තමන් සමඟ විවාහ වනනම් දුම්පානය තහනම් කියන එක.
සමහර පෙම්වතුන් වගේ නෙමෙයි හැරී ඒ පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරනවා.
මේගන් ඒ ගැන කියන්නේ හරිම ආඩම්බරෙන්
“මගේ හැරී මගේ ආදරේ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරලා වෙනස් වුන කෙනෙක් ඒ කට මම එයාට හැමදාමත් ණය ගැතියි.”
බලන්න හුස්ම ගන්න හිත ආදරය වෙනුවෙන් වෙනස් වෙන විදිහ මේ දේවල් බොහොම පොඩි දේවල් විදියට ඔයාට දැනුනට කරලා බැලුවොත් තේරේවි ඒකෙ තියෙන අමාරුකම්.
ඉතිං මේ පුංචි පණිවිඩෙන් අපි මතක් කරන්නේ ආදරය කොයිතරම් නම් සුන්දරද කියාලා.