මොකක්ද මේ සිරගතවීම දෑතේ ඇගිලි එකට එකක් විවිධාකාර වනවා වගේම මිනිසාත් විවිධාකාරයි. මේ විවිධ බව මත පිහිටා දෛනිකව නොයෙක් වැඩ කටයුතු වල අප නි...
මොකක්ද මේ සිරගතවීම
දෑතේ ඇගිලි එකට එකක් විවිධාකාර වනවා වගේම මිනිසාත් විවිධාකාරයි. මේ විවිධ බව මත පිහිටා දෛනිකව නොයෙක් වැඩ කටයුතු වල අප නිරත වීම පොදු දෙයක් .ඒ සෑම අවස්ථාවකදීම අපගේ සිත ඒ කාර්යයේ ම පවතිනවා ද යන්න මදක් සිතා බැලිය යුතු වැදගත් දෙයක් වෙනවා. හිත එක තැනක ඉඳල තවත් තැනකට යොමු වන්නේ ඇසිපිය ගසන සැනින් නිරායාසයෙන් බව ඔබටත් මටත් පොදු අත්දැකීමක්. "ධූරං ගමං ඒක චරං" ලෙසට බුදුන් වහන්සේ සිත පිළිබඳව දේශනා කරලා තියෙන්නේ මේ ස්වභාවය නිසා .මිනිස් සිතේ ඇතිවන ආශාවන්ට වහලෙක් සිරකරුවෙක් බවට මිනිසා පත් වන්නේ ඉන් මිදීමට බැරි ආකාරයටයි .
හිතත් එක්ක කරන ගනුදෙනු
මෙන්න මේ වගේ සිතේ වහලෙක් බවට පත්වීම ඊ ඩබ්ලිව් අදිකාරම් සූරීන් දෙයාකාරව දක්වනවා. ඔබ මම ඇතුළු සියලු දෙනා මේ මොහොතේ ඒ වගේම සෑම වෙලාවකම කිසියම් හෝ දෙයක් අරබයා ඊට මත් වී පැහැදිලි සිහියෙන් තොරව සිටිනවා. එසේ නොමැතිව වර්තමානය සමග සිත මෙහෙයවා අප සිටින්නේ කොයි තරම් කලාතුරකින් ද ?
ඒ වාගේම ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය විදිහටත් පුරුදුවලට යොමුවීමෙන් අපි මත් වූ ස්වභාවයකට පත් වෙනවා .මත්පැන් ,සූදුව ආදිය මත මත්වීම ද්‍රව්‍යමය මත් වීමයි. කුලය ජාතිය, තරාතිරම, රූපය, සිල්වත්කම අපව මත් කරන අනෙක් ආකාරය විදිහට දක්වන්න පුළුවන්..
එදිනෙදා සතුටින් ඉන්න අපිත් මෙහෙම කරනවා නේද ?
ලෞකික සත්වයා ජීවිතයේ ගැටලුවලින් මිදීමට ඇති කැමැත්ත නිසාම බොහෝ විට ප්‍රියකරන්නේ , පැහැදිලි සිහියෙන් සිටීමට වඩා මත් වී නිවැරදි සිහියෙන් නොසිටීමටයි .ඒ නිසාම එළැඹි සිටි සිහියෙන් යුතුව කරන සතිමත් සන්නිවේදනය (Mindfull communication) අප අතර භාවිත වන්නේ ඉතාමත් අල්ප වශයෙන්.. බෞද්ධාගමික අපට බුදුන් වහන්සේ වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ජීවිතය සමබර කර ගැනීමෙන් නිවැරදි සිහිය ගොඩනඟාගත හැකි වන බව මහාචාර්ය මාක් පියර්සන් ද ප්‍රකාශ කරනවා.
ප්‍රශ්න වලට විසදුම් සෙවීමට නිවැරදි පැහැදිලි සිතක් භාවිතා කිරීම ලෞකික අපට දුෂ්කර කටයුත්තක් වෙනවා. ඒ නිසා ඉන් මිදී පලා යාමට තම පුරුද්දක් භාවිතා කිරීමට ,එනම් සුරාව සූදුව විනෝදවීම ,දෙවියන් යෙදීමට අප නිරායාසයෙන් නැඹුරු වෙනවා .නිරන්තරයෙන් මේ ආකාරයේ පුරුදු වලට යොමු වීමෙන් මත් වී ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට ඒවා පත්වීම අවසානයේ සිදු වෙනවා .
මේ නිසා හොඳ හෝ නරක ප්‍රයෝජනවත් හෝ නිෂ්ප්රයෝජන කවරාකාර පොතකට බැඳුණු මිනිසා අවසානයේ නිදහස් සිතකින් තොර සිරකරුවෙක් වෙනවා.
සටහන - තරුෂි ඉෂාරා