ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්.. මතුපිටින් පෙනෙන සුන්දර දෙයක් උනත් ඒ තුල ලෝකයේ පැවැත්මට අවැසි බොහෝ දේ අන්තර්ගත වෙනවා. ගෞරවය, ආදරය,වගකීම්,යුතුක...
ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්.. මතුපිටින් පෙනෙන සුන්දර දෙයක් උනත් ඒ තුල ලෝකයේ පැවැත්මට අවැසි බොහෝ දේ අන්තර්ගත වෙනවා. ගෞරවය, ආදරය,වගකීම්,යුතුකම්,රැකවරණය ,සැනසීම වැනි ගුණාංග ආදර සබදතාවයක පදනම වෙනවා.කාන්තාව සහ පිරිමියා ආදර සබදතාවයකදී විවිධ භූමිකාවන්ගෙන් යුක්ත වෙනවා.ඉතින් කාන්තා ඔබ පිරිමි පාර්ශ්වය සමඟ ජීවිතය බෙදා ගැනීමේදී ඔබ නොසිතා කරන වැරදි කීපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා මේ පිළිබඳව සිතා ඔබත් වගකීම් සහගත සතුටෙන් පිරුණු ශක්තිමත් ආදර සබඳතාවයක් හිමි කෙනෙක් වෙන්න ..
1). සහකරුවාගේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් සැපයීම
සහකරුවාගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සහකාරිය නොකළ යුත්තක්. සමාජීය ගැටළු, රැකියාවේ ගැටලු, පවුල් ආශ්‍රිත ගැටලු, මුදල් සම්බන්ධ ගැටළු වශයෙන් මේවා දක්වන්න පුළුවන්. මේ ආකාර ගැටළු වලදී ස්ත්‍රී පාර්ශවය මැදිහත් වී විසදුම් ලබා දීමෙන් සිදුවන්නේ ඉදිරිය සඳහා ද ඔහු ස්ත්‍රියගෙන් ම විසඳුම් බලාපොරොත්තු වීමයි. එහිදී ඔහුගේ පෞරුෂය සහ ධෛර්යය සම්පන්න බව හීන වීම සිදුවෙනවා .
2). මානසිකව ඇදවැටෙන සෑම විට ම ඊට පිළියම් ලබා දීම
මනසින් ඇදවැටීම අප සැම දෙනාටම පොදු අත්දැකීමක් .නමුත් ආදර සබඳතාවයක දී සහ විවාහ ජීවිතය තුළදී එදිනෙදා ජීවිතය තුළදී මනසින් ඇද වැටුණු අයෙකු අපට බාහිරව එකවරම හඳුනාගත නොහැකියි.විශේෂයෙන් පිරිමි පාර්ශවය මෙවැනි තත්ත්ව සඟවා සඟවා සිටීමට උත්සාහ දරනවා . මානසිකව ඇද වැටී සිටින පිරිමින්ව සැනසීමට ලක් කිරීමට බොහෝ විට කාන්තාවන් යොමු වෙනවා. සෑම විටම එසේ කිරීමෙන් පිරිමි පාර්ශවය ඕනෑකමින් වැරදි කරමින් තමාගේ අඩුපාඩු නිවැරදි කිරීමට උත්සාහ නොගෙන සිටීමට යොමු වෙනවා.
3) සහකරුවාට නිතරම මිල අධික තෑගි ලබාදීම.
තෑගි දීම සබඳතාවලදී අතිශය සුලබ තත්ත්වයක්. නමුත් දෙදෙනාගේම ආර්ථික තත්ත්වයන් සමාන නොවන විටදී ඔබ මිලින් අධික දේවල් අනෙකාට තිළිණ කළ හොත් ඔහුට මනසින් පසුබෑමේ ස්වභාවයක් ඇති විය හැකියි .
4) "මම කිව්වනේ" යැයි ප්‍රකාශ කිරීම.
බොහෝ කාන්තාවන් පිරිමි පාර්ශවයෙන් කිසියම් වරදක් සිදු වූ විට "මම කීවනේ" යැයි කීමට යොමු වී, එය පුරුද්දක් කරගෙන සිටිනවා. නිතරම මෙසේ කිරීමෙන් ඔබ ඔහුට වඩා බුද්ධිමත් බව ඉස්මතු කිරීමක් සිදුවෙනවා. මෙය දිගින් දිගටම සිදු වීමෙන් ඔහු නො වටිනා පුද්ගලයෙක් යැයි සිතීමට පටන් ගන්නවා
5) ඔබේ පෙනුම ඔහුට කැමැති පරිදි වෙනස් කිරීම
ප්‍රේම සබඳතාවයක් පටන් ගත් විට පිරිමියාට කැමති පරිදි ඇහි බැම සැකසීම, ඔහු කැමති ආකාරයේ විලාසිතාවන්ගේ ඇඳුම් ඇඳීම, කොන්ඩය සැකසීම ලංකාවේ කාන්තාවන් බොහෝ විට සිදු කරනවා. නමුත් මෙය කාන්තාවන්
සිදු නොකළ යුත්තක් .ඔබ වීමට හැකිතාක් උත්සහ කළ යුතුයි .
6) ඔබේ පෞද්ගලික ජීවිතය හා වෘත්තිය ජීවිතය අතහැරීම.
ඔබගේ සහකරුවා කෙතරම් ධනවතෙක් වුවත්, ඔබට කෙතරම් මුදල් වියදමට ලබා දුන්නත් ඔබේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතය කැප කරන්න එපා. එවිට ඔබට ඔබ ගැන හීනමානයක් අඩු වටිනාකමක් දැනෙන්නට පටන් ගනීවි. ඔබ සෑම විටම ආර්ථික සමාජයීය අංශයෙන් ඉහළ සිටීමට වගබලා ගත යුතුයි .සෑම විටම ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ දැයි සිතා බලා ක්‍රියා කිරීම කාන්තා ඔබේ යුතුකමක්.
සටහන - තරුෂි ඉෂාරා.