ඕනෑම රටක ,ශිෂ්ඨාචාරයක ඉතිහාසය කවදා කොහොම ආරම්භවුනාද මුල්කාලීන ඉතිහාසය මොන වගේද මේ දේවල් තවමත් අපි වගේම ලෝකයේ ගොඩාක් රටවල් හොයන දෙයක්. මොහ...
ඕනෑම රටක ,ශිෂ්ඨාචාරයක ඉතිහාසය කවදා කොහොම ආරම්භවුනාද
මුල්කාලීන ඉතිහාසය මොන වගේද
මේ දේවල් තවමත් අපි වගේම ලෝකයේ ගොඩාක් රටවල් හොයන දෙයක්.
මොහෙම හොයාගෙය යද්දි හරි පුදුම දේවල් දකින්න හොයාගන්න ලැබෙනවා.
ඉතිහාසය සොයන්න කරන කැනීම් ගොඩබිම වගේම දියයටත් සිදුකරනවා.
ගොඩබිම කරන කැණීම් වලට වඩා ඉතා දුෂ්කර වගේම අතිශ්‍ය අවධානම් කැණීම් විශේෂයක් තමා දිය යට සිදුකරන ඒ්වා.
අපි දන්න විදියට අපේ රටේ මෑත කාලීනව සිදුකරපු විශාල ව්‍යාපෘති වල ප්‍රථිපල විදිහට ගම් වෙහෙර විහාර අද වෙද්දි ජලාශ පත්ලවල් වල සැඟවෙලා තියෙනවා
ඒ් වගේ දෙයක් තමයි කොත්මලේ ජලාශය හදද්දි යටවුණ කඩදොර විහාරය හා ගම් 57
මේවා කාලෙන් කාලෙට අපිට දකින්න ලැබුණත් ලෝකෙ සමහර දේවල් තියෙනවා ඉතාම අභිරසහ් විදියට දිය යට සැඟවෙලා තියෙන
මෙන්න මේ විදියට දිය යට සැඟවුණ ඉපැරණි අබිරහස් දේවස්ථානයක් සහ එය පිහිටි ඉතිහාසයේ ප්‍රබලව තිබූ නගරයක් ගැන අද අපි ඔබට කියන්න සූදානම්
මේ දේවස්ථානය හා නගරය හමුවෙන්නේ ඊජිප්තු අත්ලාන්තිස් කියලා හඳුන්වන සාගර කලාපයෙන්
අත්ලාන්තිස් සාගර කලාපය පිහිටලා තියෙන්නේ ඊජිප්තු උතුරු වෙරළට ටිකක් ඈතට වෙන්න.
මෙහිදී ඉපැරණි හෙරෙක්ලියෝන් කියන නගරයේ තිබුණු පැරණි දේවස්ථානයක නටබුන් සොයා ගැනීම්ට හැකිවී තිබෙනවා
මීට අවුරුදු 1200කට පමණ කලින් මේ නගරයේ සම්පූර්ණයෙන්ම සාගර ජලයෙන් වැසී ගිහිල්ලා තියනවා
කොහොම නමුත් මුලින්ම මෙම නගර සොයාගත්තේ දෙදහස වසරේදී සාගර පුරාවිද්‍යාඥයන් විසින්
ඊට පස්සේ නව ජනපද මතුකර ගැනීමට පුළුල් ගවේෂණයක යෙදෙන්න මේ සාගර පුරාවිද්‍යාඥයින්ට සිද්ධ වුණා
මේ නගරය සහමුලින්ම විනාශ වෙලා තමයි තියෙන්නේ
ඉතා සංකීර්ණ ස්කෑන් උපකරණ භාවිතාකරලා තමයි මේ දේවල් හොයාගෙන තියෙන්නෙ
මේ නගරයේ කල කැනීම් වලින් සෙරපිස් දෙවියන්ගේ සහ දෙවන අර්සිනෝ රැජිනගේ අසම්පූර්ණ ප්‍රතිමා සොයාගන්න පුළුවන් වුනා.
ඒ් වගේම ග්‍රීක දේවාලයක්, පුරාණ ග්‍රැනයිට් කුළුණු, නිධන් රැගෙන යන නැව් සහ ලෝකඩ කාසි මැටි බඳුන් හෙරක්ලියන්හිදී හමු වෙලා තියෙනවා.
සාගර විද්‍යාඣ ගොඩ්ඩියෝගේ නායකත්වයෙන් යුත් ඊජිප්තු හා යුරෝපීය කිමිදුම්කරුවන් විසින් කරපු පර්යේෂන මගින් ඊජිප්තුවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ විනාශ වූ පැරණි දේවස්ථනයක් ද ඔවුන් විසින් සොයා ගත්තා
මේක ඒ් කාලෙ නගරේ තිබුණ විශාලම දේවස්ථානය විදිහට ඔවුන සලකනවා.
මෙහෙම තිබිලා හමු වුණු තඹ කාසි, දේවාලය, වගේම නිධන් රුගෙන යන නැව්
දෙවැනි ටොලමි රජතුමා කාලයට අයිතියි
දෙවැනි ටොලමි රජතුමා ක්‍රිස්තුපූර්ව 283 ත් 246 ත් අතර කාලය තමයි රජ කළේ
ඒ විතරක් නෙමෙයි මේ ආසන්නයේ තිබිලා ජලයේ යටවුණු කැනබිස් නැමැති ජනපදයක සිතීයමක් හොයා හොයාගන්නත් පුරා විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙනවා
ඒ වගේම මේ ආසන්නයේම තිබිලා සැතපුම් දෙක තුනක් පමණ විසිරුණු ගොඩනැගිලි කිහිපයක නටඹුන්,
ඒත් එක්කම තඹ කාසි රැසක් මුදු කර්ණාභරණ රත්‍රං බඩු ගොඩක් හොයාගන්නත් පුරවිද්‍යාඥයන් ට පුළුවන්වෙලා තියෙනවා
මේ විදියට හම්බුනු කලාත්මක භාණ්ඩ බොහොමයක් ටොලමි රාජ්‍ය සමයටත් බයාසන්ධයින් රාජ්‍ය සමයටත් අයිති වෙනවා.
ටොලමි රාජ්‍ය සමයේ ක්‍රිස්තු පූර්ව 305 ත් 330 ත් පැවතුනා.
330 දි තමයි බයිසන්ධයින් රාජ්‍ය සමය ආරම්භ වෙන්නේ
මේ රජවුරු දෙන්නම ගොඩාක් කලාත්මක නිර්මාණ ආශ්‍රයෙන් වෙළහෙළදාම් කරලා තියෙනවා
මේ නිසාම ඒ්කාලයේ මේ රාජධානියේ වැසියන් හොඳ ආර්ථික තත්වයක ඉන්න ඇති කියලා පුරාවිද්‍යාඟියන් අනාවැකි පලකරනවා.
බලාගෙන යද්දි දැන් වගේ නෙමෙයි ඉස්සර හැම රටකම රජකරපු උදවිය ගොඩාක් කළාත්මක අය.
ඒ් නිසා තමයි අදටත් ඒ්වා දකින්න ලැබෙන්නේ.
ඒ විතරක් නෙවෙයි මේ සාගර කලාපයේ තැන් තැන් වල ගිළුණු නැව් බොහොමයක් හමුවෙලා තියෙනවා.
මේ ගැන යම් සැකයික් ඇතිවුන පුරාවිද්‍යාළයින් මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙලා තියෙනවා.
ඒ් නිසාම ඉතා සියුම් විදිහට මේ ගවේෂකයන් පර්යේෂණ කරලා තියෙනවා
ඒ් අනුව මේ නැව් වල ඉතා සුරක්ෂිත විදියට ලෝහ පෙට්ටිවල ගබඩා කරපු මැටි බඳුන් කාසි හා ස්වර්ණාභරණ හමුවෙලා තියෙනවා.
මේවා ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට අයිති දේවල්
මෙය ක්ලියෝපැට්රා අනුස්මරණය කරන්න හදපු දේවාලයක් කියලත් ඇතමුන් විශ්වාස කරනවා.
මේ හෙරෙක්ලියෝන් නගරය දැන් හදුන්වන්නේ අබෝකර් බොක්ක කියලා
මොකද ඉස්සර ඒ්ක ගොඩබි්ම නගරයක් වුනාට දැන් ඒ්ක මුහුදේ ගිලී තිබෙන ස්ථානයක් නිසා.
අබෝකර් බොක්කේ අඩි 30 ක් පමණ යටට වෙන්න තමයි මේ නගරය හමුවන්නේ.
ඉතිහාස අධ්‍යයනයට අනුව මේ නගරය මධ්‍යධරනී කලාපයේ පැවති වැදගත් වෙලඳ මධ්‍යස්ථානයක් ද වෙනවා.
විශේෂයෙන්ම ක්‍රි පූ 311 ඇලෙක්සෙන්ඩ්‍රියාව බිහිවෙන්න කලින් ග්‍රීක නගර වලින් ඊජිප්තුවට ගමන් කල නැව් මේ නගරය හරහා ගිය නිසා මෙය වැදගත් වෙළඳ කේන්දයක් වුනා.
ඒ්කට තියෙන හොඳම සාක්ෂි තමා මේ දේවාලයේ ඇතලත වගේම මේ වටා කිලෝමීටර් ගණනක් දුර තිබෙන ගිලුණ නැව් සහ ඒ්වායෙන් හමුවන කාසි.
අවුරුදු දාහකට වඩා වැඩි කාලයක් මේ නගරය කීර්තිමත් වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට තිබිලා තියෙනවා.
මේ ගැන හරියටම සනාත කරගත්තේ මීට අවුරුදු 13 කට විතර කලින්.
ඒ් සාගර පුරා විද්‍යාඟ ෆෑන්ක් ගොඩ්ඩියෝ කල පර්යේෂනයකදී.
මොහු අපූරු පර්යේෂන ව්‍යාපෘතියක් ආරම්භ කලා ඒ් 2007 අවුරුද්දේදි
මේකට කණිෂ්ඨ පර්යේෂකයන් 20 දෙනෙකුත් සම්බන්ධ කරගත්තා
මේ පර්යේෂණය 18 වැනි සියවසසේ ඇතිවුණ නයිල් සටන ගැන අනාවරණය කරගන්න අරමුනින් කලේ
නයිල් සටන ඇති වුනේ 1798 අගෝස්තු 01 වෙනිදා
මේ සටනින් ප්‍රංශ ජාතිකයින් විතරක් 1700 කට වැඩි පිරිසක් මිය ගියා
ඒ් වගේම සටනට මැදි වෙලා නැව් බොහොමයක් නිකරුනේ මුහුදු බත් වුනා.
මෙන්න මේ ගිළුණු ප්‍රංශ නැව් ගැන හොයන්න තමයි ෆැන්ක් මහත්තයා පර්යේෂණය ආරම්භ කලේ
පර්යේෂණ සිදුකරගෙන යද්දි තමා ඔහුට රන්භාණ්ඩ හා කාසි හමුවුනේ.
ඒ් ඔස්සේ තමා ඔහු මේ නගරය ගැන හොයන්න පෙළබෙන්නේ
*************
මේ නගරය ගැන ශාස්ත්‍රීය පොත්වල බොහෝ කරුණු තිබෙනවා
ඒ්වා එකිනෙකට පරස්පර වනවා
ඒ් අතර ප්‍රකට මත දෙකක් තියෙනවා
එකක් තමයි හෙලන් නැමති කාන්තාව තම පෙම්වතා වන හාරිස් සමඟ හෙරක්ලියෝන් වලට ආ බවත්
ඒ් අනුව මේ ජනාවාසය ඇතිවුන බවත්.
ඉතිහාස ලේඛන වලට අනුව එන අනිත් මතය තමා හෙරක්ලස් කියන සුප්‍රකට වීරයා ඊජිප්තුවට පැමිනීමෙන් පස්සෙ පලමුවෙන්ම පය තැබු භූමිය මෙය බවත් ඒ් අනුව එහි ජනාවාස ඇතිවී මහා දේවලයක් ඉදිකලබවත් විස්තර වෙනවා.
මේ හැම දෙයක්ම එක්ක නගරයේ පිහිටීම ගැන ඉතිහාස සඳහන් එකක් ගලපලා
2000 වසරේදි මේ සාගර පුරා විද්‍යාඟියින් කණ්ඩායම නගර සිතියම නිර්මානය කලා.
ඇඳපු නගර සිතියමෙන් පස්සේ වඩාත් පැහැදිලි වුනා මේ දැවැන්ත නගරය ගිලිලා සැඟවෙලා තියෙන්නේ අබුබකර් බොක්කේ කියලා.
පැරුණි පොත් වල මේ නගරය සඳහන් කරලා තියෙන්නේ තෝනිස් කියලා.
තෝනිස් කියන්නනේ ග්‍රීක භාෂාවෙන් නගරය හඳුන්වන්න භාවිතා කරපු නම.
මේ සිතියම නිවැරදිව සකස් කරගන්න අවුරුදු 04 කාලයක් පර්යේෂකයන්ට ගත වෙලා තියෙනවා.
හැබැයි සම්පුර්ණ සිතියම සකස් කරලා හමාර කරලා තියෙන්නේ කැණීම කටයුතු හමාරවෙලා අවුරුදු 10 ක් ගතවෙද්දි.
ඉතිහාසය ගැන හොයා ගෙන යද්දි මේ නගරයෙන් මේ තරම් කාසි සහ රත්තරන් හමුවෙන්න හේතුවෙන තවත් අභිරහස් කාරණාවක් තියෙනවා.
ඒ් තමා මේ අතිවිශාල දේවාලය
මේ දේවාලය ඔවුනගේ අසහාය දෙවියන් වූ අමූන් ගෙරෙබ්ගේ විශාල රූපයක්ද සහිතව නිර්මාණය කරලා තියෙනවා
ඒ් අනුව එහි ඉතිහාසය ක්‍රි පූ 4 ත් 6ත් සියවස්වලට දිවයනවා.
ඒ් අනුව ක්‍ලියෝපැට්රා පුදන්න නොව මෙම අමූන් දෙවියන් පුදන්න මෙය නිර්මාණය කරන්න ඇති කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.
මොනව වුනත් මේ දේවස්ථානය සුවකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඒ කාලෙ ගොඩාක් ප්‍රසිද්ධව තිබිල තියෙනවා
ලක්ෂ සංඛ්‍යත මිනිස්සු ඇවිල්ලත් තියෙනවා.
වාර්ශිකව උත්සවයකුත් මෙහි පවත්වලා තියෙන බවටත් සාක්ෂි හමුවෙනවා..
ඒ්කෙ මුහුදෙ ඉදන් ගෙඩබිමට පෙරහැරක් ඇවිල්ලත් තියෙනවා.
කලින් කියපු විදිහට කේන්ද්‍රගත වරායක් සහ මේ දේවස්ථානය නිසා මේ හෙරෙක්ලියෝන් නගරය නිතරම ජනයාගෙන් පිරිලා තිබුණා කියලාත් සඳහන් .
**********************
දැන් කියන්න හදන්නේ මේ විදියට මුහුදු පතුලෙ සැගවුණු නගරය ගැන මුලින්ම ලෝකෙට අනාවරණය වුන විදිය ගැන.
ඒ්ක සිද්ධ වුනේ 1933 දි
අබෝකර් බොක්ක හරහා පියාසර කල ගුවන් නැවියෙක් මේ ජලය යට තියෙන නටබුන් දැකලා තියෙනවා.
මේ ගැන දැනුවත් කලත් කිසිම කොනෙක් මේ ගැන සොයන්න ඉදිරිපත් වුනේ නෑ.
ඒ් කාලේ ඉතිහාසඟයින් විශ්වාස කලේ තෝනිස් සහ හෙරක්ලියෝන් කියන්නේ වෙනම තියෙන නගර දෙකක් කියලා
ඒ් වගේම මේ නගර දෙකම ඊජිප්තු භූමියේ පිහිටලා තියෙනාව කියලා.
නමුත් ආචාර්ය ගොඩ්ඩියෝගේ සොයගැනීම් සමඟ මේ මතය වෙනස් කරන්න වුනා
මොකද නම් දෙකෙන්ම හඳුන්වලා තියෙන්නේ එකම නගරක් නිසා.
කොහොම වුනත් මේ නගයේ තාම කැනීම් කරලා තියෙන්නේ 10 % අඩු ප්‍රමාණයක්
*************
මේ විදිහට තිබුණ නගරය කොහෙමද මුහුණට බිලිවුනේ කියලාත් පර්යේෂන කෙරෙනවා.
ගොඩ්ඩියෝට අනුව මේ නගරය පිහිටලා තිබිලා තියෙන්නේ අස්ථාවර මඩ ස්ථරයක් මත
පසු කාලීනව මුහුදු ජල මට්ටමම ඉහල යාමත් සමග නගරය ගිලිලා තිබෙනවා.
මුළු නගරයම එකවර අඩි 12 ක් පමණ ගිලිලා තියෙනවා මේ වෙද්දි එය අඩි 30 පමණ වෙන බවත් සඳහන් වෙනවා.
මේ ගැන කැනීම් ආරම්භකල සමයේ ආචාර්ය ගොඩ්ඩියෝ කිව්වේ සම්පූර්ණ කැනීම් හමාර කරන්න අවරුදු 200 ක් වත් ගතවේවි කියලා
කොහොම වුනත් 2000 වසර වෙනකල් මානව සංහතියේ මතකයෙන් ගිලී ගොස් තිබුණු හෙරක්ලියෝන් නගරය අපේ මතකයට අයෙම අරන් ආවේ ආචාර්ය ගොඩ්ඩියෝ
මේ නගරයේ කැණීම් වලින් ඉදරියේදි හමුවන අරුම පුදුම දේවල් ගැන ඉදිරි දවසක කියන්නත් අපි සූදනම්
මේ වගේ වැදගත් විස්තරයකින් අපි නැවතත් හමුවෙමු.