ලෝක සෞඛය සංවිධානය පෙන්නුම් කරන ආකාරයට නවතම සමීක්ෂණ වාර්තා වලින් සනාථ වන්නේ දීර්ඝ කාලීනව පැය ගණනක් තිස්සේ එකම කාර්‍ය්ක නිරතවන්නන් ලොව වසර...
ලෝක සෞඛය සංවිධානය පෙන්නුම් කරන ආකාරයට නවතම සමීක්ෂණ වාර්තා වලින් සනාථ වන්නේ දීර්ඝ කාලීනව පැය ගණනක් තිස්සේ එකම කාර්‍ය්ක නිරතවන්නන් ලොව වසරකට 745000 ක් මිය යන බවයි.
තවද එම මරණ වලට ආසන්නතම හේතූන් ලෙසට ආඝාතය සහ හෘදයාබාධ පෙන්නුම් කරයි. දකුණු නැගෙනහිර ආසියාවේ සහ බස්නාහිර පැසිෆික් කලාපීය ප්‍රදේශ ලොව මෙම අර්බුදයට මුහුණපා ඇති මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශ අතරට නම් කර තිබේ.
විදෙස් වාර්තා පවසන ආකාරයට පරීක්ශක වරුන් හඳුනාගන්නේ සතියකට පැය 55 ක වැඩෙහි නියළෙන පුද්ගලයින්ගෙන් 35% ක් ආඝාතය ටත් 17% ක් හෘදයාබාධ යන්ටත් ගොදුරු වීමේ අවකාශය , සතියකට පැය 35-40 ක් වැඩෙහි නියළෙන්නන්ට සාපේක්ශව වැඩි බවයි.
කෙසේ වෙතත් නවතම දත්ත අනුව ලෝක ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස දිගුකාලීන පැය ගණනක් වැඩෙහි නියළීම විසඳුමක් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.