Logo
Logo

දහම් ඇස පහල විය... ( චක්ඛුං උදපාදී)

බුද්ධ වර්ෂ 2565 වන වෙසක් ත්‍රෛමංගල්‍යය නිමිත්තෙනි...    අතුපතර අරාගිය මලින් ගැවසීගත් ලුම්බිණි සාල වනපියස වෙනදා නැති තරම් ශෝභමාන විය. දහසක් ම...


බුද්ධ වර්ෂ 2565 වන වෙසක් ත්‍රෛමංගල්‍යය නිමිත්තෙනි...

   අතුපතර අරාගිය මලින් ගැවසීගත් ලුම්බිණි සාල වනපියස වෙනදා නැති තරම් ශෝභමාන විය. දහසක් මල් සුවඳින් ප්‍රමුදිතව  මදනල ද ඉපිල ගියාක් බඳුවිය. සියොතුන්ගේ ප්‍රීති ප්‍රමෝදයෙන් වනය ගිගුම් දී ගියේය. අහස් ගඟ සිසාරා දෙව්බඹුන් අතුරු සිදුරු නැතිව පිරීඉතීරී ඒ අසිරිමත්, දුර්ලභ මොහොත එළඹෙන තුරු කල් බැලූහ.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා අවසන, සත්ත්වයාගේ විමුක්තිය සලසාලන මහා ශ්‍රේෂ්ඨයෙකුගේ උත්පත්තය මහා සිංහනාද පවත්වමින් මෙසේ සිදුවූ සේක.

භව දුකට පිලියම් සොයන්නට සත්‍යගවේණයේ යෙදෙමින් බොහෝ කම් සැපද, අනන්ත දුක් දොම්නස් ද විඳ දරා අවසන මැඳුම් පිළිවෙතින් සසර දුක්  නිමාකල සේක. කල් ලක්ෂයක් පිරූ පෙරුමන්  උතුම් වෙසඟේ සපථ විය.  එදා පටන් සෑම පියවරක්ම වෙහෙසුනේ අසරණ ලෝක සත්ත්වයාගේ විමුක්තිය සඳහාම විය. මෙසේ අසූ වසරක් පරාර්ථචර්‍යාවේ  යෙදී බුද්ධ කෘත්‍ය නිමා කරන පරිනිර්වාණය එලඹින. මහපොළොව කම්පා වී සලිත වී සම්බුදුන් පා පියුම් අභියස හඬා වැටින. සුවහසක් දෙව් මිනිස් ලෝවැස්සන් අසාර සසරින් එතෙර වන්නට  ආලෝකය දුන් සඳමඬල  නිවී ගියහ.

මේ එලැඹී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එලැඹෙන 2565 වන වෙසක් මංගල්‍යය යි. අන් වර්ෂවලදී මෙන් අපට ආමිස පූජාවෙන්, උත්කර්ෂවත් ලෙස බුදුන් පුදන්නට මෙවර නොහැකි වී තිබේ. පැතිරයන වසංගත තත්වයත් සමඟින් ජීවිතයේ අනියතබව ද දිනෙන් දින  පසක් වෙමින් පවතී. බුදුරදුන් දෙසූ සේම නිස්සාර වූ ජීවිතයට, දැන් පැමින ඇත්තේ විරාමයකි. මෙවන් අසීරු කාල පරිච්ඡේදයක නිවසටම වී හිඳින අතරතුර ඒ මහා ත්‍රෛමංගල්‍යය අප සමරන්නේ කෙසේද ?

  අප මහා බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා මහා පරිනිර්වාණය සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනය සුවහසක් බොදුනුවන්ට අප්‍රමාදීවීමේ සංඣ්ඣාව සිහිපත් කරවන දිනයයි. බුදුහිමියන් දෙසූ පරිදිම පූජාවන් අතර අග්‍ර වූ උතුම් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්නට මේ කාලයයි.

   අප සෑම විටම බුද්ධ පූජා සඳහා සංවර මෙන්ම සංයමයක් සහිත පූජා මාධ්‍ය සකස් කරගැන්ම උතුම් වේ. වෙනදා මෙන් බෝධිපූජා, පෙරහර, මල් පූජා, තොරන්, දන්සල් නැතත්, නිවෙස්වලටම වී සීල සමාදානයේ යෙදී දස පාරමිතා ප්‍රගුණ කරමින් දස කුසල්හි යෙදෙමින්, අරි අටඟි මඟ වැඩීමේ මහඟු භාග්‍ය අපට උදාවී තිබේ. 

   එසේම දුරාතීතයේ පටන් පැවත එන හෙල බොදු සංස්කෘතික දායාදයන් මතු පරපුරට උරුම කොට දී සැබෑ සිංහල බොදු වටිනාකම් මතුකර හෙල සාරධර්ම නම් මිණිමුතු නැවත ඔපලා ගැන්මටද මේ යෝග්‍යම කාලයයි.

   එසේනම් සැබෑ බොදුනුවන් ලෙසින් වෙසක් පොහෝ දින සැබෑ අරුත් වටහාගෙන, ජීවිත යථාර්ථයන් අවබෝධ කරමු. සදාචාරයවත් සමාජයකට අත්තිවාරම තනමු. 

තෙරුවන් සරණයි. 


සටහන - ජී.ජී.නිල්මිණි සුගන්දිකා ප්‍රේමදාස

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: දහම් ඇස පහල විය... ( චක්ඛුං උදපාදී)
දහම් ඇස පහල විය... ( චක්ඛුං උදපාදී)
https://1.bp.blogspot.com/-0umsZ0KeWZI/YK3FVerXktI/AAAAAAAADyk/0yLPmsn8b78Rq0enf0oJSSaJChitpfCegCLcBGAsYHQ/s16000/silhouette-of-buddha-on-golden-temple-sunset-backg-New-lifeline.jpg
https://1.bp.blogspot.com/-0umsZ0KeWZI/YK3FVerXktI/AAAAAAAADyk/0yLPmsn8b78Rq0enf0oJSSaJChitpfCegCLcBGAsYHQ/s72-c/silhouette-of-buddha-on-golden-temple-sunset-backg-New-lifeline.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/05/26-vesak-special.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/05/26-vesak-special.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content